Wednesday, February 4, 2015

2015 පෙබරවාරි මාසය ලග්න 5කට සුබ ඵල

by Api Nodanna Live  |  in Life at  10:32 AM


දැනට මකර රාශියේ ගමන් කරන රවි පෙබරවාරි 13 කුම්භ රාශියට සංක්‍රමණය වේ. දැනට කුම්භ රාශියේ ගමන් කරන කුජ 12 දින මීන රාශියටද, දැනට කුම්භ රාශියේ ගමන් කරන සිකුරු 16 දින මීන රාශියටද සංක්‍රමණය වේ.
මාසය තුළ එක් එක් ග්‍රහයන් සැරිසරන රාශි, භාව හා දෘෂ්ටි ආදී ‍ජ්‍යොතිෂ රීතීන් සලකා බලා එක් එක් ලග්න හිමියන්ට සිදුවිය හැකි යයි අනුමාන කරන සරල පලාපල ප්‍රකාශනයක් පහත දැක්වේ.
කිසිවෙකු කිසිවිටෙක මෙම ශුභා ශුභ ප්‍රකාශයන් නියත ලෙස ස්වකීය ජීවිතයට බද්ද වේ යැයි සිතිය යුතු නැත.
පෙර සසර කුසල අකුසල පලදෙන ආකාරය පිළිබඳව ගොඩනැගී ඇති ‍ජ්‍යොතීර්වේදයේ එවැනි දුබල ඵල විපාක මග හරවා ගෙන සුඛිත මුදිත ජීවිතයක් ගොඩනගා ගන්නා ආකාරය ලොව පිළිගත් සෑම ආගම දහමකම මැනවින් පහල දී තිබේ.
කරුණාව, දයාව පෙරටු කරගත් නිවැරදි ජීවිත මාර්ගයක් තුළින් සියලු අරිටු දෝෂ මග හරවා සාර්ථක ජීවිතයක් ගොඩනගා ගත හැකි බව සිතට ගන්න.

මේෂ ලග්නය
චිත්ත ධෛර්ය වැඩිවීමක්
ධෛර්යමත් ස්වභාවය මෙන්ම නිසල සැනසිලිදායක ස්වභාවයෙන් යුක්ත මානසික තත්ත්වයක් ගොඩනැගේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවීම මෙන්ම ඒ පිළිබඳව වැඩි දුරටත් කරුණු සොයා බැලීම සඳහා වැඩි උනන්දුවක් ඇතිවේ. මේ සඳහා අතහිත දෙන ධෛර්යය ලබාදෙන මිතුරු කැලකගේ ඇසුරද ඇතිවේ.
නිවසේ සාමාජිකයන් අතර සුළු මත භේද ඇතිවුවත් ඒවා පහසුවෙන් නිරාකරණය කර ගෙන නිවස තුළ සතුට හා සාමය ආරක්ෂා කර ගෙන කටයුතු කිරීමේ හැකියාව ඇතිවේ.
උදාසීන ගති හා බාධක ආශ්‍රයන් ඇතිවීම වැනි හේතූන් අනුව ඉගෙනීමේ කටයුතු වලට තරමක බාධා සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් උනන්දුවෙන් කටයුතු කළ යුතුය.
රැකියා කටයුතුවලදී බාධක සුළු සිද්ධීන් ඇති වුවද එමගින් ඔබේ ධෛර්යයේ හෝ කැපවීමේ අඩුවක් සිදු නොවන නිසා සියලු දෙනාගේ ප්‍රසාදය ලබා ගනිමින් කටයුතු කිරීමේ හැකියාව ඇතිවේ. ආදායම්වල හොඳ ප්‍රගතියක් සිදුවේ. හදිසි ධන ලාභවලටද වාසනාව තිබේ.
ප්‍රබල රෝගාබාධ නැත. ඌෂ්ණය ආශ්‍රයෙන් ඇතිවන උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

වෘෂභ ලග්නය
රැකියා කටයුතුවල දියුණුවක්
උදේ‍යා්ගය සහ ධෛර්යය ඉහළ ආකාරයෙන් පවතී. මේ තත්ත්වය අධිවේගී ස්වභාවයට පත් වීමෙන් අනවශ්‍ය ගැටලුද ඉස්මතු වීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය.
බාධක මිතුරන්ද කිට්ටු වන අතර ඔවුන්ගෙන් ඔබට අවැඩක් නොවන ලෙස නිසි අවවාද අනුශාසනා ලබාදෙන ප්‍රමුඛ මිතුරු කැලකගේ ඇසුරද ඇතිවේ.
නිවස තුළ නොසන්සුන්තාවයන් ඇති කරන බාහිර බලවේග ඇතිවුවත් ඒවා පිළිබඳව නිසි අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීමේ ශක්තිය ඇති වන නිසා සාමය සමගිය ආරක්ෂා කර ගැනීමට හැකිවේ.
ඉගෙනීම පිළිබඳව උනන්දුවේ සහ කැපවීමේ අඩුවක් සිදු නොවුණත් බාධක ආශ්‍රයන් නිසා පසුබෑම් ඇතිවිය හැකි බැවින් සැළකිලිමත් වන්න.
රැකියා කටයුතු පිළිබඳව හොඳ ප්‍රගතියක් ඇතිකර ගැනීමට හැකිවේ. ඔබ ඒ පිළි
බඳව හොඳ උනන්දුවකින් හා කැපවීමෙන් කටයුතු කරයි.
මේ නිසා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදය දිනා ගනිමින් කටයුතු කරගෙන යාමට හැකිවේ. ආදායම්වල දියුණුවක් සිදුවේ. හදිසි ධනලාභවලටද වාසනාව තිබේ.
සෙම හා රුධිරය ආශ්‍රිත රෝග, උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

මිථුන ලග්නය
යහපත් ගෘහ ජීවිතයක්
සිතිවිලිවල කැළඹිලි ස්වභාවයක් මෙන්ම අධිවේගී ස්වභාවයක් උද්ගත වීමට ඉඩ තිබේ. මාසයේ මධ්‍ය භාගයේ සිට මෙම තත්ත්වය ක්‍රමයෙන් මග හැරී යයි.
ඔබට නිසි අවවාද අනුශාසනා ලබා දී ඔබට යහමග පෙන්වා දෙන ලෙන්ගතු මිතුරු පිරිසකගේ ඇසුරද ලැබේ.
මේ සියලු තත්ත්වයන් තුළ ඔබට සතුටින් සෙනෙහසින් පිරි ගෘහ ජීවිතයක් ගත කිරීමේ වාසනාවද ලැබේ. එකිනෙකා අතර හොඳ සහයෝගයක් හා සාමදානයක් පවතී.
උදාසීන ගති, බාධක ආශ්‍රයන් ඇතිවීම යන හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවලට අවහිරතාවයන් ඇතිවිය හැකි බැවින් සැලකිලිමත්ව කටයුතු කළ යුතු වේ. ගුරු, දෙමාපිය, වැඩිහිටි ආදීන්ගෙන් ඉගෙනීමේ කටයුතු සඳහා ඔබට හොඳ සහයෝගයක් ලැබේ.
රැකියා කටයුතුවලදී සුළු බාධක හා කලකිරීම් ඇතිවුවත් ඒවා බාධාවක් නොකරගෙන සාර්ථකව කටයුතු කරගෙන යාමේ හැකියාව ඇතිවේ. ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ නොමඳ පැසසුම් ලැබේ. ආදායම්වල ඉහළ දියුණුවක් සිදුවෙයි. හදිසි ධනලාභ වාසනාවද තිබේ.
සෙම් රෝග, උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ස්නානය හා ආහාර පාන ගැන සැලකිලිමත් විය යුතුය.

කටක ලග්නය
ආවේගශීලී මානසික ස්වභාවයන්
වරින් වර සිතිවිලිවල චංචල නොසන්සුන් ස්වභාවයන් ඇතිවුවත් බහුලව ආගමික පුද පූජාවන්ට නැඹුරු වන නිසා ඒවා මැඩ පවත්වා ගෙන යහපත් මානසික තත්ත්වයක් ගොඩනගා ගැනීමට හැකිවේ.
ඒ සඳහා උදව් උපකාර කරන ඔබ උනන්දු කරවන මිතුරු පිරිසකගේ කිට්ටු ඇසුරද ඇතිවේ.
ඔබේ ආවේගශීලී ස්වභාවයන් නිසා පවු‍ලේ සාමාජිකයන් අතර අමනාපකම් ඇතිවුවද ඉහත කී මානසික ස්වභාවය අනුව තරමක නම්‍යශීලී ගතියක් ගොඩනැගෙන නිසා බරපතළ අර්බුද ඇති නොවේ.
උදාසීන ගති ඇතිවීම , බාධක ආශ්‍රයන් ඇතිවීම යන කාරණාවන් හේතුකොට ගෙන ඉගෙනීමේ කටයුතුවල තරමක පසුබෑමක් සිදුවීමට ඉඩ තිබෙන නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න.
සුළු කාරණාවන් ඇති වුවත් ඒවා මැඩ පවත්වා ගෙන උනන්දුවෙන් සාර්ථකව රැකියා කටයුතු කරගෙන යාමේ අවස්ථාව සැලසේ. ප්‍රධානීන්ගේ සහ හිතවතුන්ගේ සහය ඒ සඳහා ඔබට ලැබේ. ආදායම්වල ඉහළ යාමක් සිදුවන අතරම අනපේක්ෂිත වියදම් යෙදීමටද ඉඩ තිබෙන නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.
ප්‍රබල රෝගාබාධ නැත. සෙම් දෝෂ ආශ්‍රයෙන් හිස සහ ඒ අවට ප්‍රදේශවල රෝගී තත්ත්වයන් ඉස්මතු විය හැකි නිසා ප්‍රවේශම් වන්න.

සිංහ ලග්නය
වියදම් වැඩිවීමක්
වරින් වර සුළු නොසන්සුන්තාවයන් හා උදාසීන ගති ඉස්මතුවීමට ඉඩ තිබේ. මේ තත්ත්වය ඔබේ වැඩ කටයුතුවලට බාධාවන් ඉඩ නොතබන උත්තේජනයන් ඇති කරන ළෙන්ගතු මිතුරු පිරිසකගේ ඇසුර ලැබිම ඔබට ආශීර්වාදයක් වන්නේය.
විවිධ සුළු ප්‍රශ්න හේතු කොට ගෙන පවු‍ලේ සාමාජිකයන් අතර සිත් බිඳීම්වලට ඉඩ තිබෙන නිසා ඔබේ මතයම ඉස්මතු නොකර අන්‍යයන් ගේද අදහස් විමසා බලමින් ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ.
සුළු වශයෙන් ඉගෙනීමේ කටයුතු සඳහා අවධානය අඩුවීමේ දුර්වලකමක් පවතින අතර මේ තත්ත්වය මග හරවා ගත්විට උසස් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ඇතිවේ.
රැකියා කටයුතු වඩාත් සාර්ථකව කරගැනීමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගේ. ඒ සඳහා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ උපරිම සහයෝගය ලැබේ. ආදායම් සුපුරුදු ආකාරයෙන් පවතින අතර වියදම්වල ඉහළ යාමක් සිදුවීමට ඉඩ තිබෙන නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.
රුධිරය හා සෙම රෝග ආශ්‍රිත රෝග වලට ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

කන්‍යා ලග්නය
අධ්‍යාපනයට බාධාවන්
සිතිවිලිවල ආවේගශීලී ස්වභාවයක් හා නොසන්සුන්තාවයක් ඉස්මතු වීමට ඉඩ තිබෙන නිසා වැඩි කාලයක් ආගම දහමට නැඹුරු වී කටයුතු කිරීම අවශ්‍ය වේ. මේ සඳහා වාසනාවකට මෙන් ඔබට අත හිත දෙන ඔබ සුමගට යොමු කරන ලෙන්ගතු මිතුරු පිරිසකගේ කිට්ටු ඇසුර ලැබේ.
සුළු මත ගැටුම් ඇතිවුවත් ගෘහ ජීවිතයේ සාමයට එය අභියෝගයක් නොවන අතර අවසානයේ සියල්ලන් සතුටින් එකමුතු වන තීන්දු තීරණවලට එළඹීමේ හැකියාව ඇතිවේ.
උදේ‍යා්ගය හා අවධානය අඩුවීම , බාධක ආශ්‍රයන් වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතු වලට බාධා සිදුවිය හැකි බැවින් සැලකිලිමත්ව කටයුතු කරන්න.
රැකියා කටයුතුවල සුළු නොසන්සුන්තාවයන් හා චංචල වීම් සිදුවීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. ප්‍රධානීන් හා හිතවතුන් අතරද මත ගැටුම් ඇතිවිය හැක.
ආදායම්වල ඉහළ යාමක් සිදුවන අතරම අතිරේක වියදම්වල ඉහළ යාමක් සිදුවීමටද ඉඩ තිබේ.
රුධිරය ආශ්‍රිත රෝග හා උදරාබාධ ආදියට වැඩි ඉඩක් පවතී.

තුලා ලග්නය
සෞඛ්‍ය යහපත්
අතිධාවන සිතුම් පැතුම් හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ඇති වීමටත් ඒ අනුව අනවශ්‍ය ගැටලු ඇතිවීමටත් ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. මේ අතර ඔබට ප්‍රමුඛ අවවාද අනුශාසනා ලබා දෙමින් ඔබට නිසි මග පෙන්වා දෙන හිතවත් මිතුරු කැලකගේ ඇසුරද ලැබේ.
සියලු කාරණාවන් අතර ඔබට ඔබේ නිවස තුළින් හොඳ ගැම්මක් හා ආශිර්වාදය හිමි වන පරිසරයක් නිර්මාණය වේ.
සංයමය හා අවධානය අඩුවීම වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි තත්ත්වයක් ඇතිවිය හැකි නිසා සැලකිලිමත් වන්න.
මේ සියලු දුර්වලතාවයන් අතර වුවද රැකියා කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගී පවතී. ඒ සඳහා අන්‍යයන්ගේ අනුග්‍රහයද මැනවින් ලැබේ.
ආදායම් වල දියුණුවක් සිදුවන අතර අතිරේක ආදායම් මාර්ගද හෙළි පෙහෙලි වෙයි.
ප්‍රබල සෞඛ්‍ය දුර්වලතාවයන් නැත.

වෘශ්චික ලග්නය
අධ්‍යාපනයට යහපත්
වරින්වර අධෛර්යමත් නොසන්සුන් ස්වභාවයන් ඉස්මතු වුවත් ඔබ ප්‍රබලව ආගමික කටයුතුවල නිරත වන නිසා එම මන්දගාමී තත්ත්වය මග හරවා ගැනීමට හැකිවේ.
මේ සඳහා ඔබ දිරිමත් කරන යහපත් මිතුරු කැලකගේ උදව් උපකාර හා ආශිර්වාදයද ලැබේ.
ඇතැම් මත ගැටුම් ඇති වුවත් සමස්තයක් ලෙස සාමකාමී වට පිටාවක් නිවස තුළ පවතී.
එකිනෙකා හොඳ අවබෝධයෙන් හා සහයෝගයෙන් කටයුතු කරයි.
ඉගෙනීමේ කටයුතු පිළිබඳව හොඳ උනන්දුවක් හා කැපවීමක් ඔබ තුළ ගොඩ නැගේ. මේ සඳහා දෙමාපියන්, ගුරුවරුන් හා වැඩිහිටි යන්ගේද නොමඳ සහයෝගය හා ආශිර්වාදය ලැබේ.
සුළු බාධාවන් ඇති වුවද ඒවා අභිබවා උනන්දුවෙන් හා තෘප්තියෙන් යුක්තව රැකියා කටයුතු කරගෙන යාමේ අවස්ථාව සැලසේ. ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ නොමඳ සහය ඒ සඳහා ලැබේ.
ආදායම් වල වැඩි දියුණුවක් සිදුවෙයි. අතිරේක ආදායම් මාර්ග ඇතිවේ.
උදරාබාධ, සෙම් රෝග ආදියට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

ධනු ලග්නය
කළණ මිතුරු ඇසුරක්
මනස කළඹන සුළු සිද්ධීන් ඇතිවුවත් ඒවා යටපත් කරගෙන සාර්ථකව ජීවිතයට මුහුණ දීමේ පරිසරයක් ගොඩ නැගේ. ඔබ නිරතුරුව අදහන ඒ සඳහා ඇප කැප වන ආගමික කටයුතුවලින් ලබන පන්නරය මේ සඳහා හේතු සාධක වේ.
ඔබට උපකාර කරන ආසිරි පතන කළණ මිතුරු කැලක්ද ඔබ සමග එක්වේ.
නිවස තුළ සුළු ආරවුල් තත්ත්වයක් හා මතභේද නිවස තුළ ඇති වුවත් ඒවා ප්‍රවේශමෙන් යටපත් කරගෙන සුහදශීලී වාතාවරණයක් ගොඩ නගා ගැනීමට හැකිවේ.
ඉගෙනීමේ කටයුතු පිළිබඳ සුළු දුර්වලතාවයක් ඇති වන්නේ උනන්දුව අඩුවීම හා උදාසීන ගති ඉස්මතු වීම නිසාය. මෙය නිසි ලෙස අවබෝධ කරගෙන උනන්දුවෙන් කටයුතු කරන්න.
රැකියා කටයුතුවල සුළු අවුල් තත්ත්වයන් ඉස්මතු වුවත් ඔබ ඒවා බාධාවන් කර නොගෙන සාර්ථකව කටයුතු කරගෙන යාමට අවස්ථාව සකස් කර ගනී. මේ නිසා අන්‍යයන්ගේ ප්‍රසාදයට පත් වෙමින් තෘප්තිමත්ව රැකියා කටයුතු කළ හැකිවේ.
ආදායම් සුපුරුදු තත්ත්වයේ පවතින අතර අනවශ්‍ය වියදම් වල ඉහළ යාමක් සිදුවිය හැකි නිසා ප්‍රවේශම් වන්න.
සෙම හා රුධිරය ආශ්‍රිත රෝගවලට වැඩි ඉඩක් තිබේ.

මකර ලග්නය
ආදායම්වල වර්ධනයක්
වරින් වර මානසික උද්වේගකාරී ස්වභාවයන් ඉස්මතු වුවත් ඒවා සමනය කර ගෙන කටයුතු කිරීමේ හැකියාව ඇතිවේ. දැඩිව පවතින ආගමික විශ්වාසයන් හා ඒ ඔස්සේ කටයුතු කිරීම මෙසේ සමතුලිතභාවය ගොඩ නගා ගැනීමට ඉමහල් වේ. එම කටයුතු සමග සම්බන්ධ මිතුරු පිරිසකගේ උදව් උපකාර හා ආශිර්වාදයද ඔබට හිමිවේ.
පවු‍ලේ සාමාජිකයන් හොඳ අවබෝධයක් හා එකමුතු කමක් ගොඩනැගේ. මේ නිසා තෘප්තිමත්ව ගෘහ ජීවිතයේ කටයුතු කරගෙන යාමට හැකිවේ.
බාධක ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතුවල ප්‍රමාදයන් සිදුවීමට ඉඩ තිබෙන නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. මේ තත්ත්වය අවබෝධ කරගෙන ප්‍රවේශමෙන් කටයුතු කළොත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වකවානුවකි.
රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය වේ. සියල්ලන්ගේ සහයෝගය හා ආශිර්වාදය ලබා ගනිමින් තෘප්තිමත්ව කටයුතු කළ හැකි වේ.
අතිරේක ආදායම් මාර්ග ඇතිවේ. ආදායම් ඉහළ යයි. හදිසි ධන ලාභ පවතී.
සෙම ආශ්‍රිත රෝගවලට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

කුම්භ ලග්නය
කාර්යශූර ජීවන රටාවක්
ධෛර්යය, උනන්දුව හා සිතේ සහනශීලී ස්වභාවය යන ගුණාංග පවතී. මේ නිසා තෘප්තිමත් සමාජ ඇසුරක් මෙන්ම කාර්යශූර ජීවන රටාවක්ද ගොඩනැගේ. ඔබට අතහිත දෙන හා ආසිරි පතන මිතුරු කැලකගේ ඇසුරද ඇතිවේ.
පවු‍ලේ සාමාජිකයන් අතර ඔබේ මතයම ඉස්මතු කරමින් අන්‍යයන්ගේ අදහස් යටපත් කර කටයුතු කිරීමට උත්සාහ ගැනීම නිසා අනවශ්‍ය අවුල් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
උදාසීන ගති උනන්දුව අඩුවීම හා බාධක ආශ්‍රයන් වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවල දුර්වලතාවයන් ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන්, උද්‍යෝගයෙන් කටයුතු කරන්න.
ආයතනයේ සියලු දෙනාගේ සහයෝගය හා ආශිර්වාදය ඇතිව රැකියා කටයුතු කරගෙන යාමේ වාසනාව ලැබේ. ආදායම් වල ඉහළ යාමක් සිදුවෙයි. අතිරේක ආදායම් මාර්ග ඇතිවෙයි. හදිසි ධන ලාභ වලට වාසනාව තිබේ.
සෙම් රෝග, උදරාබාධ ආදියට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

මීන ලග්නය
නොසන්සුන් මානසික ස්වභාවයක්
පසුතැවිල්ල, කලකිරීම හා නොසන්සුන්තාවය වැනි මානසික ස්වභාවයන් වරින් වර ඉස්මතු වේ. එහෙත් ඔබ තුළ පවතින දැඩි ආගමික විශ්වාසය හා ඒ සඳහා කරන වැඩි කැප කිරීම් නිසා එමගින් ලැබෙන ශක්තියෙන් සහනය සලසා ගැනීමේ හැකියාව ඇතිවේ.
නිවසේ එකිනෙකා අතර විවිධ මත ගැටුම් ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා බුද්ධිමත්ව විමසිලිමත්ව කටයුතු කළ යුතුවේ. සියල්ලන්ගේ අදහස්වලට සවන් දෙමින් බුද්ධිමත්ව තීන්දු තීරණ ගැනීම අවශ්‍යය.
ඉගෙනීමේ කටයුතුවලින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්ථාව සැලසී තිබේ. දෙමාපිය, ගුරුවර, වැඩිහිටි ආදීන්ගේ නොමද සහය ඒ සඳහා ඔබට ලැබේ.
රැකියා කටයුතු වඩාත් සාර්ථකව හා තෘප්තිමත්ව කරගෙන යාමේ අවස්ථාව සැලසේ. හිතවතුන්ගේ හා ප්‍රධානීන්ගේ නොමද සහය ඒ සඳහා ඔබට ලැබේ. ආදායම් සුපුරුදු ආකාරයට පවතින නිෂ්ඵල වියදම් ඉහළ යාමේ ඉඩක් පවතින නිසා සැලකිලිමත් වන්න.
නහර ස්නායු ආශ්‍රිත රෝග හා උෂ්ණය නිසා වැළඳෙන රෝග ආදියට ඉඩ තිබේ.

0 comments:

Proudly Powered by Blogger.