Friday, December 5, 2014

රහසින් දුසිරිතේ යෙදෙන කාන්තාවන් කේන්දරයෙන් හදුනා ගන්න

by Api Nodanna Live  |  in Life at  1:09 AM

ලොව පැරණිතම රැකියාව වශයෙන් සැලකෙන ගණිකා වෘත්තීය ජිවනෝපාය කරගත් කාන්තාවෝ එදා මෙන්ම අද ද අප සමාජයේ බොහෝ අවස්ථා වල දැකිය හැක. කිසිඳු වෘත්තීය සුදුසු කමකින් තොරව නියැලිය හැකි එකම වෘත්තීය වශයෙන් ද මෙම වෘත්තීය සැලකේ.
රහසින් දුසිරිතේ යෙදෙන කාන්තාවෝ අද සමාජයේ බොහෝ සිටියත් ඔවුන් ගණිකාවන් ලෙස හැඳින්වෙන්නේ නැත. හිඟකම් කොපමණ තිබුනත් මේ සඳහා යොමු නොවන කාන්තාවන් ඕනෑ තරම් සිටින අතර උගත් වැදගත් පොහොසත් සමහර කාන්තාවෝ තම ස්වාමි පුරුෂයාට පිටස්තරව තමන්ගේ දාසයන් සහ පහත් පුද්ගලයන් සමඟ රතියෙහි යෙදෙන අවස්ථාද ඇත .

පෙර කරන ලද කුසල් අකුසල් මත දෛවය හිමිකර දෙන හොඳ හෝ නරක අතර අපකීර්තියට ලක්වන මෙවැනි රැකියා තම ජීවනෝපාය වශයෙන් තෝරා ගැනීමට සිදුවීම කාන්තාවකට අභාග්‍ය සම්පන්න සිදුවීමක් වුවත් දෛවයට පිටුපෑමට නොහැකි වීම මත ඊට අවනතව එම වෘත්තීන් වල දීමට සිදුවේ.



ලග්නධිපති හෝ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වැඩි වශයෙන් ශක්තිමත් ග්‍රහයා සෙනසුරුට චතුරශ්‍රව හෝ සම සප්තම හෝ සිංහ රාශිගතව සිටින විට සහ ඔවුන් පාප ග්‍රහයෙකු විසින් දුර්වලතත්වයට පත් කරනු ලැබ යහපත් ග්‍රහයෙකුගේ බලපෑමක් නොලබන විට එකී කාන්තාවෝ ජිවන වෘත්තීය ලෙස බොහෝ විට තෝරා ගන්නේ ගණිකා වෘත්තියයි.

එවැනිම ප්‍රතිඵල ගෙන දෙන තවත් ග්‍රහ පිහිටිමක් නම් ලග්නධිපති සහ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වඩාත් ශක්තිමත් ග්‍රහයා සෙනසුරුට  
මකර හෝ කුම්භ යන රාශිගත වී යහපත් ග්‍රහයෙකුගේ බලපෑම නොමැතිව දුර්වල තත්වයට පත්වීමය. එවැනි ග්‍රහ පිහිටිමකදී සමාජයේ උසස් නිල තල දරමින් වැජඹෙන කාන්තාවන් පවා තමන්ට නොගැලපෙන පහත පුද්ගලයන් සමග ලිංගික සබඳතා පවත්වයි.

අඟහරුට හෝ සෙනසුරුට හෝ අයත් ලග්නයේ එනම් මේෂ , වෘශ්චික , මකර හෝ කුම්භ යන රාශිවලින් එකක් වූ විට සහ කිසිම යහපත් බලපෑමකින් තොර වූ විටද බලවත් පාප ග්‍රහයෙකුගේ දෘෂ්ඨියට හසු වූ විටද චන්ද්‍රයා සහ සිකුරු එම ලග්නගතව සිටින විටද එකී කාන්තාවන්ගේ රැකියාව ගණිකා වෘත්තීය ලෙස දැක්විය හැක.

මෙවැනි ග්‍රහ පිහිටීමක් ඇති කේන්ද්‍රයක් හිමි කාන්තාවද බොහෝ විට ගණිකාවකගේ කුසින් උපන් තැනැත්තියක් වේ.

ලග්නය අඟහරුට හෝ සෙනසුරුට අයත් රාශියක් වූ විට සහ බලවත් පාප ග්‍රහයෙකු විසින් දුර්වලත්වයට පත් කරන ලද චන්ද්‍රයා සහ සිකුරු කිසිදු ශුභ ඵල බලපෑමක් නොලැබ ලග්නයෙන් සත්වැන්නේහි පිහිටි විට පෙන්නුම් කරන තත්වයද එයම වේ.

චන්ද්‍රයා සහ සිකුරු සය වැන්නේහි සිටියදී පාපී ග්‍රහයෙකු විසින් දුර්වලත්වයට පත්කරනු ලැබ යහපත් ග්‍රහ සංයෝගයකින් හෝ දෘෂ්ටියකින් තොර වූ අවස්ථා වලදී කාන්තාවන් ගණිකාවන් බවට පත්වීම නොවැලැක්විය හැක්කකි.



 ලග්නාධිපති හෝ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වඩා ශක්තිවන්ත ග්‍රහයා අඟහරුට හිමි රාශියක එනම් මේෂ සහ වෘශ්චික යන රාශි දෙකෙන් එකක සිටියදී පාප ග්‍රහයෙකු විසින් දුර්වලත්වයට පත්කරනු ලැබූ අඟහරු යහපත් ග්‍රහයෙකුගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් හෝ තොර වූ විට ද ස්ත්‍රියක් ගණිකාවක් බවට පත්වේ.
 දුර්වලව නොසිටියද එවැනි ලග්නධිපතියෙක් හෝ චන්ද්‍රයා කාන්තාවන්ට විවාහයට පෙර ද රති කෙළියෙහි නිරත වීමට අවශ්‍ය පසුබිම සකසයි.

රවි, අඟහරු සහ සෙනසුරු යහපත් ග්‍රහ සංයෝගයකින් හෝ දෘෂ්ටියකින් තොරව ලග්නයෙන් සත් වැන්නෙහි සිටින කල්හිද එකී කාන්තාව ගත කරනු ඇත්තේ ගණිකා ජීවිතයකි. චන්ද්‍රයාගේ සත්වැන්නෙහි සිදුවන රවි, අඟහරු, සෙනසුරු සංයෝගයට යහපත් ග්‍රහ බලපෑමක් නොමැති කල්හිද එවැනි ප්‍රතිඵල අත්වීම නොවැලක්විය හැකිය.

0 comments:

Proudly Powered by Blogger.