කන කියන්නේ මිනිසාට මහත් උපකාරී වන අවයවයක්. මීට අමතරව කනේ හැඩය, කනේ ස්වභාවය හා කනේ පිහිටීම ආදී දේ මගින් පුද්ගලයාගේ ගතිගුණ ඇවතුම් පැවතුම් හඳුනා ගත හැක.
දේහ ලක්ෂණ විද්‍යාවේ ස්ත්‍රී කන පිළිබඳව මෙන්ම පුරුෂ කන පිළිබඳවද වෙන වෙනම විස්තර කර ඇත නමුත් ආදී සමාජයේ මෙන්ම නූතන සමාජයේද පුරුෂයන්ට වඩා ස්ත්රීන්ගේ ගත ලකුනු බැලීමට පුරුදුව සිටියි. කාන්තාවන්ගේ කන සමග බැඳුනු චරිත ලක්ෂණයි මේ.
කන මොලොක් වී මසින් පිරි ගියේ නම්, මැය ඉතා වාසනාවන්ත අයෙකි. අනුන්ගේ දුකේදී පිහිට වන කල්‍යාණ මිත්රයෙකි. මොවුන්ගේ විවාහ ජීවිතය සාර්ථක වාසනාවන්ත එකක් වෙනවා මෙන්ම එයින් ලැඛෙන දරුවන්ද ගුණ යහපත් අය වේ. දිළිඳු තැනක උත්පත්තිය ලැබුවද නොබෝ කලකින් පොහොසත් වේ.
පටු කන් පෙති ඉහළින් උල් වූයේ නම්, මොවුන් ආගම දහමට ලැදිය, පාලුව, තනිකම අගයන හුදකලා ජීවත් වන අයෙකි. පර උපකාර සේවයේ යෙදේ. මෙවන් ස්ත්‍රීන් ගුප්ත ශාස්ත්‍රයට දක්ෂ ඥනවන්ත අයවේ.
කන වක්‍ර වී පිහිටීම මෙවන් ස්ත්‍රීන් සමාජයේ අපකීර්තියට ලක්වේ. සමාජයෙන් කොන්වී ජීවත්වීමට සිදුවේ. අවිවාහකව ජීවිතය ගත කිරීමට බොහෝ ඉඩකඩ ඇත. විවාහ වුවද විවාහය අසාර්ථකය. වංක අයෙකි. සොර සිත් ඇත.
කන මුහුණ පැත්තට නෙරා ගිය ලද නම්, වැඩ කිරීමට දක්ෂය. බුද්ධිමත්ය, වාසනාවන්තය, සහජ හැකියාව ඇත. මොවුන් නිවසේ වැඩ පිළිවෙකට කරයි. දියුණු වන අයෙකි.
ප්‍රමාණයට වඩා කන කුඩා වීම, මොවුන් ඉතා හිතුවක්කර, මුරන්ඩු, දරුණු අයවේ. මෙවන් ස්ත්රීන්ට ඇත්තේ නොනැමෙන තද හිතකි. නීති විරෝධී වැඩ වලින් මුදල් උපයයි.
ආත්මාර්ථකාමී චරිතයකි. ඉක්මණින් කෝප වේ. ක්ෂණික දියුණුව අවශ්‍ය කරන අයෙක් බැවින් ඕනෑම නීති විරෝධී වැඩක් කිරීමට පෙළෙඹේ. තම දරුවන් මෙන්ම සැමියාටද ආදරය නොදක්වයි.
වැහැරුණු කන් ඇති ස්ත්‍රීය (නහර ඉලිප්පී තිබීම) බොහෝ දුක් විඳින තැනැත්තියකි. පෙර පව් සොයා විත් ඵල දෙන ස්ත්‍රියකි. තම නිවසට බොහෝ හිතවත්ය. නිතර පසුතැවිල්ලෙන් හා දුකෙන් ජීවත් වේ.
කන රවුම් එල්ලෙන ආකාරයෙන් යුක්ත නම්, මෙම ලක්ෂණය පිහිටි ස්ත්රින් ඉතා වාසනාවන්තය. සැපසේ ජීවත්වේ. පෙර පිං සොයා විත් ඵලදේ. සමාජයේ ආදර ගෞරවයට පාත්‍ර වන ස්ත්රීන්ය.
තුනී කන්පෙති ඇති ස්ත්‍රිය මෙවන් ස්ත්‍රීන්ව සමාජය විසින් පිළිකුල් කරයි. මොවුන් සමාජයෙන් කොන් වී ජීවත්වේ. සොර සතුරු කරදර පීඩා වලට නිතර මූණදිමට සිදුවේ. මොවුන්ගේ විවාහය බොහෝ ප්‍රමාද වේ.
හොඳින් වැඩුණ කනේ කන් පෙත්ත අගින් උඩට ඉස්සී තිබීම. මෙවන් ස්ත්‍රීන් හොඳින් දියුනු වේ. සිටි තැනින් ඔසවා තබන පිහිටීමකි. සමාජයේ ගෞරවයට පාත්රවේ.
මහත, පලල්, විශාල කන් පිහිටි ස්ත්‍රිය මෙවන් ස්ත්‍රීන් තුළින් චාම් ගති පැවතුම් පෙන්නුම් කරයි. ජීවිතය සැපවත්ව ගත කරයි. නිරෝගීය, දීර්ඝායුෂ භුක්ති විඳින ස්ත්‍රීන් වේ.
ඉතා දිග කන් පිහිටි ස්ත්‍රිය, කලාකාමී අදහස් ඇති අය වේ. කලාව ජීවිතය කරගෙන ජීවත් වන කාන්තාවන්ය. ජීවිතේ මුල් භාගයේ හොඳින් ජීවත්වන අතර වයසට යත්ම දිළිඳු වේ.
ඉතා කුඩා වූද පටු වූද කන් පිහිටි ස්ත්‍රිය, දූෂිත චරිතයකින් යුත් අයෙකි. බොහෝ විට හිරේ විංලගුවේ වැටෙන පිහිටිමකි. මෙවන් ස්ත්රීන්ට ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය අඩුය.





































































































0 comments: