Tuesday, January 13, 2015

ලිංගික සංසර්ගයෙන් සිරුරට ඇතිවන වාසි

by Api Nodanna Live  |  in Sex Education at  9:52 AM

තම සහකරු හෝ සහකාරිය සමග ලිංගිකව එක්වීම ආදරය සතුට වැඩි කිරීමට අමතරව එයින් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ බොහෝ බව පර්යේෂණ කණ්ඩායමක් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ එයින් කිහිපයක් පිළිබඳ විස්තරයකි.
 
 

  • ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාකාරීව පත්වා ගැනීමට උපකාරී වීම.
සතියකට වරක් හෝ දෙවරක් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගයන්ගේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය ඉතා හොඳින් සිදුවන බව එනම් දේහය තුළ විෂ බීජවලට එරෙහිව ක්‍රියාකිරීමේ ශක්තිය වෛරසවලට ග්‍රහනය නොවීමේ හැකියාව වැනි ලක්ෂණ හොඳින් වර්ධනය වන බව පර්යේෂකයන් පවසනවා. 
 
  • රුධිර පීඩනය පාලනය
පර්යේෂකයන් පවසන ආකාරයට ලිංගික ක්‍රියාකාරකම් හා රුධිර සංසරණය අතර මනා සබඳතාවක් පවතී. එමගින් අධිරුධිර පීඩනය අඩු කරවා රුධිර පීඩනය සමනය කරයි.  
 
  • දේහ ව්‍යායාම
ලිංගික ක්‍රියාකාරකම් යන ව්‍යායාමවල වැදගත් කොටසකි.එය ට්‍රෙඩ් මිල් එකක තරම් නොවුණත් ඒ හා සමාන ව්‍යායාමක් දේහයට ලබාදෙන බවයි පර්යේෂකයන් පවසන්නේ. මෙමගින් දේහ උෂ්ණත්වය වැඩි කරන අතර විවිධ මාංශපේෂි ක්‍රියා කරවයි. ලිංගික ක්‍රියාකාරකම් මගින් මිනිත්තුවකට කැලරි 5ක් දහනය කරනු ලබනවා. 
 
 
  • හෘදයාබාධ අවදානම අඩු කරයි
හොඳ ලිංකි ක්‍රියාකාරකම් ඔබගේ හෘදයට ඉතා යහපත්ය. එය හෘද ස්පන්දන වේගය පාලනය කරන අතර දේහයේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් මට්ටමද පාලනය කරනු ලබනවා. මෙය දේහයට ඉතා වැදහත්ය. එක් හෝමෝනයක් හෝ අඩු වීම ඔස්ටියෝපොරොසීස්, විවිධ හෘද රෝග වැනි ගැටලුකාරී තත්ත්වය ඇතිවීමට හේතු විය හැක.
 
 
  • මානසික ආතතිය අවම වීම
තම සහකරු සමග ළඟින් ඇසුරු කිරීම කාන්සිය, මානසික ගැටලු සංහිඳවයි. සිප වැළඳ ගැනීම් මගින් දේහය සැහැල්ලු කර හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩිකරවීමට හැකියාවක් ඇත. එමගින් මොළයේ ස්නායු උත්තේජනය කරවා දේහයට ප්‍රියමනාප ආවේග ලබාදේ. එයින් මානසික ආතතිය දුරු කරවයි. එමෙන්ම පිලිකා අවදානම අඩු කිරීම, දරා ගැනීමේ හැකියා දියුණු වීම වැනි ප්‍රතිලාභ රැසක් දේහයට ලබාදෙනු ලබයි.

0 comments:

Proudly Powered by Blogger.