Thursday, December 18, 2014

ඔබේ විවාහ රේඛාවෙන් කියවෙන්නේ මොනවාද බලන්න

by Api Nodanna Live  |  in Life at  11:55 PM


ඔබේ විවාහ රේඛාවෙන් කියවෙන්නේ මොනවාද බලන්න

හස්ත රේඛා විද්‍යාව අතීතයේ පටන් පැවතෙන එන්නක්. අත්ලේ තිබෙන රේඛා වල අපේ ජිවිතේ ගැන ලියවිලා තිබෙනවා.
අද අපි කතා කරන්නට යන්නේ ඒ අතරින් එක රේඛාවක් ගැනයි. ඒ තමා විවාහ රේඛාව. මේ රේඛාව සම්බන්ධතා රේඛාව වගේම මංගල රේඛාව ලෙසත් හඳුන්වනවා.
හස්ත රේඛා විද්‍යාවට අනුව මෙය අත්ල අයිනේ සුලන්ගිල්ල මුලටත් හෘද රෙක්හාවටත් අතර පිටි අල්ලේ සිට ඉහලට පැමිණිලා බුද්ධ මණ්ඩලය දෙසට සමිපවයි පිහිටලා තිබෙන්නේ.
atha
මේ රූපයෙන් ඔබට සරල අදහසක් ගන්න පුළුවන් වේවි. 1
සමහර අයගේ අත්වල මෙවැනි රේඛා එකකට වැඩි ගණනක් තිබෙන්නට පුළුවන්.
එවැනි අත්ලක් හිමි පුද්ගලයින් දුටු දුටුවන් කෙරෙහි පෙම් සිතුවිලි ඇති කරගන්නවා.
මෙම රේඛාව නැති අතක් හිමි තැනැත්තාට පෙම් සබඳතා නැති බව කියවෙනවා.
රේඛාවේ ගැඹුර, රේඛාවේ සෘජු බව අනුව පෙම් සබඳතා ගණන සහ ඒවායේ ස්ථිර භාවය ගැන අදහසක් ගන්නටපුළුවන්.
මෙවැනි ගැඹුරු රේඛා එකකට වැඩි ගණනක් තිබෙනවා නම් එම පුද්ගලයාට පෙම් සබඳතා කිහිපයක් හිමි වනවා.
මේ රේඛාවේ කෙලවර උඩු අතට තිබීම මගින් විවාහයට බාධා ඇති වන බව පෙන්නුම් කෙරෙනවා.
විවාහ රේඛාවේ කෙලවර හෘද රේඛාව (1) දෙසට බෑවුම් වී තිබෙනවා නම් සහකාරියගෙ හෝ සහකරුවාගේ වෙන්වීමක් හෝ මරණයක් පෙන්වනවා.
අග කරුවක් ආකාරයට බෙදී තිබෙනවා නම් එයද අඹු සැමි වෙන්වීමක් පෙන්වනවා. මෙම වෙන්වීමට හේතුව එක අයෙක් රැකියාව හෝ ව්‍යාපාරයක් සඳහා දුරකට යාමක් නම් එය ගැටළු සහගත තත්ත්වයක් නොවේ.
එහෙත් වෙන්වීමට හේතුව හිත අමනාප වීමක් හෝ එවැනි ගැටළුවක් නම් දික් කසාදයකට ඉඩ වැඩියි.
විවාහ රේඛාව අග උඩින් සමාන්තරව ඇති කෙටි රේඛාවක් මගින් විවාහයෙන් පසුව ඇති වන අනියම් සම්බන්ධයක් පෙන්වනවා.
විවාහ රේඛාව අග යටින් සමාන්තර කෙටි රේඛාව මගින් විවාහයට පෙර ඇති කරගත් සම්බන්ධය විවාහයෙන් පසු අනියම් ආකාරයට පවත්වාගෙන යන බව පෙන්වනවා.
මේ අවස්ථා දෙකේදීම රේඛා පැහැදිලි හා ගැඹුරු නම් එම සම්බන්ධතා ශක්තිමත් වනවා.
නමුත් එක එක පුද්ගලයාගේ අධිශ්ටානය මත මේවා වෙනස් වෙන්නට පුළුවන් වන බව සිහි තබා ගන්න.
එවිට මේ වෙන්වීමේ ලකුණු නොපෙනී යන බවත් කියවෙනවා.
විවාහ රේඛාව හෘද රේඛාවට (1) ලංව පිහිටීම මගින් දායාද වලට වඩා ආදරය මුල් කරගත් විවාහයකුත් විවාහ රේඛාව සුලඟිල්ලට ලංව පිහිටීමෙන් ආදරයට වඩා දායාද වලට කැමැත්තෙන් වන විවාහයකුත් පෙන්නුම් කරනවා.
විවාහ රේඛාවේ මුල දුපත් සලකුණු තිබෙනවා නම් විවාහයට පෙර නොමනා හැසිරීම් තිබු බව පෙන්වනවා. එසේත් නැතිනම් සැමියාගේ පෙර තිබු නොමනා හැසිරීම් නිසා ගැටළු ඇති වී වෙන් වන්නට සිදු වනවා.
විවාහ රේඛාව දෙකඩ වී ඇත්නම් විවාහයේ හදිසි බිඳ වැටීමක් පෙන්වන අතර විවාහ රේඛාව වෙනත් හරස් ඉරි වලින් කැපී තිබෙනවා නම් දික්කසාද වීම් හෝ ගැටළු සහිත විවාහයක් ගැන කියවෙනවා.
රේඛාව දම්වැල් ආකාර නම් විවාහය දුකකින් කෙලවර වෙනවා.
විවාහ රේඛාව කිර්ති රේඛාවට සම්බන්ධ වී නම් සහකරු ධනවත් වනවා.
නමුත් කිර්ති රේඛාව කපා ගෙන විවාහ රේඛාව ඉහලට යාම සුබ නැහැ. විවාහය නිසා දූෂමාන කතා පැතිරී යාමක් එයින් පෙවනවා.
කවාකාරව උඩට නැමුණු විවාහ රේඛාව ඇති යට අන් අයගේ ඊර්ශ්‍යාව යොමු වන තරම් ගැලපෙන සහකරුවකු ලැබෙනවා.
විවාහ රේඛා වැඩි වු තරමට විවාහ ගණන වැඩි වන්නේ නැහැ. ගැඹුරින් පැහැදිලිව දික්ව පිහිටන රේඛාව මගිනුයි විවාහය පෙන්වන්නේ.
විවාහ රේඛාව නිතර වෙනස් වන බව හස්ත රේඛා ශාස්ත්‍රයේ කියවෙනවා. මේ නිසා අතේ මොන දේ ලියවිලා තිබුනත් ඔබ ජිවත් වෙන විදියටයි ඔබේ අනාගතය තීරණය වන්නේ. එවිට ඔබ නොදනිම අතේ ඉරි ඔබට ඕනා ලෙස හැඩ ගැහෙනු ඇති.

0 comments:

Proudly Powered by Blogger.