
නිව් ජර්සි නගරයේ පැවති සජීව සංගීත සංදර්ශනයක නර්තනයේ යෙදෙමින් ගීතයක් ගායනය කරමින් සිටි ටෝනි බ‍්‍රැක්ස්ටන් ඇද සිටි ගවුමේ
පිටුපස රිදී පැහැති කොට හදිසියේ ගැලවී වැටුණු අතර ඇගේ පශ්චාත්භාගය ප්‍රෙක්ෂකාගාරයට නිරාවරණය විය.
තමන්ට සිදුවී ඇති අකරතැබ්බය පිලිබද වැටහීමක් නොතිබූ ගායිකාව දිගටම නර්තනයේ යෙදෙමින් ගීත ගායනයේ යෙදෙද්දි වේදීකාව මතට පැමිණි පේ‍්‍රක්ෂකයෙකු විසින් තමන්ගේ උඩ කබාය ඇයට පිරිනමා ඇතිවී තිබූ අපහසුතාවයෙන් ගලවා ගත්තේය.
ප‍්‍රසංගයෙන් පසු මෙම සිදුවීම පිලිබද අදහස් දැක්වූ ටෝනි බ‍්‍රැක්ස්ටන් පැවසුයේ හදිසි තත්වයක් ඇති වුවද තමන් සම්පූර්ණ නිරුවතින් නොසිටි බව පේ‍්‍රක්ෂකයන්ට දැකගන්නට ලැබුණු බවයි.
ග‍්‍රැමී සම්මාන 06ක් ඇතුළු ජගත් සම්මාන රැසක් දිනා ඇති ටෝනි බ‍්‍රැක්ස්ටන්ගේ ගීත ඇල්බම මිලියන 66ක් පමණ ලොව පුරා අලෙවි වී ඇතැයි වාර්තා වේ.
0 comments: