Sunday, January 11, 2015

කුඩා දරුවන්ට ලිංගික අපචාර කරන ඉන්දියාවේ වැඩිහිටි ගැහැනුන්

by Api Nodanna Live  |  in World News at  7:38 PM

සාමාන්‍යයෙන් ළමා ලිංගික අපයෝජනයක් ලෙස පිළිගැනෙන්නේ වයස අවුරුදු දහ අටට අඩු පිරිමි හෝ ගැහැනු දරුවකු ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව වැඩිහිටි පුද්ගලයෙකු විසින් විවිධාකාර ලිංගික ක්‍රියා සඳහා යොදා ගැනීමේ සංසිද්ධියයි.
වර්තමානයේ වැඩි වශයෙන්ම දරුවන් අපයෝජනයට ලක් වන්නේ, සංවර්ධනය වෙමින් පවතින සහ අඩු සංවර්ධනයක් සහිත රටවලය. සාමාන්‍යයෙන් අප බොහෝ විට අසන්නේ දකින්නේ වැඩිහිටි පිරිමින් විසින් කුඩා දරුවන් අපයෝජනයට ලක් කරන අවස්ථාවන් ගැනය. නමුත් වැඩිහිටි කාන්තාවන් අතින් ද කුඩා දරුවන් විශේෂයෙන්ම කුඩා පිරිමි දරුවන් අපයෝජනයට ලක් වන අවස්ථා ඕනෑ තරම් තිබේ. එහෙත් ඒවා හැඳින්වෙනුයේ නිහඬ අතවර ලෙසිනි.

ඉන්දියාවේ වැඩිහිටි කාන්තාවන් විසින් කුඩා පිරිමි ළමුන් අපයෝජනයට ලක් කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින්නේ අඩු ආදායම්ලාභී මිනිසුන් ජීවත්වන ප්‍රදේශවල බව 2010 වසරේ සිදු කරන ලද සමාජ විද්‍යා සංගණනයකින් හෙළි වී තිබේ. මෙම ප්‍රවණතාවට හේතුව පිළිබඳව ඔවුන් පවසන්නේ පිළිගත නොහැකි සාධකයකි. 
ඔවුන් පවසන ආකාරයට නම් සියයට හැට දෙකක් පමණ වන වැඩිහිටි කාන්තාවන් විවිධ ලිංගික අත්හදා බැලීම් සිදු කිරීම සඳහා උපයෝගි කර ගනු ලබන්නේ කුඩා පිරිමි දරුවන්ය. එයට හේතුව වැඩිහිටි පිරිමින් සමග තම සිතැඟි පරිදි ලිංගික අත්හදා බැලීම්වල නිරත වන්නට ඔවුන්ට ඉඩ ප්‍රස්ථා නොලැබිමය.

ඉහත සඳහන් කළ සංගණනයේ වාර්තාවල සඳහන් වන්නේ ඉන්දියානු ළමා අපචාරකාරියන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 40 ඉක්මවූ කාන්තාවන් වන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් ප්‍රාථමික ගුරුවරියන් බවය. එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේ මධ්‍යම පාන්තික නිවෙස්වල ගෘහ සේවිකාවන් ලෙස සේවය කරන වැඩිහිටි කතුන්ය. ඔවුනට තම අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ‘ගොදුරු පහසුවෙන් හමුවීම’ මීට හේතුව බවද පැවසෙයි.

මේ පිළිබඳව පුළුල් ලෙස විශ්‍ලේෂණය කිරීමේදී සුවිශේෂී කරුණු කීපයක් පිළිබඳව සලකා බැලීමට සිදුවේ. සාමාන්‍යයෙන් මෙවැනි ළමා අපචාර වැඩි වශයෙන්ම ඉන්දියාව වැනි රටවල සිදු වන්නට හේතු තිබේ. ඉන්දියාව යනු විවාහයේදී කුල භේදය, පන්ති භේදය, දෑවැද්ද වැනි කාරණාවලට මුල් තැන දෙන රටකි. ඒ නිසාම අඩු ආදායම්ලාභී ඉන්දියානු කාන්තාවන්ගෙන් බහුතරයකටම නිසි වයසේදී විවාහ වන්නට අවස්ථාව නොලැබේ.


බොහෝ විට දෑවැදි ප්‍රශ්නය නිසාම විවාහ නොවී සිටින කතුන් ද ඕනෑ තරම් සිටිති. මේ නිසාම ඔවුන්ට සිදු වී තිබෙන්නේ ඔවුන්ගේ ලිංගික හැඟීම් රහසිගතව සිරකරගෙන සිටින්නටය. එනම් එවැනි හැඟීම් පිටකර ගන්නට ඔවුන්ට කිසිදු අවස්ථාව නොලැබේ. මේ නිසාම වයස අවුරුදු හතළිහක් පමණ වනවිට ශාරීරික ක්‍රියාකාරකම් මුල් කරගෙන ඔවුන්ට ලිංගික ක්‍රියාවල යෙදීමේ දැඩි අවශ්‍යතාවක් ඇතිවේ. මෙවැනි අවස්ථාවල ඔවුන්ට එය සපුරා ගන්නට හැකි වන්නේ කුඩා පිරිමි දරුවන් මගිනි. ඒ සම්මත නීති සහ සදාචාර මායිම්වලින් පහසුවෙන් පැන ගන්නට එමගින් හැකිවන බැවිනි.


වරක් ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයේ පාසලක ගුරුවරියක වූ 43 හැවිරිදි කාන්තාවක් අවුරුදු දෙකක් පුරා සිය පාස‍ලේම වයස අවුරුදු එකොළහක පිරිමි දරුවකු අපචාරයට ලක් කළ පුවතක් වාර්තා වී තිබිණි. මෙම සිදුවීම ප්‍රසිද්ධියට පත්වන විට දරුවාගේ වයස අවුරුදු දහතුනක් වූ අතර එය ප්‍රසිද්ධ වී තිබුණේ දරුවාගේ මවට ඔහුගේ දුරකථනයේ වූ කෙටි පණිවුඩ කියවන්නට අවස්ථාව ලැබිම නිසාය. 


මාස දෙකක් තුළ මෙම ගුරු කත දරුවාට එවා තිබූ කෙටි පණිවුඩ ගණන 230ක් විය. දරුවාට දුරකථනය මිලදී ගෙන දී තිබුණේද, එහි ඇමතුම් සඳහා මුදල් වියදම් කර තිබුණේද ඇය විසිනි. ජංගම දුරකථනය පිළිබඳ කිසිවක් ඔහුගේ දෙමාපියන් දැන සිටියේ නැත. අවසානයේ දරුවා සියලු සිදුවීම් ‍පොලීසියට පවසා තිබිණි.

පළමු අවස්ථාවේ ගුරුවරිය දරුවා මෙම ක්‍රියාවට ‍පොළඹවා ගෙන තිබුණේ දරුවාගේ ගෙල ප්‍රදේශය ස්පර්ශ කිරීමෙනි. එය ඉතා ආදරණීය ස්පර්ශයක් බවත් තමා එයට කැමති වූ බවත් ඔහු පවසා තිබිණි. ඉන්පසු මෙම කාන්තාව දිනක් තමාගේ ගෙල ප්‍රදේශය සිප ගත් බවත් ඇය තමන්ට ආදරය කරන බව පැවසූ බවත්, ඒ පිළිබඳව කිසිවකුටත් නොකියන ලෙස කී බවත් දරුවා ප්‍රකාශ කර තිබිණි. 


මේ ආකාරයට කමෛන් පාසල නිම වූ පසු ද ඇය තමා සමග කතාබහ කරමින් පන්ති කාමරය තුළම ගත කරන ආකාරයත්, දින කීපයකට පසු ඇය සමග ඇගේ කුඩා නිවසට ගිය ආකාරයත් දරුවා සඳහන් කර තිබිණි.

දරුවා විස්තර කළ ආකාරයට මෙම කතගේ නිවසේ සිට ඇත්තේ වයස අවුරුදු අනූවක් පමණ වූ ගුරුවරියගේ මව පමණි. ඇය ද එක්තැන් වූ තැනැත්තියකි. දරුවා කවුරුදැයි ඇය ඇසූ විට අමතර පාඩම් කියා දීම සඳහා නිවසට කැඳවා ගෙන ආ සිසුවෙකු බව ගුරු කත පවසා තිබිණි. ඉන්පසු සිදු වූ සියලුම සිදුවීම් කුඩා දරුවා විස්තර කර තිබුණේ ‍පොලිස් නිලධාරීන් සහ ඔහුගේ දෙමාපියන් දෑස් අයා බලා සිටියදීය. 

නමුත් මෙම සිදුවීම්වල බරපතළක් දරුවාගේ මුවින් ප්‍රකාශ වී නොතිබිණි. මේ ගැන මවට නොකීවේ මන්දැයි ‍පොලිස් නිලධාරියෙකු ඇසූ විට, “මම ටීචර් කරන දේවල්වලට ආසයි. අම්මට කිව්වොත් ආයෙත් මා එක්ක කතා කරන්නෙ නෑ කිව්වා” යැයි දරුවා පවසා තිබේ. වැඩිහිටි කාන්තාවන් මෙවැනි ළමා අපයෝජනවලට පෙළඹීමට තවත් එක් සුවිශේෂී කාරණයක් හේතු වන බව වර්තමාන පවුල් සංස්ථාව දෙස බැලීමෙන් තේරුම් ගත හැකිය.

 එනම් පුරුෂවාදී සමාජයේ කතුන්ගේ ලිංගික අවශ්‍යතා සඳහා පුරුෂයන් වෙතින් නිසි ආකාරයේ ප්‍රතිචාර නොලැබිමය. වර්තමානයේ බොහෝ සම්ප්‍රදායික පවුල්වල මෙම තත්ත්වය දක්නට ලැබේ.


ලිංගික කාර්යයේදී පුරුෂයා කාන්තාව ප්‍රයෝජනයට ගනිමින් ආත්මාර්ථකාමී ලෙස තම අවශ්‍යතා මනාව ඉටුකර ගැනීමත් එහිදී කාන්තාවගේ අවශ්‍යතා මැනවින් ඉටු නොවීමත් නිසා කාන්තාව සිය සිතැඟි සඳහා වෙනත් පුද්ගලයන් යොදා ගන්නා අවස්ථා වාර්තා වේ. ලිංගිකත්වයේදී පුරුෂයන් මෙසේ ආත්මාර්ථකාමී ලෙස හැසිරීම නොදියුණු සමාජයන්හිදී බහුලවම දැකිය හැකි තත්ත්වයක් බව සමාජ විචාරකයෝ කියති.


නමුත් මෙම අඩුව සපුරා ගැනීම පිණිස පිටස්තර වැඩිහිටි පිරිමින් යොදා ගැනීම සිය ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් එවැනි කතුන් වැඩි වශයෙන් කැමැත්තක් දක්වන්නේ කුඩා පිරිමි දරුවන් මේ සඳහා යොදා ගන්නටය.
එවැනිම වූ තවත් තත්ත්වයකි පුරුෂයන් සිය බිරියන් නොසලකා හැරීම. බොහෝවිට මෙය සිදු වන්නේ අධික බිමත්කම, මත්ද්‍රව්‍ය සහ මත්කුඩු භාවිතයට ඇබ්බැහි වීම, පරදාර සේවනය ආදී කාරණා නිසාය. 


එවැනි හේතු නිසා සැමියාගෙන් නොසලකා හැරෙන බිරියන්, සිය අවශ්‍යතා සඳහා කුඩා පිරිමි දරුවන් යොදා ගන්නට පසුබට නොවෙති. මේ සඳහා කුඩා දරුවන්ම තෝරා ගන්නේ ළමා වියේ සිටින ඔවුන්ද මෙවැනි අලුත් අලුත් අත්දැකීම් ලැබිමට කැමැත්තක් දක්වන නිසා වියයුතු බව සමාජ මනෝ විද්‍යාඥයන්ගේ අදහසයි.

ළමා අපචාර පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමේදී අදාළ කාන්තාවගේ පවු‍ලේ ස්වභාවය සහ මානසික සෞඛ්‍ය ආදී කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතු බව මනෝ විද්‍යාඥයෝ තවදුරටත් පවසයි. එයට හේතුව ළමා අපචාර සිදු කළ ඉන්දියානු කතුන්ගෙන් වැඩි පිරිසක් හීනමානය (Inferbrity camplex) නම් වූ මානසික ව්‍යාධියෙන් පෙළෙන්නන් බව අනාවරණය වී තිබිම නිසාය.


ඔවුන් සිය සැමියන්ගෙන් ප්‍රතික්ෂේප වීමත්, දෑවැදි හෝ කුල ප්‍රශ්න මත නෑදෑ අසල්වාසීන්ගෙන් ප්‍රතික්ෂේප වීමත් වැනි කරුණු මෙවැනි කාන්තාවන්ගේ ඉච්ඡා භංගත්වයට (frustration) හීනමානයට ප්‍රධාන හේතුවකි.


මේ නිසා වැඩිහිටි කතුන් සිය මානසික අසහනයන් මනෝ ව්‍යාධීන් හේතු කොටගෙන මෙවැනි අපචාරවලට පෙළඹීමේ වගකීමෙන් කොටසක් පුරුෂ පක්ෂය වෙත සහ සමාජය වෙත ද එල්ල විය යුතු බව ඉහත කී මනෝ විද්‍යාඥයන් විසින් ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කර තිබේ. එහෙත් ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ළමා අපයෝජනය යනු ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම එකසේ එල්ලවන සිර දඬුවම් පවා හිමිකර දිය හැකි සාපරාධී ගණයට අයත් වරදකි.

දුලංජලී මුතුවාඩිගේ

0 comments:

Proudly Powered by Blogger.