Friday, December 26, 2014

අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?

by Api Nodanna Live  |  in Sri Lanka at  8:11 PM

දරු පැටියෙක් කුසට ආවම අපේ අම්මලා හරිම පරෙස්සම්. කෑම බිම ගැන ඇඳුම් පැළඳුම් ගැන විතරක් නොවෙයි හිතේ සතුට ගැනත් හරියට හිතනවා. කොයි තරම් දැනුම් තේරුම් තිබුනත් ඔය කාලේදී කවුරු නමුත් කියන ඕනෑම දෙයක් මහා ඉහලින් පිළිගන්න තරම්ම අපේ අම්මලා බයයි. මොකද ඒ වගේ පොඩි අවදානමක් වත් ගන්න දරුවා වෙනුවෙන් එයාලා කැමති නැහැ.
කෑම සම්බන්ධයෙන් ගත්තම ගොඩක් දෙනා අතරේ බොහොමයක් පදනම් විරහිත මති මතාන්තර තිබෙනවා.
ඉතින් අද අවධානය ගැබිණි සමයේ විෂ විය හැකි ආහාර ගැනයි. හුඟක් කෑම වර්ග ගර්භණී සමයේදී භාවිත කිරීමේ කිසිදු ගැටලුවක් නැහැ. නමුත් සමහර උෂ්ණාධික ආහාර වර්ග නිසා ගර්භණී මවුවරුන්ට ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්.
අන්නාසි, ඉස්සෝ, දැල්ලෝ, ඒ වගේම ස්ට්‍රෝබෙරි, කෙලවල්ලෝ වගේ ආහාරත් ආසාත්මික විය හැකියි.
අන්නාසි කන්න අම්මලා හරි බයයි. එකට හේතුව නම් මේ අසාත්මිකතා කතාව නොවෙයි. අපේ රටේ කාලයක් තිස්සේ පවත එන කතාවක් තියනවානේ අන්නාසි ගැට දීලා ගබ්සා කරන්න පුළුවන් කියලා.
ඒත් විද්‍යානුකුලව ඔප්පු කරලා තිබෙනවා අන්නාසි කන එක අසාත්මිකතාවයක් නැතිනම් ගැබිණි මවට හානියක් වෙන දෙයක් නොවෙයි කියලා.
ඒ වගේම වෛද්‍ය වරු පවසන විදියට අන්නාසි වල තිබෙන කෙඳි සහිත ස්වභාවය ගර්භනී සමයේ පොදු ගැටළුවක් වන මලබද්ධය කියන තත්වයටත් හොඳ පිලියමක්. විටමින් වර්ග බොහොමයකින් අනුන පළතුරක් වන මේ මගින් ගැබිණි කාලයේ ඇති වන නිරක්තිය ඇතුළු පෝෂණ උනතා ගැටළු වලටත් පිළියම් කරනවා.
දරුවාගේ වර්ධනයට අවශ්‍ය පෝෂක කොටස් ගණනාවකුත් අන්නාසි වල ඇතුලත්. කෙසේ නමුත් හොඳයි කිව්වා කියලා මහා ගොඩක් අන්නාසි කන්න යන්න එපා. කිසිම පළතුරක් ගර්භනී සමයේවත් වෙන කාලවලදී වත් ප්‍රධාන ආහාර වේලක් විදියට ගන්න ගියොත් එක හොඳ නැහැ.
ඒ නිසා යම් මවකට ගර්භණී වීමට පෙර ආසාත්මිකතා ඇති වුනොත් නම් ඒ පිළිබඳ වෛද්‍යවරුන් දැනුවත් කරන්නම ඕනෑ.
ඒ වගේම මිට කලින් අසාත්මික වූ ආහාරයක් ගර්භණී සමයේ ආහාරයට ගැනීම සුදුසු නැහැ. නමුත් ගර්භණී සමයට පෙර ආසාත්මික නොවූ සමහර ආහාර සම්බන්ධයෙන් වුනත් ගර්භණී සමයේ ආසාත්මිකතා මතුවිය හැකියි.
පලා වර්ග, එළවළු සහ පලතුරු ගර්භණී සමයේදී වැඩි වශයෙන් ආහාරයට ගන්නට ඕනා නමුත් ඒවා ආහාරයට ගැනීමට පෙර හොඳින් සෝදා පිරිසුදු කර ගැනීම අත්‍යවශ්‍යයි.
පලා, එළවළු වර්ග හොඳින් ජලයේ සේදිය යුතුයි. පලා වර්ග නම් උණු වතුරෙන් සහ ලුණු වතුරෙන් සෝදන්න. ජල කරාමයකට අල්ලා සේදීම ඉතාම වැදගත්. ඉන් බැක්ටීරියා, වයිරස්, විසබීජ ඉවත්ව යනවා.
ආහාර පිසින විටත් වඩාත් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් බිත්තර සහ කුකුළු මස්වල සැල්මොනෙල්ලා නම් බැක්ටීරියාව තිබෙනවා.
ඒ නිසා බාගෙට තැම්බූ මස්, බිත්තර, බාබකියු ආදිය ආහාරයට ගැනීමෙන් වමනය හා අජීර්ණ ඇති විය හැකියි.
සමහර මාළු වර්ගවල විශේෂයෙන් මුහුදු මාළු වර්ගවල රසදිය තිබිය යුතු පමණට වඩා වැඩියෙන් අඩංගු වනවා. එවැනි මාළු වර්ග ගර්භණී මවුවරුන්ට සුදුසු නැහැ.
කැපූ විට සුදු පැහැ මාළු වර්ග පමණක් ආහාරයට ගැනීම ඉතාම සෞඛ්‍යාරක්ෂිතයි.
බීම හෙවත් පාන වර්ග ගැන කතා කළොත් හොඳ පිරිසුදු ජලය නිතර පානය කිරීම සුදුසුයි.
නමුත් මත්පැන් පානය, දුම් පානය, අක්‍රිය දුම් පානයට ලක්වීම ගර්භණී මවට සහ කලලයට හානි ඇති කරනවා. ඒ හැරුණු විට කෝක් අඩංගු පාන වර්ග, බ්‍රැන්ඩි, වයින් ආදියත් සකස් කළ පැණි බීමත් ගර්භණී සමයට සුදුසු නැහැ.
ඉතින් මිට කලින් ඒ වගේ පුරුදු ඇති වෙලා තිබුණා නම් කුසේ ඉන්න දරුවා ගැන හිතලා ඒ පුරුදු වලින් අත්මිදෙන්න.
-රුවනි-

0 comments:

Proudly Powered by Blogger.