Friday, January 23, 2015

මැද ඇඟිල්ලේ සාස්තරේ

by Api Nodanna Live  |  in Life at  11:03 PM

අතේ ඇඟිලි වල තිබෙන යම් යම් ලක්ෂණ සැලකිල්ලට ගනිමින් චරිත ලක්ෂණ වගේම ඔබේ ජීවිතය ගැන අනාවැකි පල කරන්නට පුළුවන් බව මිට පෙර අපි ඔබට කිව්වා. අද කතා කරන්නට යන්නේ මැද ඇඟිල්ල ගැනයි.
මැද ඇඟිල්ල පුද්ගලයකුගේ බුද්ධිය, චින්තනය හා චරිතය විදහා පෙන්වන ස්ථානයයි. ඔහුගේ අධ්‍යාපන මට්ටම, ආගම දහම ගැන ඇති ආදරය, ගෞරවය සහ බැඳීම මේ ඇඟිල්ලෙන් විදහා පෙන්වයි.
මැද ඇඟිල්ලේ තුඩ විශේෂයෙන් අවබෝධ කරගත යුතු ස්ථානයක්. නිය සහිත අවසන් කෙළවර උල්ව වැඩී ඇති නම් ඔහු අනුන්ට අනුකම්පාව නොදක්වන බුද්ධියෙන් අඩු පුද්ගලයෙකි.
අවසන් පුරුක හොඳින් වැඩී වර්ධනය වී ඇත්නම් ඔහු කුමන හෝ අයුරකින් තමාගේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්නා වූ පුද්ගලයෙකි. ඔහු හොඳ ධෛර්යයක් ඇති නොනැවෙන ගතිගුණවලින් යුක්ත අයෙකි.
එම පුරුක කෙටි නම් නිතර නිතර දුක් ගැනවිලි පවසන දුක්ඛිත චරිතයක් ඇත්තෙකි.
මැද ඇඟිල්ලේ මැද පුරුක හොඳ හැටි වැඩී ඇත්නම් මනා මතක ශක්තියක් ඇති පුද්ගලයෙකි. ඔහු යුක්ති ගරුකය.
මෙම පුරුක අනෙක් පුරුක් දෙකට වඩා කෙටි නම් ඊර්ෂ්‍යාව පදනම් කොටගත් රහසින් පව්කරන අනුන් ගැන කිසිදු හැඟීමක් නොමැති අයෙකි.
අතේ අත්ලට සම්බන්ධ වන්නා වූ මුල් පුරුක හොඳින් වැඩී ඇත්නම් ඔහු යහළු යෙහෙළියන් ඇසුරු නොකරන්නාවූ අනුනට කිසිදු උපකාරයක් නොකරන්නාවූ තණ්හාධික අයෙකි.
එම පුරුක කෙටි නම් බලාපොරොත්තු වැඩි එහෙත් එම බලාපොරොත්තු ඉබේම ඉටුවනතුරු බලා සිටින උත්සාහය අඩු අලස පුද්ගලයෙකි. ඔහු බොහෝ කරදර ඇති, ඒවාට මුහුණ දීමට සිදුවන අයෙකි.

0 comments:

Proudly Powered by Blogger.