Monday, February 2, 2015

රාත්‍රී නින්දේදී බ්‍රෙසියර් භාවිතය?

by Api Nodanna Live  |  in Sex Education at  8:00 PM

රාත්‍රී නින්දට යාමේදී බ්‍රෙසියර් භාවිතය පිලිබඳව කාන්තාවන් අතර විවිධ මත පවතී. මෙයින් වඩාත්ම කතාබහට ලක්වන කරුණ වනුයේ, රාත්‍රියේදී බ්‍රෙසියර් භාවිතය පියයුරු පිළිකා සඳහා හේතුකාරක වන බවට ඇති මතයයි. මෙම අදහස, මුල්වරට මීට දශක දෙකකට පමණ ඉහතදී මතවාදයට තුඩු දෙනු ලැබූවක් වූවද, වර්තමානය වනතුරුම එම මතය ඔප්පු කිරීම සඳහා සාධක ඉදිරිපත්වී නොමැත.
මේ පිලිබඳව පර්යේෂණවල නිරතවු විද්වතුන්ගේ අදහස වී තිබෙන්නේ මෙම කරුණ, පියයුරු පිළිකා කෙරෙහි එකහෙළා බලපෑමක් ඇති නොකරන බවයි. ඒ පිලිබඳව ඔවුන් දක්වන්නේ මෙවන් අදහසක්…. එක් කාන්තාවක් හට රාත්‍රී නින්දට බ්‍රෙසියර් භාවිතය සුවපහසු නින්දකට හේතු වන අතර, තවත් අයෙකුට එය අපහසුතාවයක් ලෙස හැගෙන්නට පුලුවන. මේ අනුව, මෙම කරුණ එක් එක් කාන්තාවගේ උවමනාව, පුරුද්ද හා සුවපහසුව මත පදනම් වූවක්. එනම් එය භාවිතය අනිවාර්යයි හෝ භාවිතා කිරීම නුසුදුසු යැයිද හෝ කීම නිවැරැදි නොවේ.එය ඔබේ රුචි අරුචිකම් මත වෙනස් විය හැක.
නමුත් රාත්‍රියේදී බ්‍රෙසියර් භාවිතයට ගන්නේ නම්, ඔබ සිහිතබා ගතයුතු කරුණු කිහිපයකි. එනම්, අනවශ්‍ය ලෙස හිර, පැලද සිටීමට අපහසු (වයර් යෙදූ, ඝනකම කප් සහිත) බ්‍රෙසියර් භාවිතය රාත්‍රිය සඳහා අනුමත කල නොහැක. මීට අමතරව, නයිලෝන් හෝ සිල්ක් රෙද්දෙන් මසා නිමකල විසිතුරු බ්‍රෙසියර්ද රාත්‍රී භාවිතයට නුසුදුසුවේ. මෙවැනි බ්‍රෙසියර් භාවිතය නිසා පහත පෙන්වාදී ඇති ගැටලු වලට ඔබට මුහුණදීමට සිදුවිය හැක. පියයුරු සඳහා වන රුධිර සැපයුම සීමාකාරීවීම. අධික දහඩිය නිසා සමේ කැසීම් සහ පලු දැමීම් ඇතිවීම. අධික ලෙස පීඩනයට ලක්වන / වයර් යෙදූ ප්‍රදේශවල සම දුර්වර්ණ වීම. වසානාල පද්ධති අවහිරවීම නිසා පියයුරු ඉදිමුමට ලක්වීම. රුධිර හා වසා පද්ධති මෙන්ම පියයුරු ආශ්‍රිත අනෙකුත් පටකද අනවශ්‍ය තෙරපුමකට ලක්වීම නිසා, පිළිකාකාරී නොවන ගෙඩි හෝ කැටිති ඇතිවීමට ඇති හැකියාව ඉහළයාම. වරින්වර ඇතිවන අපහසුතා නිසා සුවබර නින්දක් අහිමිවීම.
ඔබත් සාමාන්‍යයෙන් රාත්‍රියේදී බ්‍රෙසියර් භාවිතයට හුරුවූවෙක්නම්, මෙම ගැටලුකාරී තත්වයන් මහහැරීම සඳහා පහසු, අධික තෙරපුමකින් තොර, කපු රෙද්දකින් මසා නිමකල බ්‍රෙසියර් ( cotton bras ) ඒ සඳහා තෝරා ගත හැක. එමගින් අනවශ්‍ය සැකයකින් තොර, ගැටලුකාරී නොවන, සුවබර නින්දක් ලබාගැනීමට ඔබටත් හැකිවේවි

0 comments:

Proudly Powered by Blogger.