Friday, December 26, 2014

ඔයාගේ Girl Friendගේ දණහිස මේ වගේද බලන්න

by Api Nodanna Live  |  in Sri Lanka at  8:12 PM

කාන්තාවන්ගේ ශරීර ලක්ෂණ අනුව ඔවුන්ගේ චරිතය කියවෙන බව ඔබ දන්නවා ඇති.
කාන්තාවන්ගේ දණහිසේ ස්වභාවය අධ්‍යයනය කිරීම මගිනුත් ඒ ආකාරයට කාන්තා චරිතය විග්‍රහ කරන්නට පුළුවන් බව පැරණි පොත් පත් වල සඳහන් වෙනවා.
දණහිස් ඇටයේ දෙපස මසින් පිරි තිබෙනවා නම් එවැනි ස්ත්‍රීන් බොහෝ යස ඉසුරු ලැබී ධනයෙන් බලයෙන් බැබලෙන කෙනෙකු වනවා.
නමුත් ඔවුන්ට තරහ කාරයින් ඊර්ශ්‍යා කාරයින් වැඩි වනවා.
දණහිසේ අස්ථි හෝ නහර පිටතට නෙරා ඒමක් සිදු නොවී පැතලිව තිබෙනවා නම් ඔවුන් හිතන ඕනෑම දෙයක් දෙවරක් නොසිතා නොබලා කරන, ස්ථිර අදහස් ඇති දුරදිග නොබලා වැඩ කරන අයයි.
මොවුන්ගේ විවාහ ජිවිතයද කරදර බහුල එකක්. එමෙන්ම මොන නරක දෙය සිදු වුනත් ඔවුන් කිසි ලෙසකත් ඒ ගැන කනගාටු වන්නේ හෝ පසු තැවෙන්නෙත් නැහැ.
ඇවිදින විට දණහිසෙන් ශබ්දයක් නැගෙනවානම් ඔවුන් ඉතා කපටි වන අතර අන් අයව මුලාවේ දමන අයද වනවා.
මොවුන් නරක ඇසුරට යොමු වනවා . එමෙන්ම ඔවුන් තම බලාපොරොත්තු ඉටු කරගැනීම සඳහා ස්ත්‍රී මායම් යොදා ගන්නවා.
වම් දණහිසේ තඹ හෝ කළු පති උපන් ලපයක් තිබෙනවා නම් ඔවුන් දැහැමි ජිවිතයක් ගත කරන අතර මොවුන් ඉතා කරුණාවන්ත නිහතමානි ආගමානුකුලව ජිවත් වන අයද වනවා. දකුණු දණහිසේ එවැනි ලපයක් තිබෙනවා නම් ඔවුන් කපටි අනුන්ව මුලාවේ දමන හොඳ හෝ නරක ඕනෑම ක්‍රමයකින් ධනය උපයන්නට පෙළඹෙන කාන්තාවක් වනවා.
විකෘති වු දණහිසක් පිහිටන ස්ත්‍රීන් ඉතා අවාසනාවන්ත වනවා. ජීවිතය පුරාම දුක රැඳී පවතින අතර මොවුන් අධි උත්සාහවන්තයින් වනවා.
නමුත් උත්සාහයේ තරමට මොවුන්ට වාසි ලැබෙන්නේ නැහැ. දිළිඳු ජිවිතයක් ඔවුන්ට හිමියි.
දෙදණ එක හා සමානව පිහිටා ඇත්නම් ඔවුන් ඉතා වාසනාවන්තයින්. සිතු දේ ඒ අයුරින්ම ඉටු වන මෙම ස්ත්‍රීන් චාම්, නිහතමානි ජීවිතයකට උරුම කම් කියනවා.
නහර ඉල්පී කෙට්ටු වු දණහිසක් ඇති ස්ත්‍රියගේ විවාහ ජීවිතය බාධා සහිතයි. සැමියාගෙන් හෝ තම දරුවන්ගෙන් ආදරය ලැබීමට මෙවැනි ස්ත්‍රීන් පින් කර නැහැ.
ජීවිතය පුරාම විවිධාකාරයේ බලාපොරොත්තු කඩ වීම් වලට මුහුණ පාන්නටත් ඔවුන්ට සිදු වනවා.
මානසික තත්වයද අයහපත් වන මොවුන් විවිධ රෝගාබාධ වලට පවා නතු වනවා. සමාජ ගැරහීම් වලටද ගොදුරු වනවා.
එකිනෙකට වෙනස් දණහිස් යුගලයක් ඇති ස්ත්‍රිය නිතර තම අදහස් වෙනස් කරනවා. ඔවුන් ආත්මාර්තකාමින් වන අතර තම ආත්ම ගෞරවය ගැන සිතන්නෙත් නැහැ.
දේවල් ලබා ගැනීමට පමණක් කටයුතු කරන මොවුන්ගේ විවාහය කරදර සහිතයි. එමෙන්ම ලෝභ ගති සහිතයි.
ඇවිදින විට දෙදණ දෙපසට යනවා නම් ඔවුන් කාමාධික ස්ත්‍රීන් වනවා. විනෝදයෙන් කාලය ගත කරන මොවුන් බහු පුරුෂ සේවනයට ඇලුම් කරනවා.
මසින් පිරි බර වු දෙදණ ඇති කත වාසනාවන්ත ජීවිතයකට හිමි කම් කියනවා. විවාහය මොන මට්ටමක කෙනෙක් සමග සිදු වුනත් ඉතාම ඉක්මනින් යස ඉසුරු ලබන්නට ඔවුන් වාසනා කර තිබෙනවා.

0 comments:

Proudly Powered by Blogger.