Tuesday, February 3, 2015

සරාගී දර්ශන ඇතුළත් ආන්දෝලනාත්මක කාමුක පටයක්!

by Api Nodanna Live  |  in World News at  9:34 PM

කලක් තිස්සේ සුන්දර පේ‍්‍රම කතාවනට මුල් තැන දුන් බොලිවුඩය දැන් ක‍්‍රියාදාම චිත‍්‍රපටවලට ද, අමනුෂ්‍ය බලවේග පිළිබඳ කියැවෙන සංත‍්‍රාසමය චිත‍්‍රපටවලට ද තම සිනමාවේ ඉඩකඩ වෙන් කර ගනිමින් සිටියි. හොලිවුඞ් සංත‍්‍රාසමය සිනමා පටවලට මෙන්ම බොලිවුඞ් සංත‍්‍රාසමය සිනමා පටවලට ද ලොව පුරා පේ‍්‍රක්ෂක ආකර්ෂණය ලැබෙමින් තිබේ.

එහෙයින් දැන් එම වර්ගයේ හින්දි චිත‍්‍රපට වැඩි වැඩියෙන් නිපැයෙන අතර පසුගියදා තිරගත වීම ඇරඹූ ‘අලෝන්’ චිත‍්‍රපටය ද සංත‍්‍රාසමය සිනමාපට ගොන්නට එක්වන්නකි. එය එනමින්ම යුත් තායිලන්ත චිත‍්‍රපටයක් ඇසුරෙන් නිර්මාණය වූවකි.

චිත‍්‍රපටය ඇරඹෙන්නේ ඉන්දියාවේ කේරල ප‍්‍රදේශය වැසිකුණාටු සහිත රාත‍්‍රියකිනි. විශාල ගසක අත්තක් නිවෙසක වහලක් මතට කඩා වැටෙන අතර ඒ සමගම අඳුරු බලවේගයක් ද නිදහස ලබයි. එම නිවෙසේ සිටින ස්ත‍්‍රිය සිහිවිසඥව රෝහලකට ඇතුළු කරනු ලබයි. ඇගේ දියණිය සන්ජානා ඒ වන විට වෙනත් නගරයක සිටින්නේ සිය සැමියා කබීර් සමගිනි.


තම මව මුහුණ පෑ අනතුර ගැන දැනගත් වහා සන්ජානා කේරලයට පැමිණෙයි. එසේ පැමිණි වහා ඇයට දැනෙන්නේ තමාගේ මියගිය නිවුන් සොහොයුරිය අන්ජානා තමාට යම් යම් බලපෑම් කරන බවකි. සන්ජානා ගේ සැමියා කබීර් එය පිළිගන්නේ නැත.
 

මහාචාර්යවරයකු සන්ජානා මෝහනයට පත්කළ විට අනාවරණය වන්නේ නිවුන් සොයුරියක ලෙස සිරුරින් බැඳී සිටින අන්ජානා කබීර්ට වෛර කරන බවයි. සන්ජානා හා අන්ජානා කයින් බද්ධ වී සිටි නිවුන් සොයුරියන් වන අතර සන්ජානාට අන්ජානා ගෙන් වෙන්වීමට අවශ්‍යව තිබුණේ කබීර් නිසාය. අන්ජානා මිය ගොස් ඇත්තේ නිවුන් හා බද්ධ වී සිටි සොයුරින් එකිනෙකාගෙන් වෙන් කිරීම සඳහා කළ ශල්‍ය කර්මයේදී බව ලෝකයට පැවසී ඇති හේතුවයි.

එහෙත් යාතු කර්මයකදී අනාවරණය වන්නේ කබීර් පිළිබඳ ඇති වූ ගැටුමකදී සන්ජානාගේ පහරදීම නිසා අන්ජානා මියගොස් ඇති බවය.
තවදුරටත් යාතු කර්ම කෙරෙද්දී අනාවරණය වන්නේ කබීර් සමග සන්ජානා ලෙස වෙසෙන්නේ අන්ජානා බවය. සන්ජානා මරා දමා ඇය ලෙස අන්ජානා පෙනී සිටින්නේ කබීර්ට ඇති ආදරය නිසා බවද හෙළිවෙයි. එම රහස හෙළිවීමත් සමග කබීර් තීරණය කරන්නේ අන්ජානාගෙන් වෙන් වන්නටය.
 
පේ‍්‍රමයත් වෛරයත් අතර වෙනස කෙස් ගසකට සම බව සනාථ කරමින් අන්ජානා කබීර් මරා දමන්නට උත්සාහ දරන අතර එය වළකන්නේ සන්ජානාගේ ආත්මයයි. එම උත්සාහය අග අන්ජානා ලබන ශෝචනීය ඉරණම කුමක්ද? එක් හදවතකට පෙම් කළ නිවුන් සොයුරියන්ගේ අවසානය තීන්දු වන්නේ කොයි ආකාරයෙන් ද?

සන්ජානා සහ අන්ජානා යන නිවුන් සොයුරියන් ලෙස ජනප‍්‍රිය නිළි බිපාෂා බාසු රගන අතර කබීර්ගේ චරිතයට පණ පොවන්නේ කරන් සිං ග්‍රෝවර්ය. ‘අලෝන්’ භූෂන් පටෙල් ගේ අධ්‍යක්ෂණයකි.

ප‍්‍රදර්ශනය ඇරඹූ පළමු දින තුන ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 14 ක ආදායමක් උපයා ගන්නට ‘අලෝන්’ සමත් විය. ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත ‘අලෝන්’ පිළිබඳ කළ විචාරයේදී බිපාෂා බාසුගේ රගපෑම් ඉතා ඉහළ මට්ටමක පවතින බව සඳහන් කර තිබේ. සයිබල් චැටර්පි නමැති විචාරකයා පවසා තිබුණේ සංත‍්‍රාසය සමග චිත‍්‍රපටයට අනවශ්‍ය ලිංගික ජවනිකා බලෙන් මෙන් ඔබ්බවා ඇති බවය.

‘දි ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ පුවත්පතට විචාරයක් ලියන සුභාරා ගුප්තා නම් පවසන්නේ සංත‍්‍රාසමය චිත‍්‍රපටයක් ලෙස හැඳින්වුවද එහි එතරම් බිය උපදවන දර්ශන නම් අඩංගු නැත කියාය.




0 comments:

Proudly Powered by Blogger.