Monday, February 2, 2015

වේදනාවකින් තොරව රෝම ඉවත් කිරීමට Strip wax ක්‍රමය

by Api Nodanna Live  |  in Life at  7:51 PM


ඔබේ අත් හා පාදවල ඇති අනවශ්‍ය රෝම ඇතැම් විලාසිතා කිරීමේදී ඔබව අපහසුතාවට පත් කරන අවස්ථා ඇති. එවන් විටෙක එම අනවශ්‍ය රෝම නිවෙසේදීම ඉවත් කර ගැනීම පහසු කරන අලුත් ක්‍රමයක් ගැන ඔබව දැනුවත් කරන්නටයි මේ ලිපිය.
Strip wax ක්‍රමය
  • මෙම Wax Strip පටිය රූපලාවන්‍ය නිෂ්පාදන ස්ථානවලින් පහසුවෙන්ම මිලදී ගැනීමට හැකිය.
  • පළමුව ඔබේ දෑත් හොඳින් පිරිසුදු කරගන්න.
  • මේ ආකාරයට දෑතේ හොඳින් පවුඩර් තවරන්න. (Wax හොඳින් ඇලවීම සඳහා)
  • දැන් Wax Strip එක මෙලෙස ගලවා ගන්න.
  • මෙම පටි 2 ම භාවිතයට ගත හැකිය.
  • දැන් Wax Strip එක මේ ආකාරයට අතේ අලවා ගන්න.
  • දැන් ඒ මත අත තබා තද කර උඩු අතට පිරි මදින්න.
  • ඇලවූ Wax Strip එක හොඳින් පිරිමැද උඩු අතට එකවර ඇද ගලවා ගන්න. මේ ආකාරයට සම්පූර්ණ අතම රෝම ඉවත් කර ගත හැකිය. (Wax Strip එකක් දෙවරක් පමණ භාවිත කළ හැකිය.)
  • Wax Strip එක ගැලවූ පසු රෝම ඉවත් කළ අත.
  • රෝම ඉවත් කළ දෑත් හොඳින් තෙතමාත්තු කර Toner තවරා දිවා කාලයේ නම් Sun Cream එකක් ආලේප කර සත්කාර කළ යුතුයි.

0 comments:

Proudly Powered by Blogger.