Monday, December 22, 2014

යට ඇඳුම්වල තැවර ඇති ශූක්‍රතරලය ලිංගික ප්‍රදේශයේ ගෑවූණ හොත් කාන්තාවක් ගැබ් ගනීවිද? 18+

by Api Nodanna Live  |  in Sex Education at  12:18 AM

ප්‍රශ්නය

වෛද්‍යතුමනි මා පාසල් ශිෂ්‍යාවක්මි. මට කාන්තාවක ගැබ් ගත හැකි අවස්ථා කිහිපයක් පිළිබඳව ගැටලුවක් පැන නැගී ඇත. එය ගුරුවරියකගෙන් හෝ වෙත් වැඩිහිටියකුගෙන් ඇසීමට ලජ්ජාවක් හා බියක් දෑනේ. මේ නිසා මේ ප්‍රශ්න ඔබ හමූවට ඉදිරිපත් කරමි. බොළඳ ප්‍රශ්න යනූවෙන් ඉවත නොදමා මේ පිළිබඳව මා දැනූවත් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා.
අත්වල තැවර ඇති ශූක්‍රතරලය යම් අයූරකින් කාන්තාවක ගේ ලිංගික ප්‍රදේශයේ තැවරුන හොත් ඇය ගැබ් ගත හැකිද?
යට ඇඳුම්වල තැවර ඇති ශූක්‍රතරලය ලිංගික ප්‍රදේශයේ ගෑවූණ හොත් කාන්තාවක් ගැබ් ගනීවිද?
ජලයට මිශ්‍රවූණූ ශූක්‍ර තරලය කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ ගෑවී ඇය ගැබ් ගනියිද?
දිය රෙද්දේ (නාන්න අඳින) ශූක්‍ර තරලය ගෑවී තිබූණහොත් ඒ හරහා කාන්තාවක් ගැබ්ගත හැකිද?
බාහිර පරිසරයට පැමිණෙන ශූක්‍ර තරලයක සකී්‍රයතාවය කොපමණ කාලයක් පවතීද?
මහනූවර අසන්නිය


පිළිතුර

ඔබ අප වෙත යොමූ කර තිබූ ගැටලු හයෙන් පහක් පූවත්පතේ පළ කර ඇත්තෙමූ. මෙම ප්‍රශ්නයට පොදුවේ පිළිතුරක් සැපයීමට අප තීරණය කළෙමූ.
දරු ඵලයක් ඇතිවීමට නම් ශූක්‍රාණූවක් හා ඩිම්බයක් සංසේචනය විය යූතුයි. එවැනි සංසේචනයක් සිදුවිය යූත්තේද යෝනි මාර්ගයේ ඉහළ ඇති පැලෝපීය නාලවලදීය. එසේ ශුක්‍රාණූවකට ඩිම්බයක් හා සංසේචයන විය හැක්කේ සංසර්ගයකදී යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැන්පත් වන ශූක්‍ර තරලය මගිනි. මෙසේ තැන්පත් වන ශුක්‍රාණූ යෝනි තරලය තුළින් ගමන් කර ගර්භාෂය තුළ තැන්පත් වෙයි. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. පැලෝපීය නාලවල ඈත කෙළවරදි ස්තී්‍ර බීජ හා එක්ව කලයක් නිපදවයි.

මෙම කළලය නිපදවීමට ඉතා සරු ශූක්‍රාණූ අවශ්‍ය වන අතර ඒ සඳහා විශාල ශූක්‍රාණූ ප්‍රමාණයක් අවශ්‍යයි. ශූක්‍ර තරලයේ ශුක්‍රාණූ මිලියන ගණනක් තිබිය යූතුයි. මන්ද ඉන් සකී්‍රයවන්නේ ඉතා සූළු ප්‍රමාණයකි.

මෙම තොරතුරු සැලකිල්ලට ගත් විට ඔබ නගා ඇති කිසිදු අවස්ථාවක ගැබ්ගත නොහැකි බව ඔබට වැටහෙනවා ඇත.
ශුක්‍රාණූවක් ශරරයෙන් පිටතට පැමිණි පසූ එහි ජීවන කාලය පැයකටත් වඩා අඩූ වේ. එමෙන්ම එය විසල් පරිසරයකට යළි අසූ වූවහොත් මේ කාලය තවත් අඩූවෙයි.




රාගම මහ රෝහලේ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය
සූනිල් ප්‍රනාන්දු

0 comments:

Proudly Powered by Blogger.