Thursday, December 18, 2014

ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න

by Api Nodanna Live  |  in Sex Education at  8:57 AM

ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න

දරු ගැබක් පිලිසිඳ ගත්තොත් එය හඳුනා ගන්නා ආකාරය ඔබ දන්නවාද?
නව යොවුන් වියේ අය පමණක් නොවෙයි වැඩිහිටි වියේ පසුවන ඇය අතරත් මේ ගැන පැහැදිලි අදහසක් නැහැ.
මේ නිසාම අලුත් අම්මලා ගොඩක් ගැටළු වලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා. නිවැරදි කාලයේදී ගර්භනී බව හඳුනා නොගැනීම නිසා වෛද්‍ය වරයෙකු කරා යොමු වීම පමා වීම, සැලකිලිමත් වීමට නොදැනිම නිසා ගබ්සා වීම් වලට ලක් වීම වගේ දේවල් සුලබයි.
මේ ලිපිය මගින් ඔබව දැනුවත් කරන්නේ ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමයයි.

ගර්භනී කාලයේ ඇති වන වෙනස්වීම් වලට හේතුව වන්නේ ශරීරයේ ඇති වන හෝමෝන වෙනස් කම්.
කළලය මවගේ ශරීරයට සම්බන්ධ කරන කලල බන්ධය මගින් hCG නමැති හෝර්මෝනයක් ස්‍රාවය කරනවා.
කලලයක් හටගෙන ඇද්දැයි බැලීමට මෙය උපකාරි වෙනවා. මෙම hCGහෝර්මෝනය පිටවන්නේ මුත්‍ර මාර්ගයෙන්.
මුත්‍ර පරීක්ෂණ පටියක් මාර්ගයෙන් (Strip) එය හඳුනාගත හැකියි. නමුත් වඩා නිවැරදි ක්‍රමය වනුයේ hCG ප්‍රමාණය ප්‍රමාණාත්මක ලෙස මැන බැලීමයි.
සාමාන්‍යයෙන් නිරෝගීව කලලයක් වර්ධනය වෙනවා නම් පැය 48 කට පසුව රුධිරයේ මෙම හෝර්මෝන ප්‍රමාණය දෙගුණයකින් වැඩිවනවා.
කලලය නිසි ලෙස වර්ධනය නොවේ නම් හෝ පැලෝපීය නාලයක පිහිටා තිබෙනවා නම් එවන් වර්ධනයක් දැකිය නොහැකියි.
කලලය මුල් අවස්ථාවේදීම ගබ්සාවීමක් සිදුවී තිබෙනවා නම් ඒ බව රුධිරයේ හෝමෝන මට්ටම නිරීක්ෂණය කිරීමෙන් හඳුනාගත හැකි වනවා.
ඒ වගේම හෝමෝන මට්ටම ඉහත කී ලෙස එකවර ඉහළ නොගොස් සෙමින් වැඩිවීමක් පෙන්නුම් කරනවා නම් ඇතැම් විට එය පැලෝපීය නාලයේ පිළිසිඳ ගැනීමක ලකුණක් විය හැකියි.
මෙවැනි තත්ත්වයක් නිරීක්ෂණය කළ වහාම නාරි හා ප්‍රසව වෛද්‍යවරයකු වෙත යොමු වීම ඉතා වැදගත්.

පැලෝපීය නාලයේ පිළිසිඳ ගැනීමක් මගින් මවගේ ජීවිතයට විශාල අවදානමක් ඇති බැවින් ඉක්මන් ප්‍රතිකාර අත්‍යවශ්‍යය.
මෙවැනි පරීක්ෂණයක් වඩා වැදගත් වන්නේ කුමන තත්ත්වයක සිටින කාන්තාවකටද?
මදසරුභාවය අද සුලබව දැකිය හැකි තත්ත්වයක්. ඒ සඳහා නලදරු ප්‍රතිකාර හෝ වෙනත් ප්‍රතිකාර ක්‍රම මගින් විසඳුම් තිබෙනවා. ඒ නිසා මෙවැනි ප්‍රතිකාර වලට යොමු වන්නට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට මෙය වඩා සුදුසු පරීක්ෂණයක්.

මුත්‍රා පරීක්ෂණය
මුත්‍රා පරීක්ෂණය මගින් ගැබ් ගැනීමෙන් සතියක් ඉක්මවූ පසු කාලය තුල හඳුනා ගන්නට පුළුවන්.
මේ සඳහා උදෑසනම මුත්‍රා සාම්පලය ලබා ගත යුතුයි. පිරිසිදු වියලි භාජනයකට මුත්‍රා සාම්පලය ලබා ගත යුතුයි.
මුත්‍රා සාම්පලයට පටිය දැමීමේදී නිල් පාට කොටසෙන් කෙලින් අල්ලා ගෙන ඉතිරි කොටස මුත්‍රා වල ගිලෙන්නට දෙන්න. තත්පර 10 ක කාලය තුල එලියට ගෙන හොඳින් නිරීක්ෂණය කරන්න.
හොඳින් නිරීක්ෂණය කිරීම් සඳහා එය වතුර උරා නොගන්නා මතුපිටක් මත දිග හැරෙන්නට තබන්න.
පැහැය මතු වීමට විනාඩි 5ක් 10ක් පමණ ගත වනු ඇති. එම කාලය ගත වන තෙක් නිගමනයකට එළඹෙන්න එපා.
pregtest
මුත්‍රා පටියේ නිල් පැහැයෙන් එක් ඉරක් දිස්වන්නේ නම් එහි අදහස ගර්භණී භාවයක් නැති බවයි.
SAMSUNG DIGITAL CAMERA gallery-ptest120
නමුත් ඉරි දෙකක් දුඹුරු පැහැයෙන් දිස්වෙනවා නම් එය ගර්භණී භාවය තහවුරු කරනවා.
test-positive gallery-ptest2

පැහැදිලි පටියක් පෙනෙන්නට නොතිබුනොත් ඔබ යම් වරදක් සිදු කරලා තිබෙනවා. එක්කෝ මුත්‍රා සාම්පලය ප්‍රමාණවත් නැහැ. එක්කෝ පරීක්ෂණ පටිය කල් ඉකුත් වෙලා.
ඒ පටිය ඉවත් කරලා අලුත් එකක් අරගෙන නැවත නිවැරදි ආකාරයට පරීක්ෂණය සිදු කරන්න.
පරීක්ෂණ පටි ගබඩා කිරීම සෙල්සියස් අංශක 18-30 අතර උෂ්ණත්වයේ විය යුතුයි.
කෙලින්ම ඉර එලියට නිරාවරණය නොවිය යුතුයි. නැවත පාවිච්චි කිරීම හෝ කල් ඉකුත් වු පසු පාවිච්චි නොකළ යුතුයි.

පරීක්ෂණ පටි හැරුණු කොට දැනට වෙළඳ පොලේ Pregnancy Kit මිලදී ගන්නට තිබෙනවා. මේවා එක එකක් ක්‍රියා කරන ආකාරය එකකට එකක් වෙනස්. ඒ නිසා ලබා දී ඇති උපදෙස් අනුව පරීක්ෂණය සිදු කල යුතු වනවා.
කෙසේ වෙතත් මෙවැනි පරීක්ෂණයක් සඳහා යොමුවීමේදී නිසි ප්‍රමිතියකින් යුතු රසායනාගාරයක් හරහා පරීක්ෂණයකට යොමුවීමෙන් වඩා නිරවද්‍ය හා ගුණාත්මක වාර්තාවක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.
මේ ආකාරයට ගැබ් ගැනීමක් තහවුරු කරගැනීමෙන් පසු ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමු වී අදාළ උපදෙස් ලබා ගත යුතුයි.

-රුවනි-

0 comments:

Proudly Powered by Blogger.