Monday, February 2, 2015

නාන්න හොඳම උණු වතුරද ඇල් වතුරද ?

by Api Nodanna Live  |  in Life at  7:52 PM

ඇඟේ මහන්සිය යන්න වතුර මල යටට ගිහින් නාගන්නේ කොයි වේලාවේද කියලා බල බල ඉන්න ඔබ දන්නවද දිය නෑම මගින් ඔබට බොහොමයක් ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට උපක්‍රම තිබෙන බව. හැබැයි නිවැරදි ආකාරයට සිදු කලොත් විතරයි එය එසේ වන්නේ. නැතිනම් නැති ලෙඩ හැදෙන්නත් බැරි කමක් නැහැ. මෙන්න ඒ ගැන සටහනක්.

විස නැසීමට
ශරීරයට ඇතුළු වූ විස නැති කිරීමට ෆැරන්හයිට් අංශක 90 – 95ක (සෙල්සියස් අංශක 32 – 35 ක) උෂ්ණත්වයෙන් යුතු ජලය ස්නානය කරන්න.
මෙවිට දහදිය දැමීම හොඳින් සිදුවී ශරීරගත විස දහදිය මගින් පිටවීම හොඳින් සිදු වේ.
උණුසුම් ජල ස්නානයෙන් රුධිරයේ සීනි මට්ටම අඩු වේ. සන්ධි හා මාංස පේශී වේදනාවට ද සහනයක් ලැබේ.
අන්ත්‍රවල ක්‍රියාකාරිත්වය ක්‍රමවත් වෙන නිසා මල බද්ධයෙන් පීඩා විඳින්නන්ට හොඳ ප්‍රතිකර්මයක්ද වෙයි. මිනිත්තු 10 – 20 ක් මඳ උණුසුම් ජලය ස්නානය කිරීමෙන් මේ ප්‍රතිඵල ලබාගත හැකියි.

ආතතිය
ආතතියෙන් පීඩා විඳින නිරෝගී පුද්ගලයන්ට ඇති හොඳම විසඳුම සිසිල් ජලය ස්නානය කිරීමයි. උෂ්ණත්වය (ෆැරන්හයිට් 55 – 65) (සෙල්සියස් 12 -18) නම් වඩාත් සුදුසුයි.
සිසිල් ජලය ආතතිය සැනකින් දුරුකරන සුව ඔසුවකි. සිසිල් ජලය රුධිරයේ සීනි මට්ටම වැඩි කරයි. රුධිර නාල සිහින් කරයි.
තත්පර 6 -30 ක් සිසිල් ජලය ස්නානය කිරීම හොඳටම ප්‍රමාණවත්ය.

ආසාදන
සෙම්ප්‍රතිශ්‍යාව සහ හිසරදය ස්නානය කරන විට දෙපා උණුසුම් ජලයෙන් තෙමීම සෙම්ප්‍රතිශ්‍යාවට සහ හිසරදයට සහනයක් ලබාගත හැකි මාර්ගය.
සිසිල් ජලය නෑමේදී ලැවෙන්ඩර්, පෙපර්මින්ට්, ලෙමන් වැනි සුවඳැති තෙල් වර්ගයක් එක් කරන්න. මිනිත්තු 10 – 20ක් නෑම ප්‍රමාණවත්ය.

නින්ද නොයාම
සිසිල් ජලයෙන් දෙපා නෑවීමෙන් ලබාගත හැකි ප්‍රතිඵල අතිමහත්ය. නින්ද යාම ගැන ඇති ගැටලුවක් ඇති ඕනෑම අවස්ථාවක මේ පිළියම කදිමයි.
මෙය මළබද්ධයටත් අපූරු ප්‍රතිකර්මයකි. නාසයෙන් ලේ ගැලීමට, දෙපා වෙහෙසට, සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිට සිසිල් ජලයෙන් දෙපා නහවන්න. හැකි වේලාවක් එසේ කරන්න.
රුධිර සංසරණය හොඳින් සිදුවීමට උණුසුම් සහ සිසිල් ජලය මාරුවෙන් මාරුවට නාන්න. නහර ගැට ගැසීම වැනි තත්ත්වයන්ට මෙය කදිමයි. උණුසුම් ජලයේ මිනිත්තුවක් දෙකක් දෙපා පොඟවන්න. ඉන් පසු තත්පර 30ක් සිසිල් ජලයේ පොගවන්න.
අවසන් කළ යුත්තේත් සිසිල් ජලයෙන් සේදීමෙනි. එහෙත් මෙය හදවත් රෝගීන්ට නම් කොහෙත්ම හිතකර නැත. සතියකට වරක් නෑමෙන් සමෙහිත් කොණ්ඩයේත් නීරෝගිකම හොඳින් රැකගත හැකි බව අලුත්ම වෛද්‍ය මතයයි. දිනපතා නෑමේදී සමේ සහ හිස් කබලේ ස්වභාවික තෙල් විනාශ වී යයි.
සම වියළෙයි. තරුණ වියේ කෙනෙකු ස්නානය කළ විට සම වියළීම අඩු නමුත් වියපත් වීම සමගම සමෙහි වියළීම ද වැඩිවෙයි.

0 comments:

Proudly Powered by Blogger.