Saturday, January 3, 2015

ලිංගික එක් වීමේදී වේදනාව............18+

by Api Nodanna Live  |  in Sex Education at  6:37 AM


ගැටළුව :
 මා ලිංගිකව මාගේ සැමියා සමග එකතු වන විට මාගේ යෝනි ප්‍රදේශයේ පිච්චෙනවා සේ දැනීමක් ඇති වේ. තවද මා විවාහ වූයේ දැනට මාස කිහිපයකට පෙරදිය. මේ පිළිබද සැමියාට පවසා සිත රිදවීමටද වුවමනාවක් නැත.මා හට දරුවකු පිළිසිද ගැනීමට අවශ්‍යතාව තදින්ම පවතී. මා කියවා ඇති පරිදි ආයුර්වේදයේ මේ සදහා දින සහ පැති සදහන් කොට ඇත. මේ පිළිබද  උපදෙස් දෙන්නේ නම් වටිනේය.
කලුතරින් රශ්මි

පිළිතුර :
අපගේ පළමු පාඨක ගැටළුව ඉදිරිපත් කිරීම ගැන රශ්මි මහත්මියට පළමුව ස්තුති වන්ත වෙමු. ඔබ‍ගේ පළමු ගැටළුවට මා පුළුල් පිළිතුරක් ලබා දෙන්නම්. මෙවැනි දැනීමක් ඇති වීමට පළමු හේතුව නම් යෝනි මාර්ගයේ ලිහිසි ස්වභාවය නැති වීමයි. මෙයට විවිධ හේතු බලපෑ හැකිය. ඔබ ලිංගිකව උත්තේජනය වීමේදි යෝනි මාර්ගයේ සැලකිය යුතු ලෙස තෙත් ස්වභාවයක් නොපවතී නම් ඔබ හට ජල පාදක ලිහිසි කාරකයක් ( Water based lubricant ) භාවිතා කළ හැක. දැනට ශ්‍රී ලංකා පවුල් සැලසුම් ආයතනයෙන් බෙදා හරින Easy Glide  නමැති නිශ්පාදනය භාවිත කරන්න. ඔබගේ ගැටළුවේ දක්වා ඇති පරිදි ඔබ පවුල් සැලසුම් ක්‍රම භාවිතා නොකරන බවක් පෙනේ. නමුත්  කොන්ඩම භාවිතා කරන්නේ නම් ලිහිසි කාරකයක්  භාවිතා කරන්නේ නම් මෙම සංකුලතාවය මගහරවා ගත හැක. තවත් එක් හේතුවක් වනුයේ ඔබ ලිංගික එකතු වීමකට හා වේදනාවකට බයක් දැක්වීමයි. එවිට ඔබගේ යෝනියේ හා ඒ අවට මාංශපේශින් දැඩි වී ලිංගික කාර්යය අසීරු සහ අප්‍රියජනක අත්දැකීමක් වනු ඇත. ඔබ සැමියාට බොහෝ ආදරයක් ඇති බවක් හැගේ . එබැවින් මේ පිළිබද නිස්කලංකව කතා කොට මෙම සුලු  ගැටළුව විසදා ගැනීමට යොමු වන්න.
දරු පිළිසිද ගැනීමකට අනිවාර්යයෙන්ම නිවැරදි දිනය පිළිබද අවබෝධයක් තිබිය යුතුය. ඔබගේ ඔසප් වීම නිසි ආකාරයෙන් රටාවකට සිදුවේ නම් , ඔසප් වීමට නියමිත දිනයට දින 14 කට පෙරදී ඩිම්බ කෝශයෙන් ඩිම්බයක් පිටවේ. එනම් ඔසප් වීමට නියමිත දිනයට දින 16ත් 12ත් අතර මැදදී ලිංගික එකතුවීම අනිවාර්ය වේ.
 ලිංගික එකතුවීමේදී දරු පිළිසිද ගැනීමකට සාර්ථක ඉරියව් කිහිපයක් නම් ,

    මිශනාරි ඉරියව්ව
    පිටුපසින් එකතු වීමේ  ඉරියව්ව (rear entry)

0 comments:

Proudly Powered by Blogger.