Wednesday, December 10, 2014

නිරෝගිමත්, ලස්සන ජීවිතයකට මග පෙන්වන කායික සබඳතාවක බලය +18

by Api Nodanna Live  |  in Sex Education at  10:48 AM



ලොව වඩාත්ම කතාබහට ලක්වන හා කුතුහලය දනවන විෂය වන්නේ කායික සබඳතාවන්ය. අවිවාහක තරුණ තරුණියන් අතර අත්දැකීම් නොමැතිකමින් මෙය විෂයක් වනූ ඇතැයි ඔවූන් සිතුවද, විවාහකයන්ට එයින් මිදී සිටීමට නොහැකිය. එහෙයින් කායික සබඳකම් තුළ බොහෝ ගුප්ත බලයක් ඇතැයි අපට සිතීමට සිදුවේ.

කායික සබඳතා සම්බන්ධයෙන් ලොව මිනිසා කටයූතු කරන්නේ දෙයාකාරයකිනි. එනම් පිරිසක් එයට දැඩි උනන්දුවක් හා ලොල් බවක් දක්වද්දී, තවත් පිරිසක් ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ථ හෝ උදාසීන බවක් දක්වති. එසේ මධ්‍යස්ථ හා උදාසීන බවක් පෙන්නූම් කරන්නෝ එය පරපූර ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය දරුවන් ලැබීමේ ක්‍රමවේදයක් ලෙසින් පමණක් සිතා කටයූතු කරති.

නමූත් කායික සබඳකම් මගින් මිනිස් සිත හා කයට සිදුවන බලපෑම් බොහෝය. එහෙයින් එය නිවැරදිව හා කදිම ස්වරූපයෙන් පවත්වාගෙන යා යූතු ජීව ක්‍රියාවක් බව අනිවාර්යයෙන්ම අවබෝධ කර ගැනීමට සිදුවේ.
ප්‍රතිලාභයක් ලෙසින්

සාර්ථක හා ප්‍රීතිමත් විවාහ ජීවිත ගෙවන්නන්ට කදිම කායික සබඳතාවක් තිබීම අවශ්‍ය වන්නේ එය ජීවිතයේ දියූණූව කරා ගමන් කිරීමට අවශ්‍ය මානසිකත්වයක් සකස් කිරීමට ඉවහල් වීමෙනි. කායික සබඳතාවකදී සිදුවන දේ අවබෝධ කර ගැනීම සෑම ගැහැනියකටම අවශ්‍ය වන්නේ එයින් තමා තුළ හා පිරිමියා තුළ සිදුවන හිතකර වෙනස්කම් හඳුනා ගැනීමටය. එමගින් මොළයෙහි ප්‍රීතිය උපදවන හෝර්මෝන නිකුත් කිරීමකි. එහෙයින් ආදරයේ කායික අංශය මිනිස් සිරුරෙහි සෞඛ්‍යයට සෑම අංශයකින්ම හිතකර බව නූතන වෛද්‍ය විද්‍යාව තරයේම පිළිගත්තක් බවට පත්ව තිබේ. නමූත් ඒ සියල්ලම හිමිවන්නේ ඔබ ආරක්ෂිත කායික සබඳකම්වල යෙදීමෙන් පමණි.

දෙදෙනාගේම ප්‍රබල උනන්දුව

වෛද්‍ය විද්‍යාව මෑතකදී කරන ලද අධ්‍යයනයන්ට අනූව ගැහැනූන් හා පිරිමින්ට කායික සබඳකම් කෙරෙහි ඇත්තේ සමාන උනන්දුවකි. කලකට ඉහතදී එම තත්ත්වය පිළිගත්තේ පිරිමියා තුළ වැඩි ලොල් බවක් හා ගැහැනිය තුළ එය දුර්වල හැඟීමක් සේ පවතින බවය.

කලබලකාරීව

කායික සබඳතාවන්හිදී කළබල වීම වරදක් බව පැහැදිලි වේ. දරුවන්ගෙන් සිදුවන බාධා, කාර්ය බහූලත්වය, ආදී හේතු මත බොහෝ පිරිමින් උත්සාහ කරන්නේ අඩූම කාලයකින් කායික තෘප්තියක් ලැබීමටය. එහි ප්‍රතිඵලය වන්නේ ගැහැනූන් තුළ කායික සබඳතා කෙරෙහි වූ උනන්දුව අවම වී යෑම පමණි.

පිරිමින් මරණයට පත්වීම සහ කායික සබඳතා

ඇමෙරිකාවේ බෙල්ෆාස්ටිහි කුවීන්ස් සරසවිය පිරිමින්ගේ කායික සබඳකම් හා මරණයට පත්වීම සම්බන්ධයෙන් සමීකෂණයක් කර තිබේ. එය මැදිවියේ පිරිමින් 1000 ක් සම්බන්ධයෙන් වසර 10 ක් කාලයක් පූරා පැවැත්වූවකි. එයට අමතරව එම පිරිස සසඳා බැලුනේ එම වයස් කාණ්ඩයේම නිරෝගී පිරිමින් සමගිනි. එම සමීකෂණ වාර්තා බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ පළවූ අතර, එයට අනූව හොඳ කායික සබඳතා පවත්වන පිරිමින් මරණයට පත්වීමේ ප්‍රවණතාව, දුර්වල හා අක්‍රමවත් කායික සබඳතා පවත්වන පිරිමින්ට වඩා දෙගුණයකින් අවම බවය. සාමාන්‍ය මිනිසකු මරණයට පත්වීමට ඔහූගේ මානසික හා කායික සෞඛ්‍යය බලපානූ ඇත.

එයට අමතරව නිරෝගී කායික දිවියක් නොමැති පිරිමින් පොස්ටේ‍රිටි ග්‍රන්ථියේ අබාධවලින් පෙළීමද වැඩි බවක් දැන් හෙළිවී තිබේ.

සබඳතාවයක බලය

කායික සබඳතාවක් පවත්වද්දී ගැහැනූ හා පිරිමි දෙපකෂයේම රුධිර පීඩනය හා හෘද ස්පන්ධනය දෙගුණයක් බවට පත්වේ. එය සමාන වන්නේ කය වෙහෙසා යම් කාර්යයක යෙදීමට හෝ ව්‍යායාම්වල යෙදීමකටය.

මේ සම්බන්ධයෙන් කරුණූ දක්වන ලිංගික විද්‍යාව පිළිබඳ පර්යේෂණඥවරයෙකු වන ආචාර්ය ප්‍රකාශ කොතරි පවසන්නේ "එක්වරක් අඹූ සැමි යූවළක් අතර ඇතිවන කායික සබඳතාවක් උයනක වේගයෙන් සිව්වරක් ඇවිද යෑමකට සමාන බවය. කායික සබඳතාව යන්න පැබ.ි යැ්කඑය සඟරාව විග්‍රහ කර ඇත්තේ එය සියලු ව්‍යායාම උපකරණ සමග කටයූතු කිරීමකට සමාන බවය. එනම් යහපත් කායික සබඳතාවකදී බොහෝ රෝගයන්ට ප්‍රතිකාර හිමිවීමක් සිදුවන බවය. මන්ද එයින් බොහෝ රෝග සමග සටන් කරන ප්‍රතිදේහයන් ක්‍රියාත්මක වීමක් සිදුවන නිසාවෙන්ය.
සියූරෙක්ස් ග්ලෝබල් 2005 සමීකෂණය

කායික සබඳතා සම්බන්ධයෙන් වාර්ෂිකව සමීකෂණ පවත්වන සියූරෙක්ස් ග්ලෝබල් සෙක්ස් සමීකෂණයෙහි 2005 වසරේදී සමීකෂණ වාර්තාව කෙරෙහි ඔබ අවධානය යොමූ කළහොත් එහි නූතන තත්ත්වය අධ්‍යයනය කිරිමට හැකිවේ. මන්ද කලින් කලට කායික සබඳකම්හි ස්වරූපය වෙනස් නිසාවෙනි.

1ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනයක් හිමිවන ලොව සාමාන්‍යය වයස වන්නේ අවූරුදු 13. මාස 2 කි.

2ලොව පූරාම මිනිසූන් තම මූල්ම කායික සබඳකම පැවැත්වූ වයසෙහි සාමාන්‍යය වන්නේ අවූ. 17 මාස 3 කි.

3විවිධ පූද්ගලයන් සමග ලිංගික සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙම සමීකෂණයෙහි අවධානය යොමූව තිබේ.

4ලොව පූද්ගලයන් (වැඩිහිටි) සියයට 47 ක් ම අනෙකාගේ ලිංගික සබඳතා ඉතිහාසය නොදැන කායික සබඳකම් පවත්වා තිබේ. එය අයත් වන්නේ අනාරක්ෂිත කායික සබඳකම්වලටය.

5තම කායික සබඳතා පිළිබඳව ලොව වැඩිහිටියන්ගෙන් තෘප්තියට පත්ව ඇත්තේ සියයට 44 ක් පමණි. එමෙන්ම ලිංගිකත්වය පිළිබඳව කතාබහ කිරීමට හා ලිංගිකව හැසිරීම ලොව වැඩිහිටියන්ගෙන් සියයට 45 ක් විවෘතභාවය පෙන්නූම් කෙරෙති.

0 comments:

Proudly Powered by Blogger.