ඒඩ්ස්
රෝගකාරක එච් අයි වී වයිරසය එය හඳුනා ගත් කාලයේ සිතූ තරම් මාරාන්තික රෝග
කාරකයක් නොවන බව ප්‍රධාන පෙළේ වෛද්‍ය පරීක්ෂණයකින් හෙළි වී තිබේ.
බොට්ස්වානා රාජ්‍යයේ වයිරසය වැළඳුණ කාන්තාවන් සිය ගණනක් සහභාගී කර ගනිමින්
ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් සිදු කළ පරීක්ෂණයක් මගිනුයි මේ බව සොයා ගෙන
ඇත්තේ.
ස්වරූපය වෙනස් කිරීම්
වයිරසය තම පැවැත්ම සඳහා එයට අහිතකර අන්දමේ ස්වරූපය වෙනස් කිරීම් පවා සිදු කරන බැවින් එය ශරීර ගත වූ පුද්ගලයකුට මාරාන්තික ලෙස ඒඩ්ස් රෝගය වැළඳීමට දිගු කලක් ගත වන බවයි පර්යේෂකයන් කියා සිටින්නේ.
නමුත් මේ සොයා ගැනීම නිසා ඒඩ්ස් මාරාන්තික රෝගයක් ලෙස සැලකීමෙන් බැහැරව සිටිය නොහැකි බවයි නොටින්හැම් සරසවියේ වයිරස වේදය පිළිබඳ මහාචාර්ය ජොනතන් බෝල් පවසන්නේ.
තර්ජනයක්
“වයිරසය දුර්වල වන බවට ලක්ෂණ පෙනුනට තවමත් මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණයට හානි කිරීමේ හැකියාවක් ඊට තියෙනවා. මේ නිසා මිනිසුන්ට ඒඩ්ස් වැළඳීමේ අවදානම තුරන් වෙලා නැහැ. වෙලා තියෙන්නේ රෝගය හැදෙන්න යන කාලය දිගු වීම පමණයි. ඒ නිසා වැඩි බලයක් සහිත ඖෂධ ලබා දීම වැදගත්,” මහාචාර්ය බෝල් ප්‍රකාශ කළේය.
බලය හීන වී ඇති නමුත් ඒඩ්ස් රෝග කාරක එච් අයි වී වයිරසය තවමත් මානව සෞඛ්‍යයට තර්ජනයක් බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.



උපුටා ගැනීම බීබීසී
0 comments: