Thursday, December 25, 2014

කොහේ ගියත් ඔයාව කැපිලා පේන්න ඇඳුමක් තෝරාගන්නේ මෙහෙමයි

by Api Nodanna Live  |  in Life at  7:12 PM


කොහේ ගියත් ඔයාව කැපිලා පේන්න ඇඳුමක් තෝරාගන්නේ මෙහෙමයි

අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න මේ දවස් වල කවුරුත් උනන්දුවෙන්. විශාල තදබදයක් අස්සේ තමන්ට ගැලපෙන තමන්ගේ හැඩ කැපිලා පේන විදියට හොඳම ඇඳුම තෝරාගන්න ඔබට පුළුවන් උනාද?
අපි අද ඔබට කියලා දෙන්න යන්නේ යුවතියක් තමන්ගේ සුන්දරත්වය වැඩි වෙන විදියට ඇඳුමක් තෝරා ගනිද්දී සැලකිලිමත් වෙන්නට ඕනෑ දේවල් ගැනයි. මේ දේවල් ගැන ඔබේ අවධානය යොමු කලොත් අලුත් අවුරුද්දේ අලුත් ඇඳුම් එක්ක ඔබේ පෙනුමත් අලුත් වේවි.
මුලින්ම ඔබට ගැළපෙන දේ වටහා ගන්න. කාන්තාවක් තමාට වඩාත් හොඳම දේ කුමක්දැයි කියා හොඳින් තේරුම් ගත යුතුයි.
විශේෂයෙන් තමන්ට ගැළපෙන්නේ කුමන ඇඳුම්දැයි ඇය වටහාගත යුතුමයි. එමෙන්ම තමන්ට නොගැළපෙන, නුසුදුසු ඇඳුම් මොනවාද යන්නත් වටහා ගත යුතුයි. එත් ඒ කොහොමද?
මෙසේ ඔබට සුදුසු දේ තෝරා ගෙන ඔබ ඔබගේ ස්වාභාවය තේරුම්ගෙන වෙනස් වීමට පියවරක් ඉදිරියට තබනවා නම් ඔබේ ඇඳුම් රාක්කයෙහි සහ ඔබේ ඇඳුම් අල්මාරියේ ඇති නොගැළපෙන ඇඳුම් ඉවතට දමන්න.
ඔබ විවිධ ඇඳුම් විලාසිතා ඇඳ සම්පූර්ණ සිරුරම පෙනෙන කණ්ණාඩියක් ඉදිරිපිටට යන්න. කණ්ණාඩිය තුළින් හොඳින් ඔබ දෙස බලන්න.
අවශ්‍ය නම් නැවත නැවතත් විමසිල්ලෙන් බලන්න. ඔබට සුදුසු දේ සහ නුසුදුසු දේ එය වඩාත් හොඳින් ඔබට පහදා දේවි.
ඇඳුමේ තත්ත්වය නොව එය ඔබට ගැළපෙනවාද යන්න පිළිබඳව අවධානය යොමු කරන්න.
ඇඳුම ඔබ ඇඳි විට එය ඔබේ සිරුරේ හැඩයට හොඳින්ම ගැළපිය යුතුයි.
අත්, උරහිස්, ඔබේ අත්, උරහිස් ආදියට වඩා විශාල නම් එය ඔබට ගැළපෙන්නේ නැහැ. ඔබට ඔපයත් ලස්සනක් ලැබෙන්නේ ඔබේ සිරුරට ඇඳුම හොඳින් ගැළපෙන්නේ නම් පමණයි.
ඔබගේ සිරුරට ගැළපෙන ලෙස සිරුරේ හැඩය ඉස්මතුවන ලෙස ඇඳුම් මසන්නියක් සිටී නම් දෙවරක් නොසිතාම ඔබ ඇයව තෝරා ගත යුතුයි. එසේ නොමැතිව ඔබේ මිතුරියන් කියන ස්ථානයකට, වැඩි ප‍්‍රසිද්ධියක් ඇති ස්ථානයකට යන්න එපා. සමහර විට එවැනි ස්ථානවලින් ඔබේ අවශ්‍යතාව ඉටු නොවේවි.
ලාභයට ගන්න පුළුවන් ඇඳුම් හැම අයකුටම ගැළපෙන්න නැහැ. ඔබ වෙළෙඳ පොළේ හෝ සාප්පු සවාරි යන අවස්ථාවල මිල අඩු ඇඳුම් කොතෙකුත් තිබෙන්නට පුළුවනි.
ඒවායේ මිල අඩුවීම පිළිබඳ සමහර විට ඔබ පුදුමයට පත්වේවි. ඒ නිසාම අතේ තියෙන මුදල් වලින් එම ඇඳුම් මිලදී ගන්නට ඔබ පෙළෙඹෙනවා.
මිල අඩු වූ පමණින් එම ඇඳුම් ඔබට ගැළපෙන්නේ නැත. ඇඳුම් මිලදීගත යුත්තේ ඇඳ තමාට සුදුසුදැයි තීරණය කිරීමෙන් පසුවය.
මේ නිසා මිල අඩු වූ පමණින් ඒවා මිලදී ගන්න එපා. ඒවා මිලදී ගැනීමෙන් සිදුවන්නේ ඔබට පාඩුවක් වීම පමණි.
ජේත්තුවට ඉන්න ඇඳුම් පිළිබඳව හිතල මදි. කාන්තාවක් සෑම දෙයින්ම අංග සම්පූර්ණව සිටිය යුතුයි. ලස්සනට ඇඳුමක් ඇඳීම පමණක් ප‍්‍රමාණවත් නැහැ.
හිසකෙස් හොඳින් පීරා පිළිවෙළට සකස් කර තිබීම වැදගත්. ඇඳුම් වල සහ සිරුරේ පිරිසුදුකමත් හරිම වැදගත්.
දෑතේ නිය සහ දෙපාවල නිය පිළිවෙළට සකසා තිබිය යුතුයි. මේ නිසා දෙපා සහ දෑත් හොඳින් සෝදා නිය ආලේපන ගල්වන්නේ නම් ඒවා ගල්වන්න.
පොතු කැඩුණු නියපොතු කුණු රැඳුණු නියපොතු, නිය ආලේපන තැනින් තැන රැඳී ඇති නිය කාන්තාවට ගෙනෙන්නේ අවලස්සනකි. නියපොතු හොඳින් කපා ඔප මට්ටම් කර ගත යුතුයි.
ඇඳුමක් ඇඳීමේදී සුව පහසුව පිළිබඳව පළමුව සිතන්න. රැකියාවක නියුතු කාන්තාවක් හෝ යුවතියක් නම් තමා උදෑසන අඳින ඇඳුම් රාතී‍්‍රය වෙනතුරුත් ඇඳ සිටීමට සිදුවන අවස්ථා තිබෙනවා.
කෙසේ වෙතත් පැය 8, 9 කටත් වඩා එකම ඇඳුම ඇඳගෙන සිටීමට සිදුවන නිසා ඔබේ සම්පූර්ණ දවසම පහසු ලෙස අපහසුවකින් තොරව ගත කළ හැකි වන ඇඳුම් ඇඳීමට තෝරා ගන්න.
ඒවා දවසම ඔබව පහසුවෙන් තබන ඒවා විය යුතුයි. එමෙන්ම හොඳින් දහදිය උරා ගන්නා ඒවා වීම ද වැදගත්.
හොඳින් හුස්ම ගැනීමට නොහැකි ඇඳුමක් ඇඳීමෙන් දවසම ගත කරන්නට සිදුවන්නේ තෙහෙට්ටුවෙන්.
එමෙන්ම පාවහන් ද දෙපයේ ප‍්‍රමාණයට ගැළපෙන දෙපයට අපහසුවක් නොවන ඒවා තෝරා ගන්න. අඩිය උස වැඩි පාවහන් දෙපයට වඩා කුඩා සහ විශාල පාවහන් පැළඳ ගමන් කිරීම බෙහෙවින්ම අපහසුයි. එය ඔබගේ දෛනික රාජකාරී කටයුතුවලට බාධාවක්.
තත්ත්වයෙන් ඉහළ පාවහන් යුගල එකක්වත් ඔබ සතු විය යුතුයි.මේ සඳහා වඩාත් සුදුසු වන්නේ සම්වලින් නිම කළ පාවහන්ය.
සම්වලින් කළ හොඳ තත්ත්වයේ පාවහන් යුවළක් වසරක් හෝ සමහර විට වසර හතර පහක්ම භාවිතා කළ හැකියි.
එවැනි පාවහන් වලින් දෙපා තුවාල වන්නේ ද නැහැ. දිගු කාලයක් භාවිතා කර කැඩුණු පසුව නැවතත් හොඳ තත්ත්වයේ පාවහන් යුගලක් මිලදී ගන්න.
එක්වර විශාල මුදලක් වැය කරන්නට සිදු වුවද දිගු කාලයක් භාවිතා කළ හැකිවීම ඔබට වාසියකි. දෙපයට ද පහසුවකි.
මේ පාවහන් යුවළට අමතරව තවත් එතරම් මිල නොවන පාවහන් යුගල කිහිපයක්ම ඔබ ළඟ තබා ගන්න. එමෙන්ම මේ පාවහන් මාරුවෙන් මාරුවට පැළඳීමෙන් දිගු කාලයක් හොඳින් භාවිතා කළ හැකියි.
ඔබ අඳින ඇඳුමේ වර්ණ පිළිබඳව විමසිලිමත් වන්න. සමහර වර්ණ සෑම අවස්ථාවකටම සුදුසු නැහැ.
අඳින ඇඳුමේ වර්ණය ඔබ යන ගමනට සුදුසු විය යුතුයි. එමෙන්ම ඔබ ඇඳුමක් ඇඳි විට එහි වර්ණයෙන් ඔබේ කම්මුල්වලට පැහැයක් පෙනුමක් ලැබිය යුතුයි.
මේ නිසා ඔබ ඇඳුම් තොරා ගැනීමේදී එම ඇඳුම්වල වර්ණයන්ගෙන් ඔබේ මුහුණට ලැබෙන එළිය පිළිබඳව ද විමසිලිමත් වන්න. උදාහරණයක් ලෙස රතු උණුසුම් වර්ණයක් වුවද, එහි පැහැය ඔබේ කම්මුල්වලට පැහැයක් මෙන්ම එළියක් ද ගෙන නොදෙන අවස්ථා තිබෙනවා.
ඒ අවස්ථා පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. එමෙන්ම අඳින ඇඳුමේ වර්ණවලට ගැළපෙන ලෙස මේකප් කිරීමටත් පුරුදු වන්න.
එසේ නොවුණහොත් ඔබෙන් දිස්වන්නේ අස්වාභාවික පෙනුමක්. සමහර විට ඔබෙන් දිස්වන්නේ සංදර්ශනයක පෙනුම වීමට පුළුවනි.
මුදු දෙකක් – එක් ඔරලෝසුවක් ඔබේ ගෙළට ගැළපෙන වඩා දිගු නොවූ කෙටි රන් දම්වැලක් අතට සිහින් බ්‍රේස්ලට් එකක් පළඳින්න.
අත් ඔරලෝසුවක්, මුදුවක් හෝ මුදු දෙකක් පමණක් පැළඳීමෙන් ඔබේ සුන්දර පෙනුම ආරක්ෂා වනවා.
එසේ නොමැතිව දෑතේ ඇඟිලි පුරා මුදු පැළඳීමත් ගෙළට එකකට වඩා මාල පැළඳීමත් මගින් ඔබෙන් දිස්වන්නේ විකාර රූපී පෙනුමක්.
ඔබේ තත්ත්වය ආරක්ෂා කර ගත හැකි ලෙස, ලාලිත්‍ය හා ආඩම්බරකාරී පෙනුම රඳවා ගත හැකි ලෙස ඇඳුම් පැළඳුම් තෝරා ගන්න.
ඔබේ පෙනුම වැඩි දියුණුවන ලෙස, ඔබ වෙතින් ආකර්ෂණීය පෙනුමක් ඉස්මතු වන ලෙස ඔබටම ආවේනික මෝස්තර අනුගමනය කරන්නට උත්සාහ ගන්න. එමගින් අන් ළඳුන් අතරින් ඔබේ සොඳුරු පෙනුම කැපී පෙනේවි.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.