Monday, December 15, 2014

ඔබ නිදියන ඇඳ ඔබේ වාසනාව තීරණය කරන හැටි

by Api Nodanna Live  |  in Sri Lanka at  8:21 PM


නිදන කාමරය කියන්නෙ නිවෙසක අත්‍යවශ්‍ය අංගයක්. එය නිසි වාස්තු විද්‍යානුකූල පරිසරයක සැලැසුම් කිරීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. නින්ද, විවේකය සොයා එන නිදන කාමරය නෙතට සිතට ප්‍රිය උපදවන්නක්ම විය යුතුයි. එසේ නොවීමෙන් තමන්ගේ මුළුමහත් ජීවිතයේම කරදර කම්කටොලුවලට මුහුණ දීමට සිදුවන්නට ඉඩ තිබෙනවා.
නින්දට සුබ දිශාව
නිදන කාමරයේ නිදාගන්නා දිශාව නිවැරැදි දැයි පරීක්ෂා කරන්න. උතුර, ගිනිකොන සහ බටහිර දිශාවට හිස දමා නිදාගැනීම අසුබදායකයි.
චුම්භක ක්‍ෂේත්‍රයේ පිහිටීම අනුව මනසට අහිතකර බලපෑමක් සිදුකිරීමට මෙම දිශාවන්ට හැකියාව පවතිනවා. දකුණ සහ නැඟෙනහිර යන දිශාවන්ට හිස දමා නිදාගැනීමෙන් ඇතිවන්නේ හිතකර බලපෑමක්.

සෙසු දිසාවන්ගෙන් හිතකර සහ අහිතකර බලපෑම් සම මට්ටමින් සිදුවෙනවා.
බොහෝ නිදන කාමරවල කණ්ණාඩි මේසයක් හෝ කණ්ණාඩියක් තිබීම සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ නිදා සිටින ඉරියව්ව කණ්ණාඩියෙන් නොපෙනන පරිදි කණ්ණාඩිය තැබීමට පුරුදුවන්න.
සිහිනයෙන් බියවීම සුවබර නින්දක් නොලැබීමට හේතුවක් වෙනවා.

ඇඳ තබන ස්ථානය
ඔබගේ නිදන කාමරයේ ප්‍රධාන නිදන ඇඳ තනි ඇඳන් 2ක් එකට එකතු කර නොතබන්න. (සිංගල් ඇඳන් 2ක් එකතු කර) ඒ සඳහා ඩබල් ඇඳක් හෝ සිංගල් ඇඳක් භාවිත කරන්න.
නිවෙසේ සෞභාග්‍යයට එය බාධාවක්. එමෙන්ම නිදන කාමරයේ ප්‍රධාන ‍දොරත්, වැසිකිළි, නාන කාමර දොරත් අතර නිදන ඇඳ තැබීම සුබ පිහිටීමක් නොවෙයි. කරදරවලට මැදිවූ ජීවිතයක් ඔබටත් උරුම වෙන්න හේතුවක්.

කාමරයේ ‍දොර
ප්‍රධාන නිදන කාමරයේ ‍දොර කාමරය තුළට විවර විය යුතුයි. පිටතට විවර කිරීම අසුබයි. සෞභාග්‍ය ඔබේ නිවෙසට කැඳවාගෙන එන සහ එය නිවෙසින් පලවාහැරීමට තරම් හේතුවන ප්‍රබල වාස්තු විද්‍යාත්මක සාධකයක්.

ලී ඇඳක නිදියන්න
ප්‍රධාන නිදන කාමරයේ ‍දොර දෙසට දෙපා යොමුකර නිදා ගැනීම සුදුසු නෑ.
මේ නිසා ඔබට නිතරම ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදුවෙනවා. සතුට සැනසුම ජීවිතයෙන් පලා යනවා. අහිතකර බලපෑම් අඩු සුවබර නින්දක් සඳහා ලී ඇඳක් භාවිත කරන්න.

ලී ඇඳකින් වාස්තු දෝෂ වගේම වෙනත් බාහිර බලපෑම්ද අවම කරන්න පුළුවන්.
නිදන ඇඳ අසල විද්‍යුත් උපකරණ තබන්න එපා. ඒවායින් ඇතිවන විද්‍යුත් චුම්භක තරංග ඔබේ මොළයට හානි සිදුකරනවා.
ඒ නිසා ඔබටත් නොදැනීම අනවශ්‍ය ප්‍රශ්න ඔබේ ජීවිතය වෙළාගන්න පුළුවන්. මෙවැනි විද්‍යාත්මක කරුණු වාස්තු විද්‍යාවේ අන්තර්ගත වෙලා තිබෙනවා.

නිවෙසේ පවිත්‍රතාව ඉතාමත් වැදගත් වාස්තු විද්‍යාත්මක කරුණක් බව අමතක කරන්න එපා. නිවෙසේ අනෙකුත් ස්ථාන මෙන්ම නිදන කාමරයත් ඉතාමත් පිරිසුදුව තබාගන්න.
කිලිටි ඇඳුම් නිවෙසේ ඇඳ මත හෝ තැන්තැන්වල දමන්න එපා. නිවෙසට පාළු-මූසල බවක් ඇතිවෙනවා.
මෙවැනි නිවෙසක නිවැසියන්ට කිසි විටකත් සෞභාග්‍ය අපේක්ෂා කරන්න බැහැ. නිදන කාමරයට පිරිසුදු වාතාශ්‍රයක්, හිරු එළියක් ලැබිය යුතුයි. ඒ සඳහා අවැසි පසුබිම සකස් කරන්න.

මකුළුදැල් කඩා දමා, දූවිලි පිස දැමීම නිරන්තරයෙන්ම සිදුකරන්න. සතියකට දෙවරක්වත් සුවඳ ධූප අල්ලන්න. බොහෝ වාස්තු දෝෂ මඟහැරීමට එය හේතුවක්.
නිවෙසට සෞභාග්‍යය, ධනය, සතුට ළඟා වෙනවා. නිවැසියන්ට වඩා යහපත් කායික හා මානසික සුවයක් ලැබෙනවා.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.