Friday, December 12, 2014

facebook අනංගයෙක් ද ?

by Api Nodanna Live  |  in Sri Lanka at  6:15 AM

facebook ඔස්සේ හදුනාගත් තරුණියන්  රවටමින් ඔවුන්ගේ අසභ්‍ය ඡායාරූප ගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට පවසා  කප්පම් ලබාගත් සිසුවෙක් පසුගියදා අත්අඩංගුවට ගැණින.ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.මොහු අධ්‍යාපනය හදාරා ඇත්තේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්‌වා පමණි. පවුලේ එකම පිරිමි ළමයා වන්නේද මොහුය.

සැකකාර තරුණයාට ඔහුගේ පියා වයස අවුරුදු 17 දී රුපියල් 60,000 ක්‌ පමණ වටිනා ජංගම දුරකථනයක්‌ ලබාදී තිබේ. ඉන්පසු මෙම සැකකරු ලැප්ටොප් පරිගණකයක්‌ ඉල්ලූ පසු ඉඩමක්‌ විකුණා ලබාගත් මුදලින් කොටසක්‌ වියදම් කර සැකකරුගේ පියා වටිනා ලැප්ටොප් පරිගණකයක්‌ද මිලදී ගෙන දී තිබේ.

ඉන්පසු සැකකරු දවසේ වැඩිපුරම කාලයක්‌ වෙන්කර ඇත්තේ අන්තර්ජාලයේ සැරිසැරීමටයි. ඒ අනුව මොහු ෆේස්‌බුක්‌ සමාජ වෙබ් අඩවිය හරහා පාසල් සිසුවියන් රවටා ඔවුන් සමග යහළුවී තිබේ. පසුව මෙම සැකකරු එම පාසල් ශිෂ්‍යාවන්ව ලැගුම්හල් වෙත රැගෙන ගොස්‌ ඔවුන් සමග ලිංගිකව සම්බන්ධකම් පවත්වා ඒවා ඡායාරූප ගතකොට තිබේ. ඇතැම් පාසල් සිසුවියන්ගේ නිල ඇඳුම් පිටින්ම ඔහු ඡායාරූප ලබාගෙන තිබේ.

සැකකරු ළඟ තිබූ දත්ත රඳවනයේ (පෙන් ඩ්‍රයිව්) කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසල් කිහිපයක ශිෂ්‍යාවන් හත් දෙනකුගේ නිරුවත් පිංතූර හා අසභ්‍ය දර්ශන තිබී ඇත. මොහු මෙලෙස මේවා ළඟ තබාගෙන ඇත්තේ එම සිසුවියන්ව නැවත බියගන්වා තමන්ට අවශ්‍ය දේවල් ඔවුන්ගෙන් ලබා ගැනීම සඳහා බව කියවෙයි. මාධ්‍ය වාර්තා කළ සිද්ධිය මෙයයි
facebook අනංගයෙක් ද ?

මෙම තරුණයාගේ පරිකල්පනය තුළ ඔහු සිය ආශාවන් මුදා හැරීමට සහ ඉන් ආදායම් ඉපැයීමට තරුණ වයසේදීම පෙළඹී තිබේ.ඒ සදහා ඔහු මාධ්‍යය කොට ගන්නේ ෆේස් බුක් සමාජ අඩවියයි.තමන්ගේ ලිංගික අවශ්‍යතා පිරිමසා ගැනීමට සහකරුවෙක් සහකාරියක් සොයා ගැනීම, සහ ඔවුන්ගෙන් මංකොල්ල කෑම යනාදී මෙම සියලු සිදුවීම්  පුවත්පත්වල මංගල යෝජනා තීර  ඔස්සේද සිදුවෙයි. තවද කලක් පැරණි චිත්‍රකථා පත්තර වල “මිතුරු ඇසුර“ යනුවෙන පළ වුයේද මෙම ලිංගික ක්‍රියාවලිය පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමකි.එම “මිතුරු ඇසුර“ “ යහළු යෙහෙළි “ යනාදී වශයෙන් පළවු තීරවල ඕනෑම අයෙකුට සිය ඡායාරූපය සමගින් නම ගම ලිපිනය විනෝදාංශ සහ වයස පළ කර ගත හැකි අතර එය කියවන ඇතමුන් එම ඡායාරූප පළවන අය මිතුරන් බවට පත් කර ගනියි.

අද වැනි සංකීර්ණ කාර්ය බහුල සමාජයික් නොතිබුන 80 වැනි දශකවල මේ වා අතිශයින් ජනප්‍රිය වීමෙන් පෙනී යන්නේ මේවාට ඡායාරූප දැමුවන්ගෙන් බහුතරය සිය ලිංගික අහේනියට පිළියම් සොයා ඇති බවයි.තවද පෙර යුගයේ විනෝද චාරිකාවල නිරත වන විට තරුණ තරුණියන් “ඇඩ්‍රස් දැමිල්ල“ සිදු කරයි.තම ලිපිනය ලියු කොල කැබලි නාදුනන පළාත් වල ඇතැම් ස්ථාන වල විසිරුවා හරියි. ඒවා ඇහිද ගන්නා අය එම ලිපිනවලට ලියා ඔවුන් මුලින් පෑනේ මිතුරන් කරගන පසුව බොහෝවිට ලිංගික සහකරුවන් කර ගනියි.(එසේ නොමැතිව මේ ඔස්සේ විවාහ වු අයද සිටිති).
තවද මීට අමතරව තමන්ට අවශ්‍ය මිතුරන් හදුන්වා දෙන සරණ සේවා ද එකල ක්‍රියාත්මක විය. එම සරණ සේවය හා ලියාපදිංචි වීමට  මුදලක් අය කරන අතර එහි  ලියා පදිංචි වු පසු මිතුරන් ගේ නම් ගම් ඇතුළත් විස්තර පත්‍රිනාවක් තැපෑලෙන් ගෙන්වා ගත හැකි අතර එම විස්තර පත්‍රිකාවේ ඇතුළත් මිතුරකු හෝ මිතුරියක හා සබදතා පැවැත්වීමට පෙරකී ආයතනයට යළි මුදල් ගෙවා ඔවුන්ගේ ලිපිනයන් ඉල්ලා සිටිය හැකිය. බොහෝ විට මෙම ලිපි වලට පිළිතුරු ලියා ලිංගික අහේනියෙන් පෙළන්නන් ගසා කෑවේ එම මිතුරු ජාලයන් පවත්වාගෙන යන  තැනැත්තා හෝ තැනැත්තිය විසින්ම බව කිසිවෙක් නොදන්නා කරුණකි.
මේ නාදුනන පුද්ගලයින් හදුනා ගැනීම අපේ සංස්කෘතියක් එක්ක බැදී පවතින්නකි. එය ආගන්තුක සත්කාරය  හෝ මානව සබදතා පුළුල් කර ගැනීම නොව හුදෙක් තම අවශ්‍යතා මත  පදනම් වුවකි.ඒ සදහා අවශ්‍ය  පදනම සකසා දෙන්නේ සංස්කෘතිය මිස ඒ අදාල මාධ්‍යය නොවේ. ෆේස බුක් ජනප්‍රිය නොවුයේ නම් මිතුරු සේවා පවත්වාගෙන යන මංකොල්ල කරුවෝ මිනිස් හැගීම් මුදලින් කොල්ල කනු නොඅනුමානය.

එසේ නම් මෙය අද ඊයේ සිට සිදුවන දෙයක් නොවන බව පැහැදිලිය. ෆේස් බුක් හරහා මෙය සිදුකරන බව සැබෑ ය. නමුත් ඕනෑම අයෙකුට ෆේස්බුක් හි fake profile හදුනාගැනීමේ හැකියාව තිබේ.බුද්ධිමත්ව විමර්ශණ ශිලිව profile එකක් දෙස බැලුවහොත් එය සත්‍ය එකක් ද අසත්‍ය එකක්ද යන්න නිගමනය කිරීමේ හැකියාව 97% කින් පමණ පවතියි. එසේ තිබියදීත් තරුණියන් පාසැල් සිසුවියන් රැවටීමට රවටා ඡායාරූප ගැනීමට පානදුරේ තරුණයාට හැකිවුයේ කෙසේද?මෙහි සදහන් වන ආකාරයට හෝටල් කාමර වලට රැගෙන ගොස් ඡායාරූප ගත්තේ නම් ඒවා සිදුව ඇත්තේ බලහත්කාරයෙන් නොවන බව පැහැදිලිය.එහිදී රැවටීමට ලක්වුයේ යැයි කියන පාර්ශවයේ යම් කැමැත්තක් ඒ සදහා තිබිය යුතුය. එම කැමැත්ත අර පෙරකී තරුණයා රුපියල් වලට පෙරලා තිබේ.

පුවත්පත් වාර්තා කරන අන්දමට මෙම තරුණයා කොළඹ ඉහළ පෙළෙ පාසැල් වල, බාලිකා විද්‍යාල වල සිසුවියන් හත් අට දෙනෙකු රවටා ගෙන තිබේ. බාලිකා විද්‍යාලයක් යනු කුමක්ද ?ගෙඩි පිටින්ම ලිංගිකත්වය මැජික් කර පෙන්වු තැනකි.පිරිමින්ගේ ඇත්තේ පුරුෂ ලිංගය පමණක් බවත් ඔවුන් නිතරම සුදානමින් සිටින්නේ ලිංගිකව එක්වීමට බවත් ඒ නිසා පුරුෂ පාර්ශවයෙන් ඈත් කර තැබීම සදහා බාලිකා විද්‍යාලයකට ළමයින් යොමු කර ඇති බවත් මෙම ක්‍රියාවලියේ අනියම් සංකේතාර්තයයි.මෙම ක්‍රියාවලියේ සංකේතය වටහා ගන්නා සිසුවිය පිරිමියා දකින්නේ ලිංගික ක්‍රියාවලියටම තැනු සත්වයෙකු ලෙසය. පාසැල් වල මුරකරන වයසක සිකියුරිටි අංකල්ගේ සිට ගෙදර සිය පියා දක්වා සියලු පිරිමින් ලිංගික අමාරුකාරයින් ලෙස බොහෝවිට මෙම සිසුවියන් දකියි.මෙම පරිකල්පනය අනුව තම හැගීම් මෙහයවා ගන්නා සිසුවියන් තමන්ට මැජික් එකක් වු ඒ අපුර්ව දේ අත්හදා බැලීමට යයි.මෙවන් අවස්ථාවල ඒ සදහා අවශ්‍ය සහකරුවා තෝරා ගන්නේ කෙසේද? මව හෝ පියා සමග උදේට පාසැල් එන දැරිය පාසැලින් පසුවත් මව හෝ පියා සමග ටියුෂන් පන්තියට ගොස් ගෙදර යන දැරිය අවස්ථාව ලද සැනින් මැජික් යැයි විශ්වාස කෙරන පිරිමි ඇසුරට වැටෙන්නේ අන්තර් ජාලය හරහාය. එහිදී   fake profile ද ඒවාද මේවාද යන්න විමසීමට වඩා චවනයකින් හෝ අපුර්ව ලිංගික ජීවිතය විදීමට ඔවුහු හුරුවෙති. මේ නිසා පෙරකී අවශ්‍යතාව ඇති තරුණයින්ට මෙම සිසුවියන් බිලිබා ගැනීම ඉතා පහසු වී තිබේ.

ඒ අනුව සලකා බැලුවිට මීට වරදකරු මාර්ක් සකර්බර්ග් නොවේ . නව යොවුන් පරපුරට ලිංගිකත්වය හංගන, එය මහා වරදකාරී කරුණක් සේ සැලකීමට හුරුව සිටින මෙම සමාජ සංස්කෘතියයි.එසේනම් පානදුරේ තරුණයා එම තත්වයට පත්කලේ ෆේස්බුක් නොව ලිංගිකත්වය තවදුරටත් මැජික් එකක් බවට පත්කරගෙන සිටින සමාජය විසිනි.

අරවින්ද රත්නායක

Related Posts

0 comments:

Proudly Powered by Blogger.