Wednesday, December 17, 2014

කාන්තාවන්ගේ ලිංගික උත්තේජනයටත් ‘ව්‍යාග්‍රා’

by Api Nodanna Live  |  in Sex Education at  4:14 AM


කාන්තාවන්ගේ ලිංගික උත්තේජනයටත් ‘ව්‍යාග්‍රා’

ලිංගික උත්තේජනය ඇති නොවීම හෝ අඩු වීම නිසා විවාහ ජීවිතවල ගැටළු ඇති වන අවස්ථා බොහොමයි. මේ තත්ත්වය නිසා බොහොමයක් දෙනාගේ ජිවිත අවුල් වී තිබෙනවා.
ප්‍රසිද්ධියේ ලිංගිකත්වය සහ ඒ සම්බන්ධ ගැටළු ගැන සාකච්ඡා නොකිරීම නිසා වාර්තා වන ගැටළු ප්‍රමාණය පවතින සැබෑ තත්වයට වඩා ඉතා අඩුයි. එමෙන්ම කාන්තාවන්ට ලිංගික තෘප්තිය ලබා ගැනීමේදී සාමාජයීය බලපෑම් ලෝකය පුරාම දක්නට ලැබෙනවා. කාන්තාවන්ගේ ලිංගික ජීවිතය පිළිබඳව පිරිමින්ගේ දැනුවත් බවක් නැති වීම ප්‍රධාන කොටම මේ ගැටළු වලට බලපානවා.
කාන්තාවන්ට තිබෙන්නේ මොලය මුලික කරගත් ලිංගික උත්තේජනයක් වන බව අප කලින් ලිපියක පැහැදිලි කරලා දුන්නා.
වෛද්‍ය ක්ෂේත්‍රයේ නව පිම්මක් ලෙසින් කාන්තාවන්ටත් ‘ව්‍යාග්‍රා’ නිපදවන්නට පර්යේෂකයින් සමත් වී තිබෙනවා.
පිරිමින්ට ලිංගික උත්තේජකයක් ලෙස භාවිතා වන ව්‍යාග්‍රා නැත්නම් සිල්ඩනෆිල් නිසා ඔවුන් සම්බන්ධ බොහෝ ලින්ගික ගැටළු වලට පිළිතුරු ලබිතිබෙනවා.
නමුත් කාන්තාවන් සඳහා මෙවැනි බෙහෙතක් මේ දක්වා නිපදවා තිබුනේ නැහැ.
‘ලිබිඩ්රෝ’ ( Lybrido) නැත්නම් කාන්තා ව්‍යාග්‍රා (Female Viagra) ලෙස හඳුන්වා ඇති මෙම ඖෂධයේ පර්යේෂණ කටයුතු දැනට අවසන් වී තිබෙනවා.
ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ 2016 වන විට මේ ඖෂධය ලෝකය පුරා ප්‍රචලිත වනු ඇති බවයි.
පිරිමින් සඳහා වන ව්‍යාග්‍රා වල කාර්යයට වඩා මෙහි ක්‍රියාවලිය වෙනස් වනවා. ව්‍යාග්‍රා වලින් කෙරෙන්නේ ලිංගේන්ද්‍රියනට ලේ ගමනාගමනය වැඩි කිරීමක් මගින් උත්තේජනය කිරීමයි.
නමුත් ලිබිඩ්රෝ වලින් මොලයට බලපෑම් ඇති කරමින් ලිංගික උත්තේජනයක් ඇති කරනවා.
මේ මගින් මානසික අවපීඩන තත්වයන් නිසා කාන්තාවන් අතර බහුලව පවතින ලිංගික ආශාව අඩු වීමේ ගැටලුවට සාර්ථකව පිළියම් කරන බව පර්යේෂකයින් ප්‍රකාශ කර සිටිනවා.
පිරිමින්ට වඩා ලිංගික ආශාව අඩු වීම කියන රෝග තත්වය කාන්තාවන්ට බහුලව ඇති වනවා. මේ ස්වාභාවිකව ආර්තවහරණයත් සමග සිදු වන ලිංගික ආශාව අඩු වීම නොවෙයි.
කාන්තාවන් ලිංගිකව ක්‍රියාකාරී වයස තුල ඇති වන තත්ත්වයක්. ඉතින් මේ තත්වය මග හරවා ගැනීමට ලිබිඩ්රෝ හඳුන්වාදීම වෛද්‍ය ක්ෂේත්‍රයේ කඩ ඉමක් බව පර්යේෂකයින් කියා සිටිනවා.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.