Monday, December 22, 2014

පිරිමි කැමති නැති කාන්තා විලාසිතා

by Api Nodanna Live  |  in Life at  8:46 PM

යොවුන් වියේ ගැහැණු පිරිමි දෙපාර්ශවයම විරුද්ධ ලින්ගික ආකර්ෂණයට කැමතියි. ඒ නිසා තමයි තමන්ගේ පෙනුම ගැන ඒ වයසේදී කවුරුත් සැලකිලිමත් වෙන්නේ. ගැහැණු ළමයි කරන සමහර විලාසිතා වැරදි නිසා පිරිමි ළමයින්ගේ ආකර්ෂණය අඩු වන අවස්ථා තිබෙනවා. මේ එවැනි වැරදි කිහිපයක්.
අවුල් වුණු කොණ්ඩය
පිළිවෙළක් නැති අවුල් වුණු කොණ්ඩය, පිරිමි ළමුන්ගේ ආකර්ෂණය නැති කරනවා.
වැඩිපුර ෆවුන්ඩේෂන් දාන්න එපා
වැඩිපුර ෆවුන්ඩේෂන් දාලා අනවශ්‍ය ලෙස මේක් අප් කළාට පිරිමි ළමුන් නම් ආකර්ෂණය වන්නේ නැහැ.
දීප්තිමත් ඇසිපිය
හැම ගැහැනු ළමයෙක්ම මේක් අප් ආර්ටිස්ට් කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා මේක් අප් කරද්දී සැලකිලිමත් වන්න.
වුවමනාවට වඩා ඇසිපිය දීප්තිමත් වීමත් එතරම් ගැළපෙන්නේ නැහැ.
මස්කාරා භාවිතය
ඇසිපියවල වුවමනාවට වඩා මස්කාරා තැවරීමෙන් ඔබව ශෘංගාරාත්මක කෙනෙක් ලෙස පෙනේවි. ඉන් ඔබ පිරිමියකු වරදට පොලඹවන්නත් ඉඩක් වෙනවා.
වැරැදි ලෙස රෝම ඉවත් කිරීම.
පිරිමි අය කැමැති සිනිඳු සමකට. නමුත් වැරැදි ලෙස රෝම ඉවත් කිරීම නිසා සම ගොරෝසු වෙන්නත් පුළුවන්.
වියළි සම
වියළි සමට පිරිමින් කැමැති නැහැ. ඒ වගේම හිස් කබලේ ඇතිවන හිස්හොරිත් ඔබේ ආකර්ෂණීය බවට හානි කරනවා.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.