නමුත් ඒ තත්වයන් නිවැරදිව අඳුනා ගන්නට නොහැකි වීම නිසා රෝගීන් මෙන්ම අනිත් අයත් විවිධ අපහසුතාවයන්ට ගොදුරු වෙනවා.
මේ විදියට බොහෝ දෙනා අපහසුතාවයට පත්වන තරමක් සුලභ මානසික රෝගයක් ගැන අද අපි කතා කරන්නට හිතුවා.
Voyeurism කියලා වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනු ලබන මේ තත්වය සිංහලෙන් කිව්වොත් දර්ශාස්වාදය. Peeping Toms කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ මේ රෝගින්ටයි.
සරලව පැහැදිලි කලොත් විරුද්ධ ලිංගිකයන්ගේ නිරුවත් ඡායාරුප, එසේත් නැතිනම් යට ඇඳුම්, අනිත් අයගේ ලිංගික ක්‍රියා දැකීම මගින් සතුටු වීමයි මේ රෝගයේ ස්වභාවය. ඔවුන්ට එම ආශාව පාලනය කරගන්නට බැරි තත්වයට පත් වුනාම එය දරුණු මානසික රෝගයක් බවට පත් වනවා.
මෙය මනෝ ලිංගික තත්ත්වයක් ලෙසයි වෛද්‍ය විද්‍යාවේ විස්තර වන්නේ.මෙවැනි අය, අනෙක් අය ලිංගික ක්‍රියාවල නිරතවන ආකාරය හා ඇඳුම් මාරු කරන ආකාරය දෙස බැලීමේ දැඩි ආශාවකින් පසු වනවා. මෙසේ ඔවුන් ඒ දේවල් නැරඹීමට පුරුදු වී ඇත්තේ අන් අයට හොරෙන් අප්රසිද්ධියේයි.
මේ තත්වයට වැඩි පුර ගොදුරු වෙන්නේ පිරිමි. එත් කලාතුරකින් ගැහැණු අයත් මේ රෝගයට ගොදුරු වනවා.
එවැනි රෝග තත්ත්ව වලින් පෙළෙන අය ඉතාම ලැජ්ජාශීලීයි. මොවුන්ට ස්වභාවිකවම විරුද්ධ ලිංගිකයින් සමඟ ඇසුරු කිරීමේ ලැජ්ජාශීලි බවක් පවතිනවා.
මනසින් වර්ධනය වී නොමැති (මන්ද මානසික) හෝ තමා පිළිබඳ බොහෝවිට අවතක්සේරුවෙන් සිතීම ද මෙම රෝගී තත්ත්වයට බලපෑ හැකියි.
මේ නිසා යම් අයෙක් සමඟ ස්වභාවික සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමේ හැකියාවක් නොමැති විය හැකියි.
ඒ අය රහසේ මෙවැනි ආකාරයට හැසිරෙන්නේ වෙනත් තමා නොහඳුනන කාන්තාවකට වීම ද තවත් විශේෂත්වයක්.
නමුත් එම කාන්තාවන් හඳුනා ගැනීමට ඔවුන් බියක් දක්වනවා. ඒ වගේම තමා කරන කාර්යය අන් අයගෙන් සැඟවීමට ද මොවුන් හැකි සෑම විටම උත්සාහ කරනවා.
මේ ආකාරයට ඔවුන් එම සිදුවීම් දෙස බලන විට යම් උත්තේජනයක් ලැබෙයි. නමුත් ප්‍රසිද්ධියේ එම කාන්තාවන් සමඟ සම්බන්ධ වීමට නොපෙළඹෙන්නේ ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප වේ යන බිය නිසයි.
ඒ නිසා ඔවුන් මෙම අවස්ථාවලදී ස්වයං වින්දනයේද යෙදෙන අතර එමඟින් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතාවද සපුරා ගන්නවා.
නමුත් මේ රෝගයේ තවත් ආකාරයක් තිබෙනවා. මෙම පුද්ගලයන්, තමා කැමති පුද්ගලයාගේ අවධානය යොමුකර ගැනීමක් සිදු කරනවා.
ඒ වගේම අදාළ පුද්ගලයාගේ අවධානය දිනා ගැනීමෙන් එම තැනැත්තා බලාපොරොත්තු වන්නේ මොහොතකට හෝ තමාගේ බලය භාවිතා කර අදාළ තැනැත්තාව යටපත් කර ගැනීමටයි.
පළමු වර්ගයේ පුද්ගලයන්ගෙන් ගැටලුවට මුහුණ දෙන දෙවැනි පාර්ශවයට ගැටලුවක් ඇති නොවුණද දෙවැනි වර්ගයේ පුද්ගලයන්ගෙන් නීති හා සමාජ විරෝධි දේ පවා (කාන්තා දූෂණය වැනි) සිදුවිය හැකියි.
මීට අමතරව මොළයේ සිදුවන ඇතැම් වෙනස්කම් නිසාද (ඩිමෙන්ෂියා, පිළිකා වැනි තත්ත්ව නිසාද හෝර්මෝනවල බලපෑම නිසා) මෙවැනි හැසිරීම් රටා පෙන්විය හැකියි.
නමුත් මොවුන් එවැනි හැසිරීම් රටාවන් පෙන්වීමට පෙර සාමාන්‍ය ආකාරයෙන් හැසිරුණු අය විය යුතුයි.
මෙවැනි තත්ත්ව සඳහා අනිවාර්යයෙන් ප්‍රතිකාර කළ යුතු අතර ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම ශල්‍ය වෛද්‍යමය ප්රතිකාරද පවතිනවා.
නමුත් බොහෝදුරට මෙවැනි පුද්ගලයින් මොළයේ යම් ගැටලුවක් නොමැතිව මේ ආකාරයට හැසිරිය හැකි අතර ඊට හේතුවන්නේ අසාමාන්‍ය ලිංගික ආශාවයි. මේ නිසා අන් අයට පමණක් නොව තමාට ද හානි සිදුවිය හැකියි.
-රුවනි-
0 comments: