Thursday, December 4, 2014

බි‍්‍රතාන්‍ය කාමුක චිත‍්‍රපට වලට ඇතැම් ලිංගික චර්යා තහනම්

by Api Nodanna Live  |  in World News at  2:51 AM

බි‍්‍රතාන්‍යයේ නිපදවෙන කාමුක චිත‍්‍රපට සඳහා ඇතැම් ලිංගික චර්යාවන් තහනම් කිරීමට බි‍්‍රතාන්‍ය රජය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.
ලිංගික තෘප්තිය උපදවන අතින් සහ වේවැලෙන් පහරදීම වැනි හැසිරීම් 10ක් මෙලෙස බි‍්‍රතාන්‍ය චිත‍්‍රපට වාරණ මණ්ඩලය විසින් අසාදුගත කර තිබේ.
මින් පසුව නිපදවෙන කාමුක සිනමාපට වලදී R-18 වර්ගීකරණයට අයත් නොවන දසුන් කපාහැරීමට නිර්මාණකරුවන්ට සිදුවනු ඇත.
විචාරකයින් චෝදනා කර ඇත්තේ නව නීතිය මගින් බි‍්‍රතාන්‍ය ලිංගික සිනමාව විනාශමුඛයට පාත‍්‍රවනු ඇති බවයි.
බි‍්‍රතාන්‍ය අන්තර්ජාල පේ‍්‍රක්‍ෂකයින්ට තහනම් කරන ලද දසුන් විදෙස් නිෂ්පාදිත සිනමා පට වලදී දක්නට ලැබෙන හෙයින් මෙහි පදනමක් නොමැති බව ඔවුන්ගේ අදහසයි.
R-18 වර්ගීකරණය පුදුම සහගත එකක් බවත් එය බි‍්‍රතාන්‍ය සිනමා වාරණ මණ්ඩලය, පොලිසිය සහ රාජකීය නීති සේවාව විසින් සකසා ඇති උමතු හා හිතුවක්කාර වාරණ නීති පද්ධතියක් බවත් ලිංගිකත්වය හා වාරණය නම් වාරණ විරෝධී ව්‍යාපාරයේ නිර්මාතෘ ජෙරී බාර්නට් පවසා තිබේ.
මේවා කිසිදු තාර්කික හේතු දැක්වීමක් කළ නොහැකි, බි‍්‍රතාන්‍ය පුරවැසියන් කාමුක සිනමා නැරඹීම වළක්වන්නට පොර කෑ පිරිසකගේ සදාචාරාත්මක විනිශ්චයක් බවත් ඔහු පවසා තිබේ.
නව නීතිය මගින් බි‍්‍රතාන්‍ය කාමුක සිනමාපට යළිත් වරක් කාන්තාවගේ ලිංගික ආශ්වාදය නොතකා හරින තත්වයකට පත්වනු ඇති බව කාමුක සිනමා අධ්‍යක්‍ෂිකා එරිකා ලස්ට් පවසා ඇතැයි වාර්තා වේ.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.