Wednesday, December 10, 2014

මිනිසුන්ගේ මළවලින් දුවන බස් රථයක් [වීඩියෝ සහිතයි]

by Api Nodanna Live  |  in World News at  10:10 AM

මිනිසුන්ගේ මළ අපද්‍රව්‍ය හා ඉවත ලන කසළ භාවිතයෙන් නිපදවන ජීව වායුවෙන් ධාවනය කළ හැකි බස් රථයක් ලොව පළමු වතාවට බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් විසින් නිෂ්පාදනය කර තිබෙනවා. මෙය ඔබ පුදුමයට පත්වන කරුණක් මෙන්ම අ‍පේ රටේ භාවිත කෙරෙන රථ වාහනවල ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැයට විසඳුමක් ලෙසද සිතන්නට පුළුවනි. 
 
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ පිහිටුවා ඇති ජීව වායු නිපදවන බලාගාරයක් තුළදී බයෝ බස් නමින් හැඳින්වෙන මෙම බස් රථය සඳහා අවශ්‍ය ජීවවායු ටැංකි සකස් කෙරේ. 
 
 
ආසන 40කින් සමන්විත මෙම බස් රථයෙන් සැතපුම්190ක (කිලෝමීටර් 305ක) දුරක් ධාවනය කිරීමට, පුද්ගලයින් පස් දෙනෙකු වසරක් පුරාවට පිටකරන අපද්‍රව්‍ය එකතුකර නිපදනවන ජීව වායු ටැංකියකින් සිදු කළ හැකි බවද පැවසෙනවා. 
 
මෙම බස් රථය නිපදවූ ‍බ්‍රිතාන්‍ය මෝටර් රථ සමාගමේ අධ්‍යක්ෂ මොහොමඩ් සාදික් මහතා පවසන්නේ ඉවතලන අපද්‍රව්‍යවලට මෙය කදිම විසඳුමක් බවයි. 
 
 
මෙම බස් රථ මේ වන විටත් ධාවනයට එක් කර ඇති බවද වාර්තා වනවා. ඒ බාත් සිට කිලෝ මීටර් 32ක් දුරින් වූ බ්‍රිස්ටල් ගුවන් තොටුපොළ වෙත මගීන් රැගෙන යාම සඳහායි.
 

bio bus www.nethfm.com 05 bio bus www.nethfm.com 01 bio bus www.nethfm.com 02 bio bus www.nethfm.com 03 bio bus www.nethfm.com 04

Related Posts

0 comments:

Proudly Powered by Blogger.