Monday, December 15, 2014

නොගැලවෙන්න කර කාර බඳින හැටි

by Api Nodanna Live  |  in Sri Lanka at  8:20 PM



විවාහය යනු පෙම්වතුන්ගේ ඒකායන ප්‍රාර්ථනාවය. එකී ප්‍රාර්ථනාව සිත්පරිදිම මල්ඵල ගන්වන්නට දෙදෙනා තුළම ඇත්තේ පුදුමාකාර උනන්දුවකි.දෙදෙනෙක් පෙම්වතුන් වුදා පටන් පැතුම් පොදි බඳින්නේ අවසානය විවාහයකින් කෙළවරවනවා දකින්නටය. එකී ආදරයේ ස්ථිරසාර පැවැත්ම උදෙසා නීතිමය සහතිකයක් ලැබීමනම් අතිශය වැදගත් වේ.

 විවාහය ලියාපදිංචි කිරීම යන කාර්ය භාරය පිළිවෙළින් විමසා බැලීමට සුබ මංගලම් හි ඔබ වෙනුවෙන්ම ඉඩක් වෙන් කර ගත්තෙමු.
විවාහ වීමට අපේක්ෂිත යුවළකට සිය ග්‍රාම සේවා බල කොට්ඨාසයේ විවාහරෙජිස්ට්‍රාර් කෙනෙකු යටතේ විවාහය ලියාපදිංචි කළ හැකිය. විවාහ ලියාපදිංචියටප්‍රථමයෙන් විවාහ දැන්වීම් ආකෘති පත්‍රය සම්පූර්ණ කොට දින 14 ක් ඇතුළතරෙජිස්ට්‍රාර්තුමා වෙත බාර දිය යුතුය.
මෙහිදී විවාහ අපේක්ෂිත යුවළ පදිංචිව සිටින්නේ දිස්ත්‍රික්ක දෙකක නම් දින 10 කට වැඩි කාලයක් එකී පදිංචිය තහවුරු කරන ග්‍රාම සේවා සහතිකයක් සහප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපියක් සාක්ෂි ලෙස ඉදිරිපත් කළ යුතුය.
අනෙක් අතට විවාහය ලියාපදිංචි කිරීම සිදුවන දිනයේ දී වයස 18 සම්පූර්ණ කරතිබීම ජාතික හැදුණුම්පත, උප්පැන්න සහතිකය සමඟ සාක්ෂිකරුවන් දෙදෙනෙකු දසහභාගි විය යුතුය.
එම සාක්ෂිකරුවන් විවාහ පත් වීමට බලාපොරොත්තුවෙන් සිටින් යුවළ පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලැබීම නම් ඉතාම වැදගත් වේ.
මෙමවිවාහ දැන්වීම් පත්‍රය නිසිලෙස සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එදිනම වුවදවිවාහය ලියාපදිංචිය සිදුකළ හැකිය. B 104/B 106 යන විශේෂ වරප්‍රසාදයන්ට අනුවඑම විවාහය ලියාපදිංචි වේ.
බෞද්ධ විවාහයක දී මෙය සාම්ප්‍රදායික නැකත් ක්‍රියාවලියට අනුව සිදුවන අතර කතෝලික විවාහයක් නම් මෙය තරමක් දුරට වෙනස් වේ.
කතෝලික විවාහ මංගල්‍යයක් බොහෝ දුරට පල්ලියක දී උත්සවාකාරයෙන් පැවැත්වේ.
එහිදී සම්පූර්ණ කරන ලද විවාහ දැන්වීම් පත්‍රය රෙජිස්ට්‍රාර්තුමා විසින්පියතුමා වෙත ලබා දෙන අතර “පින්ක් ෆෝම්” යනුවෙන් හැඳින්වෙන්නේ එයයි.
මංගල දිනයේ විවාහ ලියාපදිංචි කිරීමේ කටයුත්ත පියතුමා විසින් සිදු කරනු ලබයි.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.