මේ නත්තල් සතියයි. ලෝකේ හැමතැනකම ඉන්න කිතුනුවන් ජේසු බිළිඳුන්ගේ උපත සමරන නත්තලට ලංකාවේ ලොකු කුඩා හැම දෙනාමත් දැන් ලහි ලහියේ සුදානම් වෙනවා.
නත්තල් සැරසිලි, නත්තල් සුභ පැතුම් පත් වෙළඳ පොළ හැමතැනම. ආගම් බේදයක් නැතිව ලංකාවේ හැම නගරයක්ම පාහේ නත්තල් සිරියෙන් බබලනවා.
නත්තල් සුබ පැතුම් පත් වල වගේම සුබ පතලා තැන තැන වල එල්ලලා තිබෙන වැකි වලින් හැම දෙනාටම සුභ නත්තලක් පතනවා.
මේ අතරේ අපිට දකින්නට පුළුවන් නත්තල හඳුන්වන්නට ‘Christmas’ කියන වචනේ වගේම ‘Xmas’ කියන වචනෙත් පාවිච්චි වෙනවා.
ඇත්තටම මේ දෙකෙන් නිවැරදි වචනේ මොකක්ද? ඇයි මේ එකම නත්තලට වචන දෙකක්?
නොදන්නා කම නිසා මේ වචන දෙක ගැන විවිධ දුර්මත අපේ සමහරුන් තුල දැනටත් පවතිනවා.
ඉතින් මේ ගැන ඔබට නිවැරදි පැහැදිලි කිරීමක් කරන්නට Life අපි හිතුවා. මේ වචන දෙකේම අගට යෙදෙන Mas කියන කොටස ඉංග්‍රීසි භාෂාවේ Mass කියන වචනයෙන් සම්භවය වනවා.
වෙනස තිබෙන්නේ Christ යන කොටස වෙනුවට X භාවිතා වීමයි.
Christ කියන්නේ ජේසුස් වහන්සේටයි.
ග්‍රීක් භාෂාවෙන් ජේසුස් වහන්සේ හඳුන්වන්නේ Christos ලෙසයි. මෙය ඔවුන්ගේ භාෂාවෙන් ලියන්නේ Χριστός ලෙසටයි.
මෙහි මුලින්ම දීලා තිබෙන්නේ Chiයන අක්ෂරයයි.
ඉතින් X කියලා යොදාගැනෙන්නේ මේ ග්‍රීක් භාෂාවේ Chiකියන අකුරයි.
ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් Christ කියන්නෙත් ග්‍රීක් භාෂාවෙන් Χριστός (Christos) කියන්නෙත් ජේසුස් වහන්සේටයි.
මේ නිසා Christmas කිව්වත් Xmas කිව්වත් අපි උච්චාරණය කරන්නට ඕනෑ එකම විදියටයි. දෙවැනි වචනයට ‘එක්ස්මස්’ කිව්වොත් එය නිවැරදි නැහැ.
ඇත්තටම මේ වචන දෙකම මොන ආකාරයට ලිව්වත් කියවෙන්නට ඕනෑ Christmas (ක්‍රිස්මස්) ලෙසයි.
Life අපි නත්තල් විශේෂාංග පෙළක් සමග ඉදිරි ලිපි වලින් ඔබත් සමග නත්තලේ සතුට බෙදා හදා ගන්නටත් බලාපොරොත්තු වනවා.
-රුවනි-
0 comments: