Monday, December 29, 2014

කරකාර බැඳෙන අත ගැන හිතුවාද

by Api Nodanna Live  |  in Life at  9:02 PM

මංගල දිනයේ දී විසිතුරු ලෙස තමන්ගේ පෙනුම මොන වාගේ වෙන්න ඕනෙද කියලා යුවතියන් හිතන්න ගන්නේ විවාහයක් ගැන හිතන්න ගන්න පලවෙනි දවසේ ඉඳන්. ඇඳුම, මේකප්, කොන්ඩ විලාසිතාව, සෙරෙප්පු ඔය හැමදේම ගැන හිතන අතරේ නිය හැඩගන්වා ගැනීම ගැනත් ඔබ හිතන්නට ඕනෑ.
මොකද අලුතින් මුද්දක් වැටෙන මනාලියගේ අත් කාගේත් ඇසට හසු වනවා.
නිය හැඩ කරන නේල් ආට් මේ වන විට ජනපි‍්‍රය විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. මනාලිය වන යුවතියගේ නිය කෙටි වුවත් නිය වැඩී නොමැති වුවත් නිය හැඩය වෙනස් වුවත් දැන් එම අඩුපාඩු මඟහරවා ගනිමින් තම නිය අලංකාරව සකසා ගන්නට හැකියාව තිබෙනවා.
විශේෂයෙන්ම මංගල දිනයේදී මනාලියගේ දෑතේ සුන්දරත්වය මතුකර ගැනීමට නේල් ආට් බෙහෙවින් උපකාරී වෙනවා. මනාලිය වන ඔබ නේල් ආට් මඟින් නිය හැඩ ගන්වා ගන්නේ නම් මෙම කරුණු පිළිබඳ සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් නිසා අපි අද ඔබට ඒ ගැන අදහසක් දෙන්න හිතුවා. මනාලියකට නේල් ආට් කිරීමේ දී සාමාන්‍ය අයකුට යොදන ආකාරයේ නේල් ආට් එකක් කරන්නට බැහැ. මෙහිදී යොදා ගැනෙන වර්ණ, යොදන විලාසිතාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමුවිය යුතුමයි.
අනවශ්‍ය ලෙස තද වර්ණ ඕනෑවට වඩා ඉස්මතු වී පෙනෙන ආකාරයේ විලාසිතා මනාලියකගේ නේල් ආට්වල දී සුදුසු වන්නේ නැහැ. මනාලියකට නේල් ආට් එකක් කිරීමට කලින් මංගල සාරියේ වර්ණවලට අනුව ඇය අඳින විලාසිතාවන්ට අනුව නේල් ආට් එක සඳහා වර්ණ තෝරාගත යුතුයි.
ඇයගේ සාරියෙහි තිබෙන මෝස්තර රටාවට අනුව නේල් ආට් එකෙහි ඩිසයින් එක ද අපට නිර්මාණය කරගන්නට පුළුවන්. අනෙක් කරුණ නම් මනාලියගේ කැමැත්තට අනුව ඇය තෝරාගනු ලබන මෝස්තරයට අදාළව නේල් ආට් යෙදිය හැකි වීමයි.
මංගල දිනයේ එනම් පළමු දිනයේ අනිවාර්යයෙන්ම ඇයගේ නේල් ආට් එක සඳහා භාවිත කළ යුත්තේ ළා පැහැති වර්ණයි.
නමුත් දෙවැනි දිනයේ දී ඇය හැඩගැන්වෙන ඇඳුමේ වර්ණයට ගැළපෙන ලෙස තද වර්ණයක් වුව ද යොදාගන්නට පුළුවන්. බොහෝ විට පළමුවැනි දිනයේ දී මනාලියන් සැරසෙන්නේ චාම් වර්ණයකින්.
දෙවැනි ගමන සඳහා මනාලියන් තද පැහැති වර්ණවලින් හැඩවෙන නිසා එම වර්ණවලට ගැළපෙන අයුරින් නේල් ආට් එක ද යෙදිය යුතුයි. පළමු දිනයේ දී ඇයට චාම් බව පෙන්නුම් කරන නේල් ආට් එකක් යොදා ගන්නට පුළුවන්. මෙහිදී වැඩි විසිතුරු බවක් දක්වන ඩිසයින් මනාලියට යොදා ගැනීම සුදුසු නැහැ.
එමෙන්ම නියපොත්තේ දිග ප්‍රමාණය වඩාත් දික්ව නොගන්නා අතර එය සාමාන්‍ය දිග ප්‍රමාණයට සකස් කරනු ලබනවා. මනාලියකට ගැළපෙන විවිධ ආකාරයේ නේල් ආට් ඩිසයින් තිබෙනවා.
ඇයට ඇක්‍රලික් ෆෙ‍්‍රන්ච් හෝ එසේත් නැත්නම් ජෙල් ෆ්‍රෙන්ච් නේල් සෙට් එකක් තෝරා ගැනීම වඩාත් උචිතයි.
Acrylic-Nails-French-Tips-for-Nail-Art-Wedding Gel backfill LED polish manicure with chevron French white and gold feats with citrine crystals and glitz sprinkles gel nails acrylic nail art design
මේ ආකාරයෙන් නිය සකස් කර ගැනීමෙන් පසු මනාලියට අවශ්‍ය ආකාරයෙන් චාම් බ්‍රයිඩ්ල් ඩිසයින් එකක් කළ හැකියි. ඒ හැරෙන්නට ලේස් ඩිසයින්, ග්ලිටර් ඩිසයින් වැනි මනාලියන්ට ගැළපෙන විලාසිතාවන් තිබෙනවා.
light_blue_studs_2
weddingmanicure
මේ ආකාරයේ නේල් ආට්වලින් මනාලියගේ නිය හැඩගැන්වීමෙන් ඇයගේ දෑත්වල සහ නියවල සුන්දරත්වයක් මතුකර දක්වන්නට පුළුවන්.
මංගල දිනයේ නේල් ආට් මගින් තම නිය හැඩගන්වා ගන්නට අදහස් කරනවා නම් සාමාන්‍යයෙන් සති 2 කට කලින්වත් නිය වවා ගන්නා ලෙස එම ශිල්පිනිය උපදෙස් ලබාදෙන අතර ඇයගේ නිය කෙටිනම් එයද ප්‍රශ්නයක් කරගත යුතු නැහැ.
ඇතැම්විට නිතර නිය සැපීම වැනි ක්‍රියා නිසා නිය ක්‍රමවත්ව නොවැඩී අවලස්සන පෙනුමක් ඇති වී තිබෙන අවස්ථාත් දක්නට ලැබෙනවා. මෙවන් නිය බොහෝවිට මනාලියකට අවලස්සන පෙනුමක් ගෙන දෙන නිසා ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
ඉහත කී හේතූන් නිසා අක්‍රමවත් වූ නිය ඇත්නම් නිය අවශ්‍ය ආකාරයට නොවැඩී ඇත්නම් එවන් අයට නිය හැඩගැන්වීම සඳහා තාවකාලිකව යොදන (ටෙම්පරි ටිප්ස්) නිය හෝ ඇක්‍රලික් ජෙල් යෙදිය හැකියි. මේ සඳහා මංගල දිනයට කලින් නිය අලංකරණ ශිල්පිනියක් හමුවීමෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්නට හැකිවේවි.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.