විද්‍යාඥයින් විසින් මේ සඳහා අලුත්ම ක්‍රමයක් සොයා ගෙන තිබෙනවා. ඒ තමයි දිනපතා අදාළ මාත්‍රාව නොකඩවා සිරුරට ලබාදෙන ලෙස සැකසුනු උපත් පාලක විද්‍යුත් චිපය. තැපැල් මුද්දරයක ප්‍රමාණයෙන් සැකසුනු මේ චිපය සම යටින් තැන්පත් කරනු ලබනවා. ඒ වගේම වැදගත්ම කාරණය තමයි වරක් තැන්පත් කල පසු මෙය අවුරුදු 16ක කාලයකට ක්‍රියාකාරී වනවා.
නමුත් අවුරුදු 16 කාල සීමාව තුල ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී මෙය ක්‍රියා විරහිත කිරීමට වුනත් ඔබට පුළුවනි. ඒ සඳහාම සැකසුනු දුරස්ථ පාලකයකුත් මෙයට ඇතුලත්.
ඔබට දරුවෙක් උවමනා වූ විට චිපය අක්‍රිය කරන්නට පුළුවන්. නැවත ඕනෑම වෙලාවක සක්‍රිය කරන්නටත් පුළුවන්.
මේ නිසාම මෙහි ක්‍රියාකාරිත්වය සහ හැසිරවීම ඉතාම පහසුයි.
මෙහි අඩංගු වන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ කෘත්‍රිම නිෂ්පාදනයක් වන ලෙවනගැස්ට්‍රෝල්.
එම හෝමෝනය දිනපතා මාත්‍රාව කොටස් වශයෙන් වෙන් වෙන්ව ගබඩා කර තිබෙනවා. ඒවා වට කරමින් ටයිටේනියම් සහ ප්ලැටිනම් වලින් සැකසු ඉතා තුනී ආවරනයකුත් තිබෙනවා. එමගින් හෝමෝනය අවශ්‍ය වන තෙක් නිදහස් නොවන ලෙස තබා ගනු ලබනවා.
කලින් සකසන ලද ක්‍රියාවලියකට අනුව දිනපතා නියමිත වෙලාවට සියුම් විද්‍යුත් ධාරාවක් මගින් අදාළ මාත්‍රාව සහිත කොටසේ ආවරණය දිය කර හරිනු ලබනවා. ඉන් පසු අදාළ හෝමෝනය රුධිර සංසරණයට එකතු වනවා.
මේ ක්‍රියාදාමය ඔබ නොදැනුවත්වම නිවැරදි වෙලාවට නිවැරදි මාත්‍රාවෙන් සිදු වන නිසා බොහෝ දෙනා අනිත් උපත් පාලන ක්‍රම වලින් අත්මිදෙමින් මේ කරා යොමු වනු ඇති බව පර්යේෂකයින් පවසනවා.
විනාඩි 30ක පමණ කාලයක් වය වන සුළු ශල්‍යකර්මයක් මගී මෙය පිටුපස තට්ටම් ප්‍රදේශයේ හෝ අතේ බාහු ප්‍රදේශයේ සැමට යටින් තැන්පත් කල හැකි බව තව දුරටත් පර්යේෂකයින් පවසා සිටිනවා.
මේ සඳහා තවත් වැඩි දියුණු කිරීම් එකතු කල යුතු බවත් විශේෂයෙන්ම චිපයේ පාලනය වෙනත් කෙනෙකු මගින් සිදු කල නොහැකි වන ලෙස සැකසීමට අවශ්‍ය ආරක්ෂක ක්‍රම යෙදිය යුතු බවත් ඔවුන් පවසනවා.
2018 වසර වන විට මේ විශේෂ චිපය වෙළඳපොළට යොමු කල හැකි වනු ඇති බව ඔවුන් විශ්වාස කරනවා. නමුත් මෙහි මිල ගැන ඔවුන් තවම නිවැරදි ඇස්තමේන්තුවක් නිකුත් කර නැහැ.
-රුවනි-
0 comments: