Sunday, January 18, 2015

හිටපු ජනපති මහින්දට ලැබෙන නොලැබෙන දේවල් මෙන්න

by Api Nodanna Live  |  in Sri Lanka at  1:04 AM


සියල්ල සිදුවී මහාරයි. ඒත්  තාමත් සියල්ල අවසන් වෙලා නෑ. ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති වරයා වුනු පර්සි මහේන්ද්‍ර ‘‘මහින්ද‘‘ රාජපක්ෂ විවේක ගන්වමින් විධායක බලතල සහිතව 6වන ජනාධිපතිවරයා මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා පත්වුනේ වැඩි ජනතා කැමැත්තක් ලබා ගනිමින්.

ඒ කොහොම වුනත් කැමති නම් මහින්ද රාජපක්ෂට ආයෙත් පාරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නත් පුලුවන්. ඒ ඉඩකඩ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම හදාගත්තේ මහින්ද රාජපක්ෂයි. ඒ හින්දයි මේ පාර තුන්වෙනි වරටත් මහින්ද ජනාධිපවරණයට ආවේ.


77 ව්‍යවස්ථාව සංශෝදන කරන්න කලින් විධායක ජනාධිපති පුටුවේ වාඩිවෙන්න අවසර තිබුණේ දෙපාරක් විතරයි. ඒ නිසා ජනාධිපතිධූරය දරපු ජේ.ආර් ජයවර්ධන, ඩී.බී. විජේතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපති ධූරයෙන් පෙන්ෂන් ගියාට පස්සේ ආයෙත් පාරක් දේශපාලනය කලේ නෑ.

දැන් මහින්ද රාජපක්ෂ හඳුන්වන්නේ විශ්‍රාමික ජනධිපතිවරයෙක් ලෙසයි. සාමාන්‍යයෙන් විශ්‍රාමික ජනාධිපතිවරයෙක්ට තමන්ගේ ජීවතකාලය පුරාවටම අභිමානයෙන් ජීවත් වෙන්න ඕනිකරන ඉඩකඩ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හදලයි තියෙන්නේ. ඒ කොහොමද කියලා පිළිවෙලට කීවොත් මෙන්න මෙහෙමයි.

--------------------------------------------------------------------------------

1. විශ්‍රාමික ජනාධිපතිවරයෙක්ට කැබිනට් ආමාත්‍යවරයෙකුට හිමිවන වරප්‍රසාද හිමිවේ (කැමතිනම් නිළ නිවසක් ලබාගැනීමටත් නැතිනම් පෞද්ගලික නිවසක ජීවත් වෙන්නට හැකිය)

2. කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් විශ්‍රාමික ජනාධිපතිවරයෙක්ට හිමිවේ. හැබැයි ඔහුට හෝ ඇයට ඇති ජීවිත තර්ජන වල ස්වභාවය අනුව ඒ ආරක්ෂාව අඩු හෝ වැඩිවන්න පුලුවන්.

3. විශ්‍රාමික ජනාධිපතිවරයෙක්ට විශ්‍රාමික දීමනාවක් හිමිවේ.

4. විශ්‍රාමික ජනාධිපතිවරයෙක්ට නිළ කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්ද හිමිවේ.

5. වෙඩි නොවදින නිළ රථයක්  හා ආරක්ෂක රථ ලැබෙන අතර ඉන්ධන දීමනාවක්ද ලැබේ.
විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙක්ට ගමන්යාමට හෙලිකොප්ටරයක් අවශ්‍යනම් ගුවන් හමුදාවට මුදල් ගෙවා ලබාගත යුතුවේ.

6. හිටපු රාජ්‍යය තාන්ත්‍රිකයෙකු ලෙස විදේශ සංචාරයකට ආරාධනා ලැබුණහොත් ඒ සඳහා අවශ්‍ය දීමනා විශ්‍රාමික  ජනාධිපතිවරයාට හිමිවේ.

7. රාජ්‍ය උත්සව අවස්ථාවකදී එම කාලයේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර අසුනක් විශ්‍රාමික ජනාධිපතිවරයාට හිමිවේ.

8. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ජනාධිපතිධූරය දරණ ලද කාලයේ කරන ලද කිසියම් වරදකට විශ්‍රාමික ජනාධිපතිවරයාට නඩු පැවරිය නොහැක.

9. ජනාධිපති ධූරය දරද්දී හෝ විශ්‍රාම ගිය පසු  ඔහු හෝ ඇය මියගියේ නම් වැන්දඹුවට විශ්‍රාම දීමනාවෙන් 2/3ක මුදලක් හා කාර්යාලය, කාර්ය මණ්ඩලය හැර විශ්‍රාමික ජනාධිපතිවරයෙක්ට හිමිවන සියලු වරප්‍රසාද ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙම විදිවිදානය පනවා ඇත්තේ විශ්‍රාම ලැබූ ජනාපතිවරයෙකු‍ගේ අභිමානය රකින්නටයි.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.