Monday, January 12, 2015

ජනාධිපතිවරණ ප්‍රතිඵල ලැඛෙන අතරතුර පාන්දර ඇතිවූ රහසිගත සිද්ධි

by Api Nodanna Live  |  in Hot at  9:19 PM

පසුගිය 9 වනදා පාන්දර ජනාධිපතිවරණ ප්‍රතිඵල ලබාදෙමින් පැවති අතරවාරයේ ජනතාවට වසන්වූ කිසියම් රහසිගත සිදුවීම් ජාලයක් හිටපු ජනපතිවරයා හා සම්බන්ධව සිද්ධවී ඇති බව තැන් තැන්වල වාර්තාවී ඇත.ඒ ඇතැම්වා ගැන පළවන වාර්තා පරස්පරය.
 මේ වනවිට වත්මන් රජයට සම්බන්ධ පාඨලී චම්පික හා මංගල සමරවීර යන අය පැවැත්වූ මාධ්‍ය හමුවලදී යම්තම් මේ ගැන හෙළිකර ඇති අතර අද(12) ජවිපෙ පැවැත්වූ මාධ්‍ය හමුවේදීද මේ ගැන කතා කර ඇත.
මහින්දගේ තෙවැනි වාරය ඔහු බලාපොරොත්තුවූ ආකාරයට ලබාගත නොහැකිවූ තැන බලහත්කාරයෙන් එය ලබාගන්නට තැත් කළ බව මෙම සිද්ධිය ගැන පැවසෙන මූලික කතාවයි.
9 වන සිකුරාදා පාන්දර වනවිට ජනතාවට ඡන්දයේ ප්‍රතිඵල එකක් දෙකක් නිකුත්වුවද මේ සියල්ල ගැන බොහෝ විස්තර ජනපතිවරයාට දැනගන්නට ලැබී ඇත්තේ අරලියගහ මැදුරේ පිහිටුවා තිබුණ මැතිවරණ ප්‍රතිඵල අධීක්ෂණ කාර්යාලය හරහාය. ඔහු පරදින බව ඔවුන් දන්වා ඇත. එයින් පසුව සිද්ධ වුනදේ
තවම රහසකි.
ආරංචි එන්නේ තැනින් තැනිනි. දන්නේ දෙතුන් දෙනෙකි.විධායක ජනපති සතු බලතල පාවිච්චි කර ඡන්ද ප්‍රතිඵල සම්බන්ධ දෝෂයක් පෙන්වා එය නිකුත් කිරීම අත්හිටුවා  තවදුරටත් ජනපතිධූරයේ රැදී සිටීමට නීතිමය අවකාශයක් තිබේද යන්න පිළිබඳව මහින්ද නීති උපදෙස් ගෙන තිබුණ බවට සැකයක්ද මෛත්‍රී පිල පෙන්වාදී ඇත.

මංගල පවසන්නේ  මහින්ද පොලිස්පති හා ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග නීතිපතිවරයා කැඳවා තමාට  තවදුරටත් අවුරුදු දෙකක්  ඇති හෙයින් රැෙඳන්නට සහයෝගය දෙන්නේදැයි විමසා ඇති බවකි. ඒ සඳහා මැතිවරණ ප්‍රතිඵල ගණන් කරන ස්ථාන වලට හමුදා නිලධාරීන් යොදවන්නට දැරූ උත්සාහයක් ගැනද කියැවේ.
 පොලිස්පති එන් .කේ ඉලංගකෝන් සහ හමුදාපති දයා රත්නයක ඊට එරෙහිවූ බවත් ජනතාවගේ තීරණයට හිස නොනමා සිටීමෙන් ලේවැගිරීමක් සිදුවිය හැකි බව ඔවුන් එවෙලේ කියා ඇතැයි ඔහු කියයි.

රාජිත මේ ගැන පවසා ඇත්තේ තරමක් වෙනස් කතාවකි. මහින්දට පක්ෂපාතී හමුදා නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණකාරී ලෙස මහින්දගේ බලය රැකදෙන්න උත්සාහ කළද හමුදා ප්‍රධානින් විරුද්ධවීමෙන් එය අතහැර දමා ඇති බවකි.
චම්පික කියා සිටියේ බිහිසුණු අනතුරක් යාන්තමින් වැලකී ගිය බවයි.
මේ කතා එකිනෙක පැහැදිලි නැත. නමුත් යමක් සිද්ධවී ඇති බවට ඉ`ගි තිබේ.
මේ සිද්ධිය ගැන දන්නේ ටික දෙනෙකි. ඔවුන් ඒ ගැන මොනවා හෙළි කරාවිදැයි දන්නේ නැත. නමුත් මංගල චම්පික හා අනුර කුමාර මේ පිළිබඳ සත්‍යය ඉක්මණින් එළි කළ යුතුව ඇතැයි දන්වා ඇත.
මහින්ද සිය පරාජය ස්ථීර බව දැනගත් විට උදෑසන 4.30 ට පමණ රනිල්ට දුරකථන ඇමතුමක් ලබා දී ඇත ඒ අවස්ථාවේ අරලියගහ මන්දිරයට පැමිණ සාකච්ඡා කරන්නට අවශ්‍ය බව රනිල් කියා ඇත. රාජිත හා රතන හිමි මේ ගමනට විරුද්ධ වූ බව වාර්තා වුණි. නමුත් රනිල් පිටතව ගොස් ඇත.
අරලියගහ මන්දිරයට උදේ පාන්දර ඇතුල්වූ විපක්ෂ නායකවරයා එහි යනවිට මහින්ද ජනපතිවරයා සමග අගවිනිසුරු මොහාන් පීරිස්ද සිටි බව වාර්තා වුණා.

ජනාධිපති ලේකම් ලලින් වීරතුංග හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද එතැන සිටියා. එහිදී සාමකාමී බල පැවරීම ගැන කතා බහ ඇති විය.
මහින්දටත් ගෝඨාභයටත්  සපයා තිබූ ආරක්ෂාව  දිගටම ලබාදීමට රනිල් පොරොන්දු වූ අතර ජයික් හිල්ටන් හෝටලය අසල පිහිටි රජයේ සංචාරක නිකේතනයක් වන ඔක්ලන්ඩ් හවුස් තමාගේ නිල නිවස ලෙස භාවිතා කළ හැකිදැයි  මහින්ද විමසා ඇත.
සරත් ෆොන්සේකාගෙන් තමාට හෝ තමාගේ පවුලේ අයට හෝ තම සොහොයුරු ගෝඨාභයට හෝ කිසිදු අයුරකින් හිරිහැර නොකළ යුතුව ඇති බවද මහින්ද රනිල්ට කියා ඇත. ඒ ගැන සැක උපදවාගත නොයුතු බවට රනිල් පොරොන්දු වී ඇත.
පිටත්ව යෑමට රනිල් සුදානම් වෙද්දී රනිල්ගේ ජංගම දුරකථනයට මෛත්‍රීගෙන් ඇමතුමක් ලැබු‚. මහින්දට දුරකතනය දුන් රනිල් මෛත්‍රී හා මහින්ද අතර කතාබහට ඉඩ සලසා ඇත.
එම ඇමතුමේදී මහින්ද ඉල්ලු ඔක්ලන්ඩ් හවුස් නිල නිවස ගැන මෛත්‍රී පිළිතුරක්දී ඇති අතර එම නිවස වෙනත් කටයුතු සදහා යෙදාගැනීමට සැළසුම් කර තිඛෙන නිසා කොළඹ අවටින් වෙනත් බංගලාවක් වෙන්කර දිය හැකි බව ඔහු කියා ඇත.
රනිල් පිටත්ව ගිය පසු උදෑසනින්ම ජනපති ලේකම් කාර්යාලයට ගොස් මන්ත්‍රී කණ්ඩායමද හමුවී පසුව තම තනතුරින් සමුගත් හිටපු ජනපතිවරයා අනතුරුව අරලියගහමැදුරේ සිට චොපර් රථයකින් මැදමුලනට ගමන් කළා.
රාත්‍රී සිද්ධවූ දේවල් ගැන රනිල් හෝ මෛත්‍රී යම් දෙයක් දැනසිටියත් ඒවා ගැන කිසිතැනක ඔවුන් සාකච්ඡා කර නැත.
ප්‍රතිඵල අනුව කිසියම් බලහත්කාර බලය ලබාගැනීමේ සිද්ධියක් තිබුනේ නම් 2010 ජනපති මැතිවරණය ගැනත් නැවත සොයා බලන්නට සිදුවනු ඇත. මන්ද ඒ මැතිවරණය ගැනත් මේ ආකාරයේම කටකතා පැතිරුණ බැවිනි.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.