Tuesday, January 27, 2015

ජාත්‍යයන්තර චිත්‍රපටයක නම් අනිවාර්යෙන්ම අඩනිරුවතින් වුනත් රඟපානවා - යුරේනී කියයි

by Api Nodanna Live  |  in Sri Lanka at  11:56 PM


යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වන යුරේනි නොෂිකා කියන්නේ අපේ රටේ තරුණ පරම්පරාවේ ගොඩ දෙනෙකුගේ හිත දිනාගත්ත කෙනෙක්නේ. මේ දවස්වල යුරේනිට පෙම්වතෙක් හම්බවෙලා කියලා කියන කතාව අපේ කනටත් වැටුණු නිසා මේ ගැන අහන්න අපි ඇයව සම්බන්ධ කරගත්තා.

හැබැයි යුරේනි නම් කියන්නේ තාම එයාට කොල්ලෙක් නෑ කියලා. ඔය අතරේම ගොඩාක් නළු නිළියෝ ප්‍රසිද්ධ වෙන්න කියලා තමන්ගේ ඇඟ ලෝකෙටම පෙන්නන එක ගැන යුරේනිත් කතා කරන්න ගත්තා.


ඇය නම් කියන විදියට චිත්‍රපටවල මේ වෙනකොට තියෙන සිපගැනීම් සාමාන්‍ය දෙයක් කියලයි. ඒත් අපේ රටේදී ඔය වගේ චිත්‍රපටයක් රඟපාන්න ගියොත් ඒ ගැන නිළියට හැදෙන කතා ගැන වගේම මුහුණ දෙන්න වෙන අපහසුතා නිසා යුරේනි ලංකාවේ තිරගත වන චිත්‍රපටයක අඬනිරුවතින් රඟපාන්න කැමති නෑ කියලා කියන්නේ.

අපේ රටේදි එහෙම වුනත් ජාත්‍යයන්තර සිනමාවේදී ඒ වගේ චිත්‍රපටයක අඬනිරුවතින් රඟපාන්න අවස්ථාවක් හමුවුනොත් යුරේනි නම් අනිවාර්යෙන් ඒ අවස්ථාව ලබාගන්නවා කියලා ඇය කියනවා. හැබැයි ඒ හොඳ පිටපතක් යටතේ වගේම හොඳ අධ්‍යක්ෂකවරයෙක් යටතේ විතරයි කියලා තමයි යුරේනි වැඩිදුරටත් කියා සිටියේ.

ඇය වැඩිදුර දැක්වූ අදහස් පහතින්....


Related Posts

0 comments:

Proudly Powered by Blogger.