Friday, January 30, 2015

තරුණියක සමූහ දූෂණයකට ලක්වීම නිරූපණය කළ ඡායාරූප සැසියෙන් ඉන්දියාව කැළඹෙයි - ඡායාරූප

by Api Nodanna Live  |  in World News at  10:48 AM

බස් රථයක් තුළදී කාන්තාවකට ලිංගික අතවරයක් කරන ආකාරයේ
නිරූණයක් රැගත් විලාසිතා ඡායාරූප සැසියක් සම්බන්ධයෙන් ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබේ.

සමාජජාල වෙබ් අඩවි හරහා දැඩි විවේචනයට ලක්වන මෙම සිදුවීම, 2012 වසරේ දිල්ලි සමූහ දූෂණය ප්‍රබෝධමත් කරන නිරූපණයක් බව බොහෝ දෙනා කියති.

රාජ් ෂෙටී නම් ඡායාරූප ශිල්පියා විසින් ගෙන ඇති මෙම ඡායාරූප තරුණ නිරූපණ ශිලිපිණියක, තවත් නිරූපණ ශිල්පීන් දෙදෙනෙකු සමග අරගලයක යෙදෙන ආකාරයේ ඡායාරූපයක් මෙන්ම , බස් රථයක් තුළ සිදුවන සමූහ දූෂණයක් කුළුගැල්වෙන තවත් ඡායාරූපවල එකතුවක් බව කියැවෙයි.

එහිදී, බොහෝ සමාජජාල පරිශීලකයන් කියන්නේ මෙය අතිශය පිලිකුල්සහගත සහ භයංකර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමක් බවය.

කෙසේ වෙතත්, ඡායාරූප ශිලිපී ෂෙටී කියා සිටින්නේ මෙය වර්තමානයේ ඉන්දීය කාන්තාව මුහුණ දෙන තත්ත්වය තමන් මෙම ඡායාරූප සැසියෙන් නිරූපණය කළ බවය.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.