Saturday, January 24, 2015

පෙබරවාරි වල යෙදෙන සිකුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද ?

by Api Nodanna Live  |  in Life at  9:50 PM

ග්‍රහ මාරු නිසා ජිවිතයට ඇති වන ඇසට නොපෙනෙන බලපෑම් අපමණයි. ඒවා කලින් දැනගන්නට පුළුවන් වුනොත් විය හැකි නපුරු දේ මග හරවා ගත හැකියි.
ග්‍රහ තාරකා මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහ තාරකාව වන සිකුරු තරුව පෙබරවාරි 16 වැනිදා තම උච්චභවනට පැමිණෙයි. මීන රාශියට පැමිණෙන සිකුරු ග්‍රහයා මාර්තු 12 දක්වා මීන රාශිය තුළ සැරිසරයි.
උද්වේගකාරී ස්වභාවය උසුලන අඟහරු ග්‍රහයාද පෙබරවාරි මස 12 වැනිදා මීන රාශියට පැමිණ මිත්‍රව මාර්තු මස 23 වැනිදා තෙක් ගමන් කරයි. මෙහිදී අඟහරු, සිකුරු අතර ග්‍රහ සංයෝගයක් හටගනී. අඟහරු, සිකුරු සමඟ එක්වීම මත සමාජය තුළ නොයෙකුත් විපර්යාස හටගනී.
පෙබරවාරි 22 වැනිදා සිකුරු, අඟහරු අතර ග්‍රහ යුද්ධයක්ද මීන රාශිය තුළ හටගනී. මෙහිදී සිකුරු පරදවා අඟහරු ජය ලබයි. කාන්තා පක්ෂය නියෝජනය කරන සිකුරු ග්‍රහයා පරාජය වීම මත කාන්තා පක්ෂයට පීඩනකාරී තත්ත්වයක් උද්ගත වෙයි. කලා ක්ෂේත්‍රය තුළ පිල් බෙදීමක් හටගනී.
බාල අපරාධ, කාන්තා හිංසන බහුලව අසන්න ලැබෙන කාලයකි. සිකුරු, අඟහරුට පරාජය වීම නිසා දරුණු රිය අනතුරු, සාගර විපත් අසන්න ලැබෙයි. මෙම ග්‍රහ බලපෑම ඔබේ ලග්නයට බලපාන ආකාරය කෙසේදැයි සොයා බලමු.

විදෙස් රැකියා
මේෂ ලග්නය
මේෂ ලග්න හිමියන්ගේ ‍ෙදාළොස්වැන්න තුළ කුජ, සිකුරු සංයෝග වීම තුළින් විදෙස් රැකියාවලට උනන්දුව දක්වන අයට තම කාරණා ඉටු වෙන කාලයකි. පිටරටවල සිටින ඥාති මිත්‍රාදීන්ගෙන් උදවු උපකාර ලැබිය හැකියි. පෙබරවාරි 22 වැනිදායින් පසුව අනවශ්‍ය කටයුත්තකට තම තැන්පත් මුදලක් වැය විය හැකියි. විවාහක අයට තම බිරිය හා ස්වාමියාගෙන් ටික කලක් අෑත්ව සිටීමට සිදුවෙයි.

මංගල යෝග
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියන්ගේ අයස්ථානය තුළ කුජ, සිකුරු මුණගැසෙනු ඇත. ලැබීමට යහපත් කාලයකි. තමන්ට ලැබීමට අපේක්ෂාවෙන් සිටි ප්‍රමාද වූ මුදලක් ලැබීම තුළින් සතුටට පත් විය හැකියි. ආදර සබඳතා වෙනුවෙන් වෙනදාට වඩා මුදලක් වැය වෙනු ඇත. රහස් ඇසුරුකම් හටගනී. වෙනදාට වඩා කාමුක හැඟීම් හට ගැනීමට පුළුවන. විවාහය අපේක්ෂිත අයට මංගල යෝග ගලාගෙන එන කාලයකි.

ව්‍යාපාර ජය
මිථුන ලග්නය
මිථුන ලග්න හිමියන්ගේ දහවැන්න තුළ මෙම ග්‍රහ සංයෝගය හට ගැනීම තුළින් කර්මාන්තවල ව්‍යාපාරවල නිරත අයට වාසි ඇති වෙයි. අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරයි. තම සහජ හැකියා තුළින් ලාභ ප්‍රයෝජන ලැබිය හැකියි. ඉගෙනගන්නා දරුවන්ට විභාගවලින් සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැකියි. පෙබරවාරි 22 වැනිදායින් පසු මවුපියන්ට තම දරුවන් වෙනුවෙන් වැඩි කැපවීමක යෙදීමට සිදුවෙයි.

දරුපල
කටක ලග්නය
උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ට සාර්ථක ප්‍රතිඵල අත් වෙයි. පියාගේ උරුමයන් ලැබීමට හොඳ කල එළැඹෙන අතර දුරබැහැර ප්‍රදේශයක සංචාරය කිරීමට සිදුවෙනු ඇත. විවාහ වී දරුපල නොමැතිව ළතැවෙන අයට පින්වත් දරුපල ප්‍රසූත වීමට සුදුසු කාලයකි. පෙර කළ කුසල කර්මයක් පලදීමට ඉඩකඩ පවතින නිසා උනන්දු වන්න. සාර්ථක ප්‍රතිඵල ඇති විය හැකියි.

අපහාස
සිංහ ලග්නය
සිංහ ලග්න හිමි අයගේ අටවැන්න තුළ කුජ, සිකුරු මුණගැසෙයි. ස්ථාන මාරුවක් සිදු විය හැකියි. තම පදිංචි ස්ථානය තුළ අලුත්වැඩියාවක් කිරීමට අදහස් පහළ වෙයි. අන් සතු මුදලක් දේපළක් ලැබීමට ඉඩකඩ ඇත. පිටරටවල රැකියාවකට වාසනාව පෑදෙන අතර තමන්ගේ සහෝදරයකුට අපල තත්ත්වයක් ඇති විය හැකියි. දුරදිග නොබලා කටයුතු කිරීම තුළින් තම කීර්ති නාමයට කැළැලක් සිදුවෙයි.

පවුල් අවුල්
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමි අයගේ හත්වැන්න තුළ මෙම ග්‍රහ සංයෝගය හටගැනීම තුළින් අවිවාහක අයට අලුතෙන් අය හඳුනා ගැනීමට ලැබෙයි. රහස් සබඳතා හටගනී. කාමුක හැඟීම ඉහළ යන අතර ප්‍රේම සබඳතා කිහිපයක් ඇති විය හැකියි. විවාහක අය තම හැඟීම් පාලනය කර ගනිමින් ඉවසීමෙන් කාලය ගත කළ යුතුයි. සීමාව ඉක්මවා වැඩකටයුතු කිරීම නිසා පවුල් ජීවිතය තුළ සැක පහළ වී පවුල් අවුල් වීමටද පුළුවන.

රැකියාවේ දියුණුව
තුලා ලග්නය
තුලා ලග්න හිමියන්ගේ හයවැන්න තුළ සිදු වෙන මෙම ග්‍රහ සංයෝගය නිසා ඥාතීන්ගෙන් උදවු උපකාර ලැබිය හැකියි. සත්ත්ව පාලනය කරන අයට සාර්ථක ප්‍රතිඵල අත් කරයි. රැකියා කටයුතුවල දියුණුවට වෙනසක් සිදුවෙයි. විදේශ ගමන්වලට හොඳ වන අතර අමනාපව සිටි අයකු නැවත මිත්‍ර වෙනු ඇත.

අධ්‍යාපනයට බාධා
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමි අයගේ පස්වැන්න තුළ කුජ, සිකුරු හමුවෙයි. ප්‍රේම සබඳතා බහුලව හට ගන්නා කාලයකි. ඉගෙන ගන්නා දරුවන් ඉතා බුද්ධිමත්ව ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. නොගැළපෙන අය ඇසුරට ලක් විය හැකියි. එය අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වීමට පුළුවන. කලා විෂයයන් තුළ නිරත යට සුබපල අත් වෙයි. තමන් නොදැනුවත්ව වරදට පෙලඹෙයි.

ව්‍යාපාර වාසි
ධනු ලග්නය
ඔබට හතරවැන්න තුළ මෙම ග්‍රහ පිහිටීම සිදුවෙන නිසා ගේ‍ෙදාර අලංකාරය අලුතෙන් වාහනයක් හෝ ඉඩමක් ගැනීමට සිත පෑදෙයි. කවදාවත් නොතිබූ සතුටක් සිත පුරා උතුරා යන කාලයකි. ඉඩකඩම් දේපළ වෙළෙ¼දාම් හා යානවාහන අමතර කොටස් ආශි්‍රතව ව්‍යාපාරවල නිරත අයට වාසි අත් වෙයි.

සංචාර
මකර ලග්නය
මකර ලග්න හිමි ඔබගේ තුන් වැන්න තුළ සිදුවෙන මෙම ග්‍රහ සංයෝගය නිසා මංගල යෝජනා බහුලව ඇති කරයි. රැකියා ව්‍යාපාර දියුණු වෙන අතර තනතුරු අපේක්ෂිත අයට එය ඉටු වෙයි. වගකීම් පැවරෙන කාලයකි. දුර ප්‍රදේශයක සංචාරය කිරීමට සිදු වන අතර වෙනදාට වඩා තම හැඟීම් ඉස්මතු කරයි. ඉක්මන් තීරණ ගනී. යෞවනයේ පසුවෙන තරුණ තරුණියන් ඉවසීමෙන් කාලය ගත කළ යුතුයි.

අතමිට සරු වෙයි
කුම්භ ලග්නය
ඔබට කුජ සිකුරු යෝගය දෙවැන්න තුළ පිහිටයි. හදිසි ධන ලාභ ලැබිය හැකියි. හොඳ ආර්ථික ස්ථාවරයක් ලැබීමට හැකි වෙයි. වෙනදාට වඩා ප්‍රිය වචන කතා කරයි. ලොතරැයි හදිසි ධන ලාභ ලැබීමට කාලය එළැඹෙන බැවින් උත්සාහ කරන්න. හවුල් ව්‍යාපාර කරන අයට අතමිට සරු කරයි. සේවාදායක ස්ථානය තුළ සතුටින් කාලය ගත කිරීමට හැකි කාලයකි. ප්‍රණීත ආහාරපාන නොඅඩුව ලැබෙයි.

මංගල යෝග
මීන ලග්නය
ඔබට ලග්නය තුළ මෙම ග්‍රහ සංයෝගය උදාවීම හොඳ මානසිකත්වයක් ඇති කරයි. විනෝදයෙන් සතුටින් කාලය ගත කිරීමට හැකි කාලයකි. ශරීරය පැහැපත් කරයි. දකින අයට ප්‍රියමනාප වන කාලයකි. මනමාලකම ඔළුවට ගහයි. අවිවාහක අයට මංගල යෝග උදා කරන අතර දකින දකින අය සමඟ මිත්‍ර සබඳතා ඇති කරගනී. සීමාව ඉක්මවා කටයුතු කළොත් අනවශ්‍ය ප්‍රශ්න පසුකාලයට බලපානු ඇත.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.