Tuesday, January 20, 2015

Home Coming නම් පාට රතු විතරමද?

by Api Nodanna Live  |  in Sri Lanka at  8:58 PM

මංගල දිනයේ සුන්දර මනාලියක් ලෙස හැඩ ගැන්වෙන්නට හැම යුවතියකටම හීනයක් තිබෙනවා. ඒ සඳහා ඔබට අලුත් අදහස් දෙන්න අපි උත්සාහ කරනවා.
දෙවැනි දිනයේදී මනාලියක් කෙසේ සූදානම් විය යුතුද යන්න ගැන අපි අද කතා කරමු. මේ සඳහා සාම්ප්‍රදායික වර්ණය වන්නේ රතුපාටයි.
නමුත් අද බොහෝ දෙනෙක් රතු පැහැය ඇඳීමට මැළිකමක් දක්වනවා. රතුපාටින් අර්ථ දක්වන්නේ, සතුට හා සොම්නසයි.
බොහෝ විට මනාලියන් කුණුලේ පාට සාරිවලින් සැරසෙන්නත් කැමැත්තක් දක්වනවා. ඒ වගේම රිදී පාට, රත්තරන් පාට වැඩ දමා ඇති සාරි තෝරා ගන්නට කැමැත්තක් දක්වන අතරම තද රෝස පාට, මැජෙන්ටා, තැඹිලි පාට, නිල් පාට, ලා රෝස වැනි වර්ණයෙන් යුතු සාරි තෝරා ගැනීමට ද කැමැත්තක් දක්වනවා.
saranga umali homecoming (10)

මෙහිදී මනාලියන් තමන් කුමන ආකාරයේ වර්ණයක සාරියක් තෝරා ගැනීමට කැමැති වුවත් දෙවැනි ගමනට වඩාත් උචිත වන්නේ රතු වර්ණයෙන් හෙබි සාරියයි. සම තරමක් අවපැහැ ගැන්වී ඇති අයකු නම් මෙරූන් පාට ද ගැළපෙනවා.
පළමු දිනට වේල් දමා පහතරට ක්‍රමයට හැඩවෙන අය දෙවැනි ගමන සඳහා උඩරට ක්‍රමය ද, පළමුදින සඳහා උඩරට ක්‍රමයට අඳින අය දෙවැනි ගමනට පහතරට සාරිය ද අඳිනවා.
මීට අමතරව ගුජරාටි වැනි ඉන්දියානු විලාසිතා ද බටහිර ක්‍රමයට ගවුම අඳින අයත් ඕනෑතරම් සිටිනවා. මෙහිදී දෙවැනි දිනයේ තමාට ගැළපෙන විලාසිතා කැමති ආකාරයට තෝරා ගැනීම ද කළ හැකිවේ.

ආභරණ ගැන කතා කිරීමේ දී තමන් තෝරා ගන්නා විලාසිතාවට අනුව ඒ හා ගැළපෙන ආභරණ තෝරා ගැනීමත් ඉතාමත් වැදගත්.
එම නිසා හෝම් කමිං එකේදී උඩරට මුළු ආභරණ කට්ටලයම හෝ කරපටිය පමණක් වුවත් පැළඳිය හැකියි. සමහර මනාලියන් සම්පූර්ණ උඩරට ආභරණ කට්ටලයම පැළඳීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.
sudari002gossiplankanews.com
හිසකෙස් විලාසිතා වුව ද තමාට ගැළපෙන ලස්සන විලාසිතාවන් තෝරා ගන්න පුළුවන්. නිතරම මෝස්තර තෝරා ගැනීමේ දී කැමැත්තට වඩා ගැළපෙන දේට මුල්තැන දීම වඩාත් වැදගත් වෙනවා.
සමහර අය හෝම් කමිං එකටත් දෙවැනි මනාලියන් සරසනු දක්නට ලැඛෙනවා. නමුත් මෙවැනි මෝස්තර තෝරා ගැනීමේදී සිදුවන්නේ මුදල් නාස්තිවීම පමණක් බව අපේ හැඟීමයි.
මෙවන් උත්සව සංවිධානයේ දී අනුකරණය කරනවාටට වඩා තමාට වැය කළ හැකි මුදලට අනුව අවශ්‍ය දේ පමණක් කිරීමෙන් විවාහයෙන් පසු තමන්ගේ අනාගතය සඳහා ද ඒ යන වියදමෙන් යම් ඉතිරියක් කරගත හැකි බව මතක තබාගන්න.
000073NadiniHC75

Related Posts

0 comments:

Proudly Powered by Blogger.