අද අපි ඔබේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගැබිණි ඔබ ආසන පටි පැළඳිමේදී ප්‍රවේසම් විය යුතු ආකාරය ගැනයි.
ගැබිණි සමයේ සිදු වන අනතුරු වලින් සැලකිය යුතු ප්‍රතිශතයකට වාහන අනතුරු වග කියනවා. මේ බොහොමයක් අනතුරු වලදී තත්වය බරපතල වීමට හේතුව තමයි ආසන පටි පැළඳ නොසිටීම හෝ වැරදි ක්‍රමයට ආසන පටි පැළඳ සිටීම.
ඒ වගේම සමහරුන් අතර වැරදි මතයක් තිබෙනවා ගර්භනී සමයේ ආසන පටි පැළඳීම සිදු නොකළ යුතු බවට.
ඇත්තටම සාමාන්‍ය ආකාරයට ගැබිණි ඔබට ආසන පටි පළඳින්නට බහ. ඒ සඳහා ඔබ අනුගමනය කල යුතු විශේෂ ක්‍රමයක් තිබෙනවා. දරුවාට හානියක් නොවන ආකාරයට එය සිදු කල යුතු ආකාරය තමයි මේ.

ඔබ මුලින්ම Lap Belt එක ඔබේ බඩට පහලින් උකුල ප්‍රදේශය හරහා පැළඳගත යුතුයි.
ඉන් පසු Shoulder Belt එක ඔබේ පපු ප්‍රදේශය හරහා යන ලෙස පැළඳිය යුතුයි.
මේ කිසිදු අවස්තාවක Belt එක මගින් ඔබේ බද තද වීම නොවිය යුතුමයි. නෙරා ආ කුසෙහි කිසිම ස්ථානයක් Belt එක මගින් ආවරණය වීම නොවිය යුතුයි. සමහර අය අතර වැරදි අදහසක් තිබෙනවා ආසන පටිය මගින් බද ආවරණය විය යුතු බවට. එය සම්පුර්ණයෙන් වැරදි බව සිහි තබා ගන්න.
මොකද එසේ වුවහොත් යම් හදිසි අවස්තාවක ගර්භයට යෙදෙන පීඩනය වැඩි වෙලා ඔබට හානියක් නොවුවත් දරුවාට හානියක් වීමේ ඉඩ තිබෙනවා.
ඉතින් මේ ආකාරයට නිවැරදිව පළඳිනු ලබන ආසන පටියක් මගින් ඔබෙත් දරුවාගේත් ජිවිත වලට ඇති වන අවධානම අඩු කරගන්න.
-රුවනි-
0 comments: