යෞවනයේ පිලීකන්න අඩිය තියන්න බලාගෙන හිටපු ඔහුට,
යෞවනයේ එලිපත්ත මත ඉන්න ඇයව හමුඋනේ අහම්බෙන්ම නෙමෙයි....
ඔහු ජනප්‍රිය චරිතයක්.... බොහෝ දෙනෙක් ඔහුට ආදරේ කලා...
ඇය හුරුබුහුටියි..... කොටට කපපු කෙස් කළඹ.... කට පපල් හිනාව....
එල්ලෙන තෝඩු..... හිරට ඩෙනිම් ජීන්ස් අඳින... ඇස් අද ගන්න රෑ සපුවක් ඈ සතු උනා....
බර උන ඔහුගේ දෙනෙතට ඇය ගෙනාවේ සොඳුරු දසුනක්....
දකින හැම මොහොතකම ඇයව හදවතේ පිංතාරු කරගන්න ඔහු අමතක කලේ නැහැ...
තමන් පවුල්කාරයෙක් බව ඔහුට ඇය ඉදිරියේ දී අමතක උනා...
තමන් ආදරේ කරන්නේ විවාහකයෙක්ට බව දැනගෙන හිටියත් ඇය...
ඔහු ගේ ආදරේට ආදරේ කාලා...
තමන්ගේ බිරිඳගෙන් නොලැබෙන ආදරේ.. අවධානය හොයාගෙන ගිය ඔහු...
තමන්ගේ කන්‍යාභාවය උදුරගත්ත පෙම්වතාගෙන් නොලැබෙන ආරක්ෂාව හොයාගෙන ගිය ඇය අසල නතර උනා...
ඔහු ඇයගේ හුරුබුහුටි ආදරේ වින්ඳා...
ඇය ඔහුගේ පරිනත ප්‍රේමය වින්ඳා....
ඔහුට ඕන උනේ ඇයව තමන්ගේ කරගන්න...
ඒත් ඇයට ඕන උනේ අනුන්ගේ වෙන්න...
ඔහු හැමතිස්සෙම හිතුවේ ඇයව ලඟට ගන්න....
ඇයට ඕන උනේ ඔහුගේ අත අල්ලගෙන ඔහු කරා යන්න....
ආදරේ ගලාගෙල ගියා...
විවිධ හැලහැප්පීම් මැද....
ඇයට වඩා ඔහු විඳෙව්වා...
ඇය වින්ඳා.... අහිමි වෙච්ච කන්‍යාභාවය ඇයගේ සීමා මායිම් නැති ආශාවට රුකුලක් උනා....
පරිනත ඔහුගේ සොඳුරු දඟකාරකම් ඇයට ගෙනවේ මහත් ආශ්වාදයක්...
දරුවෝ කීප දෙනෙක්ට කිරි පොවපු... වැහැරුණු පියයුරුත්.... ටයර් පැනපු උදරයත් එක්ක දඟලන...
ඔහුට ඇයගේ හුරුබුහුටි සිරුර පෙනුනේ වීනස් ප්‍රතිමාව වගේ ....
සන්තර්පනය කරන්න බැරි උන ආශාවල් එකින් එක සමනය වෙන කොට ඔහුට ඇය නැතිව බැරි උනා....
තමන්ගේ ප්‍රේමවන්තයාගෙන් නොලැබෙන ආරක්ෂාව....
කුළුදුලේම තමන්ගේ පිරිසිඳුකම උදුරගන්න වෙලාවේ තමන්ට ලැබුන තෘප්තිය..
හොයාගෙන.. ඇයත් ඔහුත් එකි නෙකා වැලඳගත්තා....
අසම්මත ප්‍රේම වෘත්තාන්තය....
තාවකාලික සිරියහන් ගබඩාවල....
සිනමාහල් වල බැල්කනියේ... බොක්ස් ඇතුලේ....
නිරාමිස සුවය හොයාගෙන අතරමං උනා....
දින ගනන් අසම්මත මධුසමයන්... වගේම ක්ෂණික සතපවාලීන් වලින් ඇයත් ඔහුත් ඔවුන්ගේ අම්මත ප්‍රේමයේ ඵල නෙළුවා.....
ආදරයක් කැස්සක් හංගන්න බැරිවා වගේම ඔහුගේ තීක්ෂණ ඇස් සහිත බිරිඳගේ ඇසින් ඔවුනට ගැලවෙන්න බැරි උනේ අසම්මත ආදරයේ ඔහුට ඇති නුපුහුණු බව නිසා නොවුනත්....
ඔහු කෙරෙහි බිරිඳගේ සංවේදීභාවය බලපෑවා.....
වාද විවාදයන් හී අවසානය ඔහු තමන්ගේ දරුවන්නුත් ප්‍රිය බිරිඳත් අතැර ඇය සොයා යන තැනට ඔහුව ගෙනාවා....
අවසානයේ ඔහු තීරණයක් ගත්තා..... හිදිසියේ අහුලගත්ත ඇඳුම් ටික ගමන් මල්ලේ අසුරගෙන ඔහු එළියට බැස්සේ තමන්ගේ දරුවන්ගේ....හෝ තමන්ගේ බිරිඳගේ මුනවත් නොබලා....
මේ වෙන හැම දෙයක්ම ඇය දැනගෙන හිටියත් ඇයට කරන්න කිසිම දෙයක් තිබුනේ නැහැ....
හදිසියේම ඇයට ලැබුනු ආරාධනාව ඇයට හිතාගන්න බැරි උනා....
“මම ආවා....ඔයා එන්න“....
“ඔයාට පිස්සුද....?... මට ඕනේ නැහැ කසාඳ බැඳපු මිනිහෙක් බඳින්න....“
0 comments: