Saturday, January 17, 2015

Look එකට Fit වෙන ඩෙනිම තෝරා ගන්නේ මෙහෙමයි

by Api Nodanna Live  |  in Life at  4:01 AM

යාළුවො එක්ක පොඩ්ඩක් එලියට යද්දී අඳින ඇඳුමක් ගැන ඔයා හිතන්නේ ඒ වෙලාවට නේද? එත් හදිසියට ඔය මොකක් හරි ඇඳුමක් දා ගෙන ගියොත් ඔයාගේ පෙනුමට ටිකක් හොඳ මදි නේද?
මේ කියන්න යන්නේ තරුණ ඔබට කැෂුවල් ඇඳුමක් තෝරාගන්න උදව් වෙන කාරනා කිහිපයක්.
පිරිමි කැෂුවල් ඇඳුම් ප්‍රධාන වශයෙන් ටී ෂර්ට් හෝ ෂර්ට් සහ කලිසම් හෝ ඩෙනිම් කලිසම් ලෙස බෙදන්න පුළුවන්.
මේ හැම එකකදීම පාට තුනකට වඩා යන්න එපා. ඇඳු‍මේ වටිනාකම පේන විදියට ඇඳුම් ගලපන්න. ඒ වගේම හැම ඇඳුමක්ම තමන්ගෙ ඇ‍ඟේ ප්‍රමාණයට ගැලපෙන විදියට තෝරගන්න.
Pakistani-Top-Model-Imran-Abbas
ඇ‍ඟේ ප්‍රමාණයට වඩා විශාල ටීෂර්ට් සහ ෂර්ට් ඔබේ ඇ‍ඟේ හැඩය හංගනවා. බැගි ෂර්ට් ඇන්දෙ 90 ගණන් වල දැන් ඒව එච්චර ගනන් ගන්නෙ නෑ.
ඔබ කෙට්ටු නම් ඒ ගැන වද වෙන්න එපා. හැමෝම ලස්සනයි. ලොකු ඇඳුම් ඇන්ද කියල‍ ඔබ ලොකුවට පේන්නෙ නෑ.
එහෙමයි කියල කිටි කිටියට හිර ඇඳුම් ගන්නත් එපා. ටී ෂර්ට් හෝ ෂර්ට් වල, කර ළඟින් ගානට හරි ගිය තරමින් ඉතිරි ටික නිකන්ම හරියන්නෙ නෑ.
එක එක අයගෙ ශරීරයේ හැඩ පරිමාණ වෙනස් සමහරුන්ගෙ උරෙස් පළල් ඒත් ඉණ ටිකක් පොඩියි. තවත් සමහරුන්ගෙ බෙල්ල මහතයි. ඒ නිසා හැම තැනින්ම ගානට හරියන ඇඳුම් විතරක් තෝරගන්න.
නිතරම ටී ෂර්ට් සහ ෂර්ට් තෝරන විට උරහිස සහ අත අසල මැස්ම නිවැරද තැන තියනවද බලන්න. එම මැස්ම තියෙන්නෙ උරහිසෙන් ඉහල හෝ පහල නම් ඒ ඇඳුම ගැලපෙන්නෙ නැහැ.
ඔබේ උස අනුව ටී ෂර්ට් හෝ ෂර්ට් වල උස තෝරගන්න. විශේෂයෙන්ම ඕනෑවට වඩා උස ටී ෂර්ට් ඇන්දම ඒව නිතරම පිටිපස්සෙ පැටලෙනවා. මේක ටිකක් කරදරයක්. ටී ෂර්ට් එකේ උස, බෙල්ට් එකට ටිකක් පහලට වඩා යටට ගන්න එපා.
Stylish-Outfitter-Mens-Summer-Collection-Party-Dresses-For-Boys-he99.blogspot (1)
කලිසම් තෝරනකොට නිතරම ඉණ මනින්න. ඔබ ගන්නෙ ඩෙනිමක් නම් හරිගානට වඩා ටිකක් වැඩියෙන් ගත්තට කමක් නෑ. ගොඩක් ඩෙනිම් හෝදනකොට ටිකක් විතර පුංචි වෙනවා. ඉණ හරියටම තද කරගන්න බෙල්ට් එකක් පාවිච්චි කරන්න.
ඩෙනිමේ පිටිපස්ස ඕනෑවට වඩා බැගී තියන ඒව ගන්න එපා. ඒව ඇන්දම ඇ‍ඟේ හරි හැඩය එන්නෙ නෑ. ‍එහෙමයි කියල ඕනවට වඩා කිටි කිටියට හිර ඒව ගන්නත් එපා. අනාගතේ ආරක්ෂා කරගන්න.
ඒ වගේම කලිසම් වල උස ඉතා වැදගත්. ඩෙනිම් වල උස තෝරනකොට පහලින් ටිකක් රැළි තිබනට කමක් නෑ. ඒත් කලිසම් වල එහෙම රැළි තිබීම අවලස්සනයි.
සපත්තුවේ අඩිය අසල තමා කලිසමේ උස තිබිය යුත්තේ. තවත් දෙයක් කලිසම් වල කකුල දිග නම් නවන්න එපා. ටේලර් කෙනෙකුට කීයක් හරි දීල කකුල අඩු කරල මහගන්න.
ඕනෑවට වඩා වැඩි වැඩ දාන්න යන්නත් එපා. චාම් ඒත් පෙනුමක් එන විදියට ඇඳුම් තෝරගන්න. දීප්තිමත් වර්ණ වලට යන්න. සියල්ල ලා පාට හෝ සියල්ල තද පාට වලින් තේරීමෙන් වලකින්න.
spring-fashion-2013-men-casual-h8eufbb3
ඇඳුම් වල වර්ණ ගැලපීම ඉතාමත් වැදගත්. ඔබ තේරුවෙ ඩෙනිමක් නම් තනිපාටක ප්‍රින්ටඩ් ටී ෂර්ට් එකක් හොඳින් ගැපපෙනව. ලා පාට සහ තද පාටවල් එකිනෙක ගලපන්න. ඩෙනිම් කලිසමේ වැඩිය මෝස්තර නැත්නම් මෝස්තර වැඩිය තියන ෂර්ට් එකක් හෝ ටී ෂර්ට් එකක් තෝරගන්න.
අවසාන වශයෙන් හොඳ සපත්තු කුට්ටමක් සහ බෙල්ට් එකක් භාවිතා කරන්න.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.