Tuesday, January 27, 2015

බෙල්ට් එක දාන තැන හරියටම දන්නවද ?

by Api Nodanna Live  |  in Life at  11:39 PM

ගැහැණු ළමයින්ගේ ඇඳුම් පැළඳුම් වල විස්තර හැමදාම හැමතැනම කතා කරනවා. පිරිමි ළමයින්ගේ ඇඳුම් පැළඳුම් විලාසිතා ගැන කතා බහට ලක් වෙනවා බොහොම අඩුයිනේ.
ඒ නිසාම අපි අද හිතුවා පිරිමි ළමයින් ගැන ටිකක් කතා කරන්න.
ඔබේ පෙනුමට වැදගත් කමක් එකතු කරන්න වගේම ඒ මගින් ඔබට හොඳ පෞරුෂයක් ලබා දෙන්නටත් ඔබ අඳින පළඳින විදිය වැදගත්.
මේ කියන්නට යන්නේ කලිසමට දාන බෙල්ට් එක ගැන.
විවිධාකාරයේ බෙල්ට් වර්ග වෙළඳපොලේ තිබෙනවා. මේ අතරින් ඔබට ගැලපෙන බෙල්ට් එකක් තෝරාගන්න ඔයා දන්නවද?
මේ කරුණු ඔයාට වැදගත් වේවි.
ඔබ අඳින්නෙ කොට කලිසමක් නම් සැහැල්ලු, පළලින් අඩු බෙල්ට් එකක් තෝරගන්න. ඔබ අඳින්නෙ ඩෙනිම් කලිසමක් නම් පළලින් වැඩි සමහර විට ඔබ කැමති නම් බකල් එක ටිකක් විතර විශාල බෙල්ට් එකක් තෝරගන්න පුලුවන්.
beltcasual
ඒත් සාමාන්‍ය කාර්යාල හෝ වෙනත් වැදගත් ඇඳුම් සඳහා සාමාන්‍ය පළල සහිත බකල් එකේ ඒතරම් වැඩකෑලි නැති එකක් තෝරගන්න තරමට හොඳයි. විශේෂයෙන්ම කාර්යාල ඇදුම් සඳහා දිලිසෙන බෙල්ට් පැළඳීමෙන් ඔබේ පෙනුමට අමුතු වැදගත් පෙනුමක් ලැබෙනවා.
beltsmart (1)
එවගේම මේ බකල් වල හැඩය පවා වැදගත්. හතරැස් හැඩයෙන් යුත් බකල් සහිත බෙල්ට් වඩාත් පෙනුමක් තිබෙනවා.
ඊ ළඟ ප්‍රශ්නය බෙල්ට් එකේ දිග. මුලින්ම ඔබේ ඉනේ ප්‍රමාණය මැනගන්න. එක එක අය කලිසම් අඳින්නෙ එක එක තැන් වලට. සමහරු ඉණට, සමහරු බඩට. තවත් සමහරු ඉනෙන් පහලට. සාමානයෙන් කලිසම ඇඳිය යුත්තෙ ඔබේ පෙකනියේ සිට ඇඟිලි 3ක පළළ විතර පහලට මැන්නම තියන ප්‍රදේශයට.
මිනුම් පටියෙන් මැනල තියෙන්නෙ ඉණ. ඉතිං සමහරුන්ට මේක වෙනස් වෙන්න පුලුවන්. බෙල්ට් එකේ දිග, ඉණේ ප්‍රමාණයට තවත් අඟලක් එකතු කලාම කියන ප්‍රමාණයයි වෙන්නෙ.
බෙල්ට් එක පන්ච් කරන්න කලින් මේක හරියටම මැනගන්න. බෙල්ට් පන්ච් කරනකොට එක එක උල් වලින් අනින්න එපා. ඒ සඳහා විශේෂ අඩුවක්ම පාවිච්චි කරන්න.
ඊ ළඟට වර්ණය. නිතරම සපත්තුවේ වර්ණයට බෙල්ට් එකේ වර්ණය ගලපන්න. සපත්තුවේ වර්ණය දුඹුරු නම් බෙල්ට් එකත් දුඹුරු.
අවසාන වශයෙන් කලිසම ඇඳල ගෙදර ආවම බෙල්ට් එක ගලවල පැත්තකින් එල්ලල තියන්න. බෙල්ට් රෝල් කරන්න එපා. එහෙම කලාම මැහුම් ගැලවෙනවා.
ඒ වගේම මෙන්න මේ ටිකත් මතක තියාගන්න. ගොඩක් විශාල බකල් සහිත බෙල්ට් අඳින්න එපා ඒව හරියන්නෙ කව් බෝයිස්ලට.
සමහර බෙල්ට් හදල තියෙන්නෙ යකඩ වලින් ඉතිං ඉණ කියන්නෙ නිතරම දහඩිය දාන ප්‍රදේශයක් නිසා මේ යකට බෙල්ට් ඉක්මනටම නාස්ති වෙනවා.
ඒ විතරක් නෙමේ බෙල්ට් එකේ මලකඩ කලිසමෙත් ගෑවෙන්න පුලුවන්. ඒ නිසා ඒ වගේ බෙල්ට් එකක් පාවිච්චි කරනවානම් නිතර භාවිතයට නොගෙන ඉන්නවානම් හොඳයි.
ඒ වගේම බෙල්ට් නැතුව ෂර්ට් යටකරල කලිසම් අඳින්නම එපා. එහෙම ඇන්දම ඔබට ලැබෙන පෙනුම ඒ තරම් හොඳ නැහැ. බෙල්ට් එකක් නැතිව අඳිනවා නම් ෂර්ට් එක යට නොකර උඩින් දාල යන්න.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.