Sunday, January 18, 2015

අද දවස ඔබට කොහොමද? 2015-01-19

by Api Nodanna Live  |  in Astrology at  7:38 PM


මේෂ ලග්නය
අධ්‍යාපනයේ යෙදී සිටින දරුවන්ට යහපත් ප්‍රතිපල උදාකරයි. තරඟ විභාග වලින් ජය අත්වෙයි. රැකියා ස්ථානයේ සුහදතාව වර්ධනය වෙයි. ආර්ථිකයේ බිඳ වැටීම් පෙන්නුම්කරයි. ව්‍යාපාර පාඩු ලබන තත්වයක් ඇති නිසා මුදල් යෙදීමෙදි ප්‍රවේසම් වියයුතුයි. අවිවාහක අයගේ පැතුම් ඉටුවී යුග ජීවිතය සතුටින් ගතවෙයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.08.38 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

වෘෂභ ලග්නය
වෙළඳ ව්‍යාපාර වලින් වාසි අත් වෙන දවසක්. ගේදොර සාමය පවතී. රැකියා පරිසරය සුහදශීලී වෙයි. මුදල් පාලනය ප්‍රවේසම් වියයුතුයි. රැකියා කටයුතු වලට ඉතා යහපත් දිනයක්. නව අදායම් මාර්ග උදා වියහැක. දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. සමාජසේවා කටයුතු බහුල දිනක්. සමාජීය වශයෙන් පිළිගැනීම් හිමිවෙයි. විවාහ දිවිය සතුටින් ගත කරයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 09.11 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

මිථුන ලග්නය
අධ්‍යාපන කටයුතු වල නිරත දරුවන්ට යහපත් දවසක්. හිතවතුන් අතර ජනප්‍රිය පුද්ගලයෙකු වියහැක. අවිවාහක අයට මංගල යෝග උදාකරයි. යුගදිවිය සතුටින් ගතකල හැකි දිනයකි. ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබේ. විදෙස් ගමන් අපේක්ෂා කරන්නන්ට එම අපේක්ෂාවන් මුදුන් පත් කරගත හැකි දිනයකි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.09.11 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.
කටක ලග්නය
මෙතෙක් කලක් පමාවෙමින් පැවති රැකියා උසස්වීම් ලැබෙනු ඇත. වෙළඳ කටයුතු වලින් වාසි අත්වන දිනයක්. මව් පාර්ශවයේ ඥාතියෙකුට අපල ගෙන දිය හැක. නව නිවාස, ඉඩකඩම් මිලදීගැනීම් වලට සුභයි. නීතිමය ප්‍රශ්නයකට මැදිහත්විය හැක. ගෙදර දොර කටයුතු වලට යහපත්. සමගිය සාමය වර්ධනය වෙයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.06.16 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

සිංහ ලග්නය
විදෙස් ගමන් සාර්ථක වෙයි. ජීවිතය යහපත් අතකට වෙනස් වෙන කාලයක්. වෙළඳ කටයුතු වලින් වාසි අත්වන දිනයක්. දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. අවිවාහක අයට මංගල යෝග උදාකරයි. ගෘහ ජීවිතය යහපත් තත්වයකට පත් වෙයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.06.16 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

කන්‍යා ලග්නය
දවසේ ලැබීම් අතින් සාමාන්‍යයි. රැකියාවේ පසුබෑමක්. උත්සහයේ තරමට ප්‍රතිපල නැත. ආර්ථිකය සුභ නොවෙයි. අධ්‍යාපන කටයුතු හොදින් සිදු වෙයි. මුදල් ගනුදෙනු ඉතා පරිස්සමින් කලයුතුයි. හිස ආශ්‍රිත අසනීප වලින් ප්‍රවේසම් වන්න. ගෘහ ජීවිතය ප්‍රීතිමත්. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 09.11 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

තුලා ලග්නය
ආර්ථිකය යහපත්. අනපෙක්ෂිත මුදල් ලාභ අත්වෙයි. රැකියා උසස්වීම් ලැබෙයි. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ අත්වෙයි. සේවකයන්ගේ සහයෝගය වැඩිපුර ලැබෙයි. ආගමික කටයුතු සඳහා වෙහෙසෙයි. පවුලේ ප්‍රීතිය වැඩි වෙයි. රුධිරය ආශ්‍රිතව ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 08.38 යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

වෘශ්චික ලග්නය
වෙළඳ ව්‍යාපාර වලින් ලාභ අත්වෙයි. ධන වාසනාව වැඩි දවසක්. අද දවසේ රැකියා කටයුතුවලදී අභියෝග වැඩි දවසක්. සෙම් කෝපයෙන් ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. අවිවාහක අයගේ පැතුම් ඉටුවී යුග ජීවිතය සතුටින් ගතවෙයි. ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබේ. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.08.38 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

ධනු ලග්නය
අමතර ආදායම් මාර්ග උදාවෙයි. තරුණ තරුණියන්ට මංගල යෝග උදාකරයි. රැකියා උසස්වීම් ලැබෙයි. මිල මුදල් ලාභ අත්වෙයි. යුගදිවිය සාර්ථක ලෙස ගතවෙයි. සුළු නොසන්සුන් තත්වයක් ඇති වෙයි. මෙතෙක් ප්‍රමාද වූ කටයුත්තක් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ඉටු වෙයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 06.16 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

මකර ලග්නය
අවිවාහකයන්ට මංගල යෝග උදාවන දිනයකි. මිල මුදල් පාලනයේ දී වඩා පරිස්සම් වෙන්න. අනවශ්‍ය ගමන් බිමන් යෙදෙන දවසකි. සමීපතම අයගෙන් සිත් පීඩා ඇතිවිය හැක. මානසික තත්වය යහපත් ව පවත්වා ගැනීම සදහා ආගමික වතාවත් වලට මුල් තැන දෙම්න් දවස ආරම්භ කරන්න. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.08.38 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

කුම්භ ලග්නය
ඉතා යහපත් දවසක්. ඔබේ බලා පොරොත්තු මල්ඵල ගැන්වෙන ලකුණු උදාවෙයි. නමුත් අන්‍යන් සමග කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතුයි. හිත් පළුදුවීම් ඇතිවිය හැක. ව්‍යාපාර කටයුතු, මුල්‍ය කටයුතු වලින් වාසි අත්වන දිනයක්. විදේශ ගමන් සඳහා උනන්දු වන අයට සුභ ආරංචි ලැබේ. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 09.11 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

මීන ලග්නය
අද දවසේ රැකියා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා. දවසේ ලැබීම් වලට තරමක් බාධා පවතිනවා. සමාජසේවා කටයුතු බහුල දිනක්. සමාජීය වශයෙන් පිළිගැනීම් හිමිවෙයි. විවාහ දිවිය සතුටින් ගත කරයි. විදෙස් ගමන් අපේක්ෂා කරන්නන්ට එම අපේක්ෂාවන් මුදුන් පත් කරගත හැකි දිනයකි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 08.13 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.