Tuesday, January 27, 2015

මන්ත්‍රී දුමින්දගේ දේපළ රාජසන්තකයි?

by Api Nodanna Live  |  in Sri Lanka at  11:49 PM

කිසියම් පුද්ගලයෙකුගේ දේපළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇතැයි තහවුරු වුවහොත් එම දේපළ රාජසන්තක කළ හැකි බව පොලිසිය පවසනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ දේපළ ද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇතැයි තහවුරුවුවහොත් එම දේපළ රාජසන්තක කළ හැකියි. 
 
කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහොත් වෙලේසුදා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා අතර සමීප සම්බන්ධතා පැවතිී ඇතැයි පොලිස් විමර්ශනවලින් තහවුරු වී තිබෙනවා. ඔවුන් දෙදෙනා අතර මුදල් ගනුදෙනු ද සිදුව තිබෙනව බවයි පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ.
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ සියලූම බැංකු ගිණුම් පරික්‍ෂා කරන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා. ඒ අනුව මෙරට පිහිටි බැංකු සහ මූල්‍ය ආයතන 82ක ගිණුම් පරික්‍ෂා කිරීමට නියමිතයි. ඊට අමතරව ශ‍්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා වෙනත් රටවල පවත්වා ගෙන යන බැංකු ගිණුම් පිළිබඳව ද පරික්‍ෂා කරනු ඇති. 
 
මේ අතර සමන්ත කුමාර නොහොත් වෙලේසුදාගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඔහුට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පොලිස් මූලස්ථානයේදී ඊයේ මාධ්‍යවේදීන් ඇමතුවේ අදාල මෝටර් රථය ද එම ස්ථානයේ ගාල්කර තිබියදියි.
 
 
මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව මුදල් විශූද්ධිකරණයට අදාල වැරදි සම්බන්ධයෙන් ද සමන්ත කුමාර නොහොත් වෙලේසුදා චෝදනා ලැබ සිටිනවා. කිඹුලාඇලේ ගුණා නමැත්තෙකු සමග එක්ව ත‍්‍රස්ත කි‍්‍රයා සිදුකළ බවට ද ඔහු චෝදනාවට ලක්ව සිටින බවයි පොලිස් ප‍්‍රකාශකවරයා පැවසුවේ. ඒ අනුව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහු තවදුටරටත් රඳවා ගෙන සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

Related Posts

0 comments:

Proudly Powered by Blogger.