
ඉන්දීය – බංග්ලාදේශ දේශ සීමාව ආසන්නයේ පිහිටා ඇති ගම්මානයක විසූ 10 හැවිරිදි දියණියක් පණ පිටින් වළ දමා ඝාතනය කිරීමට තැත්කල පාපතර පියෙක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මොවුන් ජීවත් වී ඇත්තේ ඉන්දියාවේ ට්‍රිපුරා නම් ගම්මානයේය.
මෙම පියා දියණියගේ දෑත් බැඳ, කෑ ගැසීමට නොහැකි වන පරිදි මුඛය පටියකින් බැඳදමා නිවස පිටුපස වළක්ද හාරා එයට ඇයව දමා ඇත්තේ සිය බිරිඳ නිවසින් පිටතට ගොස් සිටි අවස්ථාවකයි.
කෙසේ නමුත් ඇයට දියණියව සම්පූර්ණයෙන්ම වළදැමීමට නොහැකිවී ඇති අතර පපු ප්‍රදේශය දක්වා පමණක් වළදමා ඇත.
පසුව මව පැමිණ දියණිය සොයා ඇති අතර ඇය නිවසේ නොවූ හෙයින් අසල්වැසියන්ද සමඟින් විපරම් කර බැලීමේදී වළදමා සිටි දියණියව සොයාගෙන ඇත. එහිදී ඇයව බේරාගෙන ඇති අතර දියණිය වළදැමූ පාපතර පියාට අසල්වැසියන් පහරදී පොලිසිය වෙත භාරදී ඇත.
පියා දියණියට ඇති අකමැත්ත මත මෙසේ වළදමා ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.


0 comments: