ඩෝං!! සුසන්තිකා හාල් ගරයි - මගේ කෙල්ල මැණික් ගරයි කිව්වලු! මචං, උඹලා දන්නවද? කෙළ වෙලා සොරි වෙලා අනාථ නාථ නන්නත්තාර වෙලා අශුද්ධ සන්ධානයක් වෙලා තිබුණ සමහර ලව් එකපාරටම දෙල් ෙදාෙදාල් වෙන තොල් තොෙ¼දාල් වෙන ලල් ඉගිල්ලෙන සුන්දර ආදර කතා බවට පත් වෙනවා. මේ විදියට බැලුවහම ලව් චින්තනයෙ අනාගත දැක්ම මොන වගේ වෙයිද කියලා කියන්න බෑ අපේ හාමුදුරුවනේ. මේ විදියට බලාගෙන ගියාම එක එක අය එක එක කතා කියනවා.
ඒකත් හරියට ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල වගේ. පයිතගරස් ප්‍රමේය, නිව්ටන්ගේ දෙවැනි නියමයෙන් බෙදලා, උඩුකුරු තෙරපුම් න්‍යායෙන් වැඩි කළහම එන උත්තරේට, කාමරයේ සිට වැසිකිළියට ඇති දුර එකතු කරගහම එන උත්තරේ වගේ. කැලණියෙන් එකක් කියනවා, කොළඹින් තව එකක් කියනවා. හුට්ටප්පර 2යි, චාටර් 784යි කිව්වලු!! පේරාදෙණිය, ජ'පුර, රුහුණ... මේ මොකක් හරි කැම්පස් එකකින් දැන් තවත් සමීක්‍ෂණයක් තියලා බලන්න ඕනෙ කොළඹ ද හරි කැලණියද හරි කියලා.
එතකොට ආදරණීය සහෝදරයා... පැඟිරි විසේ ඇවිස්සෙන විසේකාර පිස්සුව හැදුණාම පෙම්වතුන් සහ පෙම්වතියන් ගැන පූර්ව නිගමන දෙන්න බැරි තරමටම ලව් කියන සංකල්පය සංකීර්ණ වුණේ කොහොමද? ඒකට හේතු 89,407ක් විතර තියනවා. මචං... ලව් කරද්දී කෙල්ලොන්ට ඕනෙ දෙයක් තමයි අගය කිරීම් සහ වර්ණනා කියන්නෙ. තමන්ගේ කොල්ලා තමන්ට අසීමිත අගයකින් සලකයි කියලා කෙල්ලො බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන්ගෙ කොල්ලගෙන් වර්ණනා පැසසුම් වගේ දේවල් ලබන්නත් කෙල්ලෝ පට්ට ආසයි. ආච්චිට හාල් ගරන්මසාලා කිව්වලු!!!
මොනා වුණත් ලව් කරද්දී කෙල්ලට ඕනෙ අපමණ අගයක්. බොරුවට හරි කමක් නෑ... තමන්ගේ කොල්ලා තමන්ව වර්ණනා කරනවා නම්, තමන්ව අගය කරනවා නම් කෙල්ලොන්ට ඊට වඩා දෙයක් නෑ අපේ හාමුදුරුවනේ. එතකොට කෙල්ලොන්ගේ හදවතට විතරක් නෙවෙයි. උණ්ඩුකපුච්ඡයටත් සතුට දැනෙනවා. තමන්ගේ පෙම්වතා තමන්ව වර්ණනා කරන්නේ නැත්නම් අගය කරන්නෙ නැත්නම් බලෙන් හරි වර්ණනාවක්, අගය කිරීමක් කරවගන්න කෙල්ලො පෙලඹනවා.
ඒ කියන්නේ "අද මගේ කොණ්ඩෙ ලස්සනයිද" කියලා අහන්නෙ "අද මගේ කොණ්ඩෙ කැතයිද" කියලා අහනවා. පංකාදුයි හිත දෝදුයි කිව්වාලු! කෙල්ල එහෙම අහන්නේ අපිට කියලා වර්ණනා ලබා ගැනීමේ පරම චේතනාවෙන්. "අනේ නෑ ඩාලිං, අද ඔයාගේ කොණ්ඩෙ මාර ලස්සනයි" වගේ උත්තරයක් කොල්ලගේ කටින් ගන්න ඕන නිසා තමයි "අද මගේ කොණ්ඩෙ කැතයිද" කියලා කෙල්ලො අහන්නේ. ඒත් එතකොට අපි කිව්වොත් "ඔව් ඩාලිං... පට්ට කැතයි"කියලා කෙල්ලගේ ඇඟ ඇතුළේ හැංගිලා ඉන්න යක්ෂනිය බකස් ගලා එළියට පනිනවා. ඒත් ඒ යක්ෂාවේෂය අපිට පෙන්නන්නේ නෑ.
මම මේ කියන්නේ බොරුවක් නම් ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මට හෙණ ගහන්න ඕනෙ. ඒ නිසා කෙල්ල මොන විදියට ඇහුවත් කැතයි කියලා නම් කියන්න එපා රත්තරන් මල්ලියේ. "අද මගේ කොණ්ඩෙ කැතයිද කියලා කෙල්ල ඇහුවොත් උඹලට කියන්න තියෙන්නේ "ඔයාට පිස්සුද ඩාලිං... කවුද කිව්වෙ කැතයි කියලා... අද ඔයාගේ කොණ්ඩේ අමුතුම ගතියක් තියෙනවා. මාරම ලස්සනයි" වගේ දෙයක්. ඒත් බොරුව මාට්ටු වෙන විදියට අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න ගිහිල්ලා චාටර් වෙන්න නම් එපා.
මම කියපු විදියට කෙල්ලව වර්ණනා කළොත් උඹේ කෙල්ල උඹත් එක්ක මල පනින ප්‍රතිශතය ටිකක් අඩු වෙනවා. ඒ නිසා කෙල්ලොන්ට ඕන කරන අගය කිරීම් ඒ කෙල්ලොන්ට අපි ලබා දෙමු. එහෙම වුණාම කොල්ලයි කෙල්ලයි අතර මෛත්‍රි යුගයක් ඇති වෙනවා. ඒ නිසා කොල්ලනේ බොරුවට හරි කමක් නෑ... පදිරි 70යි කෙඳිරි 500යි කියලා හිටං කෙල්ලව වර්ණනා කරපං...
අඩුම තරමේ ඔයා අද හරි ලස්සනයි කියලවත් කියපං. මේ වගේ බොරුවක් කිව්වහම කාටවත් අයහපතක් වෙන්නෙ නෑනේ. ඒ නිසා අවුලක් නෑ. කෙල්ලෝ වෙලාවට අත දරුවෝ වගේ හෙණ මෝල් තමයි... ඒත් මොනා කරන්නද... තමන්ගේ පෙම්වතියව සතුටු කරන එක පෙම්වතුන්ගේ පාරම්පරික සහ ඓතිහාසික වගකීමක්. උඹේ කෙල්ල උඹ වෙනුවෙන් කරන පොඩි දෙයක් පවා අසීමිතව වර්ණනා කරන්න. කොන්දේසි විරහිතව අගයන්න. කෙල්ලට ඕනේ අපමණ අගයක්!!
ඒත් කොල්ලට ඕනෙ මෛත්‍රි විදියට කෙල්ලත් එක්ක ලව් කරගෙන ඉන්න. බොරු බයිලා... වර්ණනා. බොරු අගය කිරීම් කොල්ලොන්ට වැඩක් නෑ. කොල්ලට ඕනේ කෙල්ලත් එක්ක මෛත්‍රියෙන් යහපාලනයක් කරගෙන තමන්ගේ ලව් එක මෛත්‍රි යුගයක් කරා රැගෙන යන්න !! එහෙම කරන්න නම් කෙල්ලව වර්ණනා කරන්න සහ අගයන එක අනිවාර්යයෙන් කරන්න ඕනෙ. එහෙනම් අදට ඇති. අලුත් ජනාධිපතිවරයෙක් යටතේ හෝ පරණ ජනාධිපතිවරයාම යටතේ නැවත හමුවෙමු. ෂාරුක් ඛාන්ට ජය වේවා!
ලක්මිණ රණසිංහ
0 comments: