යමක් පෙන්වීම, අධිෂ්ඨානය දැක්වීම, ඉදිරිපත්වීම, අණ දීම, සැරදැමීම, ආදී සටන්කාමී ලක්ෂණ පෙන්වන නිසාම මේ ඇඟිල්ල දබර ඇඟිල්ල හෙවත් දබරඟිල්ල ලෙස නම් වී ඇත. දබරයට යන නිසාම නොව ශක්තිය දැක්වීම සඳහාද ඉදිරිපත්වීමේදී ඉදිරියට එන්නා මේ ඇඟිල්ලයි.
ගුරු මණ්ඩලයෙන් ආරම්භ වන මේ ඇඟිල්ල ශක්තිය, ධෛර්ය, බලය, ඍජු බව ආදී ගුණාංග රාශියකින් යුක්තය. කෙනකුගේ චිත්ත ශක්තිය පෙන්වන්නේද මේ ඇඟිල්ලයි.
මෙම ඇඟිල්ලේ නියපොත්ත සහිත පුරුක අනෙක් පුරුක් දෙකට වඩා මැනවින් වැඩී ඇත්නම් ඔහු දාර්ශනික ගති ඇති, මනා චින්තනයක් ඇති අනුන්ට අණ දීමේ ශක්තිය ඇති අණ දෙන්නෙකි. විධායකයෙකි.
ඔවුහු මනා හික්මීමකින් යුක්තය. නීතිගරුකය. මෙම ඇඟිල්ලේ පුරුක් තුනක් ඇති බව ඔබ දනී. මෙයින් මැද පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිගුනම් හොඳින් වැඩී ඇත්නම් ඔහු ගෞරවනීය පුද්ගලයෙකි.
තමන් අන්‍යයනට වඩා උසස් ලෙස සිතීමත්, ඒ අනුව කටයුතු කිරීමත් ඔවුන්ගේ සිරිතය. ඔහු ඒ තත්ත්වය රැකගන්නා පරිදි කටයුතු කරන මහත්මා ගතිවලින් යුත් උත්තම පුරුෂයෙකි.
මෙම ඇඟිල්ලේ අල්ල හා සම්බන්ධ වන අනෙක් පුරුක ඉහත කී පුරුක් දෙකට වඩා මනාව වැඩී ඇත්නම් ඔහු ලිංගික ජීවිතය ගැන අනෙක් දෙයට වඩා උනන්දුවක් දක්වන අයෙකි.
ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ඇඟිල්ල මනාව පරීක්ෂාකර බලන්න. ආඩම්බරයි, ශෘංගාරාත්මක හැඟීම් වැඩිය අන්‍යයන් අතර ඉහළින් ජීවත්වන්නට කැපී පෙනෙන උත්සාහ ගන්නා අයෙකි. ඒ නිසාම බොහෝ දේ අහිමි කරගනී.
දබරඟිල්ල මැද ඇඟිල්ල පමණට හෝ ඒ සමානව හෝ වැඩී ඇත්නම් ඔහු හෝ ඇය උසස්වීමේ අධික ආශාවක් ඇත්තෙකි. අන්‍යයන් අභිභවා නැඟී සිටීමට රුචියක් දක්වයි.
කලාතුරෙකින් සිදුවන සිදුවීමක් වන මෙම ඇඟිල්ල මැද ඇඟිල්ලට වඩා දිගුනම් ඔහු ඒකාධිපතියෙකි. බලකාමියෙකි. එහෙත් ඔහු ක්‍රියාශීලීය.
ඒ අතර දබර ඇඟිල්ල වෙද ඇඟිල්ලට වඩා කෙටි හා කුඩා නම් ඔහු ඇය කළ නොහැකි දේ ගැන සිතන සුරංගනා සිනහ මවන්නෙකි.
දබර ඇඟිල්ලේ තුඩ සිහින්ව උලක් මෙන් තිබේ නම් උද්‍යෝගිමත් අයෙකි. කියූ දේ ඒ ලෙසින්ම පිළිගැනීමට අකැමැතිය.
ගුරුගේ මණ්ඩලයෙන් ආරම්භ වන මේ ඇඟිල්ල ගුරුගේ ශක්තිය විදහාපාන්නකි. ඒ නිසා ගුරුගේ දෝෂ සඳහා මුදු පැලඳීමේදී මේ ඇඟිල්ලේ මුදු පැලඳීම ඉතාම සුබය.





































































































0 comments: