Tuesday, January 6, 2015

2015 වසරේ සුර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ නිසා ඔබට ඇතිවන බලපෑම

by Api Nodanna Live  |  in Life at  3:12 AM

2015 වර්ෂය උදාවන මොහොතේ පවතින තත්කාල ලග්නය බුධ හිමි කන්‍යා ලග්නයයි. ග්‍රහ පිහිටීම් අනුව යහපත් බව කිව හැකිය.
නමුත් තත්කාල ලග්නය පවතින මොහොතේ ජන්ම අෂ්ටම ඒරාෂ්ටක අපල කාලයක් පැවැතීම නම් එතරම් යහපත් නොවෙයි.
2015 වර්ෂය තුළ සූර්යග්‍රහණ 2ක්ද, චන්ද්‍රග්‍රහණ දෙකක්ද සිදුවෙයි. මාර්තු මස 20 වැනි දින සවස 03.17ට මීන රාශියේ උත්‍රපුටුප නැකැතේ පළමු පාදයේ පූර්ණ සූර්යග්‍රහණයක්ද අප්‍රේල් මාසයේ 4 වැනි දින සවස 05.32ට කන්‍යා රාශියේ හත නැකැතේ 3 වැනි පාදයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක්ද සැප්තැම්බර් මස 13 වැනි දින දවල් 12.25ට සිංහ රාශියේ පුවපල් නැකැතේ 4 පාදයේ අර්ධ සූර්යග්‍රහණයක්ද සිදුවෙයි.
එසේම සැප්තැම්බර් මස 28 වැනි දින උදේ 08.18ට මීන රාශියේ උත්‍රපුටුප නැකැතේ 3 පාදයේ පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවෙයි. 2015 වර්ෂය තුළ ග්‍රහ යුද්ධ කීපයක්ද යෙදී ඇත.
මෙම ග්‍රහ යුද්ධ හා සූර්ය හා චන්ද්‍ර ග්‍රහණ ගැන සැලකීමේදීත් සෙනසුරු, ගුරු රාහු වැනි ග්‍රහයන්ගේ ගෝචර ගමන අනුව අප රටට කෙසේ බලපාන්නේද යන්න විමසා බලමු. කෙසේ නමුත් මාර්තු මාසයේ ඇතිවන ග්‍රහ යුද්ධ සහ පූර්ණ සූර්ය ග්‍රහණය නිසා නොසිතන ආකාරයේ කාලගුණික දේශපාලන වෙනස් වීම් ඇති වෙයි. දැන් සුළං සහිත වර්ෂාව පවතින බැවින් ගංවතුර බිය නාය යෑම් බහුලව සිදුවෙයි. මුහුද ආශි්‍රත අයට මෙන්ම කඳුකරයටද මෙයින් දැඩි හානි සිදු වීමට ඉඩ ඇත.
එසේම ගුවන් අනතුරු මෙන්ම මුහුදු අනතුරු සිදුවීමේ ප්‍රවණතාවක්ද පවතී. මෙම කාලය තුළ කෘෂිකර්ම කටයුතුවලට හානි සිදුවන අතර, බෝවන රෝග උත්සන්න වීමක්ද ඇති වීමට ඉඩ ඇත. සතා සිවුපාවුන්ට මෙන්ම මෙම තත්ත්වයන් ගහකොළවලටද බලපානු ඇත.
මෙම තත්ත්වයන් අප්‍රේල් අවසානය දක්වා පැවැතියත්, ඉන්පසු සැප්තැම්බර් අවසානය දක්වා කාලය ඉතාමත්ම යහපත් කාලයක් බැව් කිව යුතුයි. මෙම කාලය තුළ රටේ ජනතාවට යහපත් කාලයක් උදාවෙන අතර, ආර්ථික මට්ටමද යහපත් වෙයි.
ගොවිතැන් කටයුතු සාර්ථක වීමත් සෑම අංශයකම නව පිබිදීමක් ඇති වීමත් සිදුවෙයි.
සැප්තැම්බර් මාසයෙන් පසු නොවැම්බර් අග දක්වා කාලය තුළ වර්ෂාවෙන් පීඩා ඇති වෙයි. ස්ත්‍රී දූෂණ, බාල අපචාර, සියදිවි නසා ගැනීම් පෙන්වයි.
කෙසේ නමුත් හොරුන්ට, ස්ත්‍රී දූෂකයන්ට මෙන්ම නීතියට පිටුපා කටයුතු කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් දීමට දැඩි නීති සම්පාදනයක් මෙම කාලය තුළ සිදුවෙයි.
වෙනදාට වඩා ආගමික ප්‍රබෝධයක් ඇතිවන අතර, ජනතාව අතර හොඳ සුහදතාවයක්ද ගොඩ නඟා ගැනීමට හැකිවේ. මේ තුළින් දුගී, දුප්පත් ජනතාවට සේවය කිරීම සඳහා සමිති සමාගම්වල එකමුතුවක්, ගම් මට්ටමින් ආරම්භ වෙයි. රජය මැදිහත් වීමෙන් මෙම සෑම ක්‍රියාදාමයන්ම සිදුවෙයි.
වැඩිහිටි අයට අසරණ අයට පිහිට වීමේ පුණ්‍ය ආයතන වැඩි වැඩියෙන් 2015 වර්ෂය තුළ ආරම්භ වන බව පෙන්වා දිය හැකිය.
ජාතීන් අතර හොඳ සුහදතාවයක් ඇතිවෙයි. මේ අනුව ඉතාමත්ම සාමකාමී රටක් ගොඩනඟා ගැනීමේ ආරම්භයක් 2015 වර්ෂය තුළ දැකිය හැකිය.
මෙහි මූලිකත්වය පූජ්‍ය පක්‍ෂය දරනු ඇත. ජාති, ආගම් භේදවලින් තොරව කටයුතු කිරීමට සෑම දෙනාම ඉදිරිපත් වීම අනිවාර්යයෙන්ම සිදුවෙයි.
අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ තරමත් ව්‍යාකූල තත්ත්වයක් වර්ෂ අවසානයේ ඇති වීමට ඉඩ ඇත. එසේ නමුත් උගතුන්, බුද්ධිමතුන්ගේ එකමුතුවක් තුළින් රටට අවශ්‍ය අධ්‍යාපන ක්‍රියාවලියක් මෙම කාලය තුළ බිහිවීම අනිවාර්යයෙන්ම සිදුවෙයි.
සෞඛ්‍ය අංශය ඇතුළු සෑම පුද්ගලික හා රාජ්‍ය අංශයකම වෙනස්කම් රැසක් සිදුවන අතර, කොටස් වෙළෙඳපොළේ කිසි දිනක නොවූ වර්ධනයක් ඇතිවෙයි. එසේම රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ මෙන්ම ගුවන් සේවාවලද වෙනස්කම් රැසක් සිදුවීමට ඉඩ ඇත.
මේ අනුව 2015 වර්ෂය තුළ රට වැසියන්ට යහපත් ප්‍රතිඵල ඇති කරන වර්ෂයක් බව සඳහන් කළ යුතුය. වෙනදාට වඩා උදේ‍යාගය වැඩි කරයි. සෑම දෙනාගේම බලාපොරොත්තු ඇති කරන බැවින් 2015 වර්ෂය සෑම අයකුටම වාසනාවන්ත වර්ෂයක් බව සඳහන් කළ යුතුමය.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.