Tuesday, January 20, 2015

අද දවස ඔබට කොහොමද? 2015-01-21

by Api Nodanna Live  |  in Astrology at  8:57 PM

මේෂ ලග්නය
අද දවසේ රැකියා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා. දවසේ ලැබීම් වලට තරමක් බාධා පවතිනවා. සමාජසේවා කටයුතු බහුල දිනක්. සමාජීය වශයෙන් පිළිගැනීම් හිමිවෙයි. විවාහ දිවිය සතුටින් ගත කරයි. විදෙස් ගමන් අපේක්ෂා කරන්නන්ට එම අපේක්ෂාවන් මුදුන් පත් කරගත හැකි දිනයකි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.08.13 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

වෘෂභ ලග්නය
අද දවස ඔබට වාසනාවන්ත දිනයක්. ආගමික කටයුතු සඳහා වෙහෙසෙයි. පවුලේ ප්‍රීතිය වැඩි වෙයි. ගෘහ ජීවිතය යහපත් තත්වයකට පත් වෙයි. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ අත්වෙයි. සේවකයන්ගේ සහයෝගය වැඩිපුර ලැබෙයි. අධ්‍යාපන කටයුතු හොදින් සිදු වෙයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.06.16 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

මිථුන ලග්නය
අවිවාහකයන්ට මංගල යෝග යෙදෙනවා. නිවසෙන් දුරබැහැරව විදේශගතව කරන රැකියා ව්‍යාපාර වලින් බොහෝ සාර්ථක විය හැකිය. සෙම් කෝපයෙන් ඇතිවන ලෙඩ රෝග වලින් ප්‍රවේසම් වන්න. පවුලේ සමගිය වැඩිවන සුබ දවසක්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.22 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

කටක ලග්නය
කෙටි ගමන් බිමන් බහුලව යෙදෙනවා. නිවසෙන් දුරබැහැරව විදේශගතව කරන රැකියා ව්‍යාපාර වලින් බොහෝ සාර්ථක විය හැකිය. අස්ථි සන්ධි වල අසනීප වලින් ප්‍රවේසම් වන්න. ලැබ්ම් අතින් යහපත්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.19 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න

සිංහ ලග්නය
මෙතෙක් නොතිබූ උද්යෝගයක් තම රැකියාව පිළිබඳ ඇති වියහැකි අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වැඩි ලාභ ලබාගත හැකි බව පෙනීයයි. වැදගත් කටයුතු කිහිපයක් ඉටුකර ගැනීමට හැකිවන අතර, ඉක්මන් තීරණවලට යොමුවිය හැකි දවසකි. ගෘහ ජීවිතයේ සැනසිලිදායක වාතාවරණයක් ගොඩනැගේ. රැකියා කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබේ.
කන්‍යා ලග්නය
අධ්‍යාපන ලිපි ලේඛණ කටයුතු වල නිරත අයට විශේෂ වාසි අත්වනවා. කෙටි ගමන් බිමන් බහුලව යෙදෙනවා. වියදම් වැඩි දවසක්‌. අස්ථි සන්ධි වල අසනීප වලින් ප්‍රවේසම් වන්න. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 09.36 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

තුලා ලග්නය
අධ්‍යාපන කටයුතු වල නිරත දරුවන්ට යහපත්. හිතවතුන් අතර ජනප්‍රිය පුද්ගලයෙකු වියහැක. අවිවාහක අයට මංගල යෝග උදාකරයි. යුගදිවිය සතුටින් ගතකල හැකි දිනයකි. ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබේ. විදෙස් ගමන් අපේක්ෂා කරන්නන්ට එම අපේක්ෂාවන් මුදුන් පත් කරගත හැකි දිනයකි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.10.11 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

වෘශ්චික ලග්නය
දවසේ ලැබීම් අතින් සාමාන්‍යයි. අද දවස ඔබට මිශ්‍ර ඵල සහිතයි. රැකියාවේ පසුබෑමක්. උත්සහයෙ තරමට ප්‍රතිපල නැත. ආර්ථිකය සුභ නොවෙයි. මුදල් ගනුදෙනු ඉතා පරිස්සමින් කලයුතුයි. හිස ආශ්‍රිත අසනීප වලින් ප්‍රවේසම් වන්න. ගෘහ ජීවිතය ප්‍රීතිමත්. සමගිය ,සාමය වර්ධනය වෙන දිනයකි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 08.46 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

ධනු ලග්නය
අධ්‍යාපන ලිපි ලේඛණ කටයුතු වල නිරත අයට විශේෂ වාසි අත්වනවා. ගේ දොර ඉඩකඩම් යාන වාහන විකිණීම් මිලදී ගැනීම් සඳහා සුබ දවසක්‌. වියදම් වැඩි දවසක්‌. අස්ථි සන්ධි වල අසනීප වලින් ප්‍රවේසම් වන්න. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 09.36 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

මකර ලග්නය
අවිවාහකයන්ට මංගල යෝග යෙදෙනවා. දුර බැහැර ඥාති හිත මිතුරන් ගෙන් උදව් උපකාර ලැබෙනවා. වියදම් වැඩි දවසක්ද වනවා. සෙම් කෝපයෙන් ඇතිවන ලෙඩ රෝග වලින් ප්‍රවේසම් වන්න. පවුලේ සමගිය වැඩිවන සුබ දවසක්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.22 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

කුම්භ ලග්නය
ඉතා යහපත් දවසක්. ඔබේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන ලකුණු උදාවෙයි. නමුත් අන්‍යන් සමග කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතුයි. හිත් පළුදුවීම් ඇතිවිය හැක. වියාපාර කටයුතු, මුල්‍ය කටයුතු වලින් වාසි අත්වන දිනයක්. විදේශ ගමන් සඳහා උනන්දු වන අයට සුභ ආරංචි ලැබේ. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 10 .11 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

මීන ලග්නය
අවිවාහකයන්ට මංගල යෝග උදාවන දිනයකි. මිල මුදල් පාලනයේ දී වඩා පරිස්සම් වෙන්න. අනවශ්‍ය ගමන් බිමන් යෙදෙන දවසකි. සමීපතම අයගෙන් සිත් පීඩා ඇතිවිය හැක. මානසික තත්වය යහපත් ව පවත්වා ගැනීම සදහා ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් දවස ආරම්භ කරන්න. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.07.18 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.