අද නැවතත් කථා කරන්න
යන්නේ ටිකක් පට්ට ගහපු කාරණයක්... නමුත් නැවත නැවතත් යම් යම් අදහස්
මතුවෙන් නිසා නොලියාම බැහැ කියලා හිතුනා.... ඇත්තටම මේ සඳහා මුල් උනේ අපේ
"නුතනයා".. නුතන මල්ලිගේ මුනු පොතේ පොස්ට් එකටද දාන්න ලටන් ගත්ත කමෙන්ටුව
පොස්ට් එකක් කරලාම ඉවර කරන්න හිතුනා.....
බොහෝ විට අපි ආකර්ෂණය පටලවා ගන්නවා ආදරය කියලා.... මේ ගැන මම ප්‍රේමය නම් රාගයෙන් තොර..? කියන පොස්ට් එකේදීත් කථා කලා....
අපි හොඳටම දන්නවා අපි තුල තියෙන්නේ ආකර්ෂණයක් කියලා... ඒක විවිධ හේතුන් මත වෙන්න පුලුවන්...
* මුදල්.. තත්වය...දේපල මත
* භාහිර ස්වරෑපය මත
* ජනප්‍රියත්වය සමාජ තත්වය මත
* ලිංගිකත්වය මත
මේ වගේ විවිධ හේතුන මත අපි එකිනෙකා කෙරෙහි වෙන ආකර්ෂණය, ආදරය කියලා පාට කොලේක ඔතලා පෙන්වනවා....
ආකර්ෂනය
හරහා තමයි ආදරය ඇතිවෙන්නේ..... මේ ටිකක් හිතලා බලන්න අපි ආදරය කරනවා
කියන්නේ මොකක්ද.... අපි කෙනෙක් ගෙන් ඇහැව්වොත් තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා
එහෙමත් නැත්නම් ස්වාමියා හා බිරිඳ තමන්ට ආදරේ කරන්නේ කොහොමද....?
එහෙමත් නැත්නම් අපි කෙනෙක්ගෙන ඇහැව්වොත් මොක්ක්ද ආදරය කියන්නේ කියලා ඔය තර්කයේ අවසානය වෙන්නේ යම් යම් ක්‍රියාකාරකම් සමුහයක්.. එකිනෙකා වෙනුවෙන් කරන... උදාහරණයක් විදියට....
*එකිනෙකාගේ හිත් සතුටින් තියනවා...උදා - එයා කැමති විදියට ඉන්නවා.... එයා අකැමැති දේ කරන්නේ නැහැ.....
* එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්නවා උදා - ලෙඩකදි දුකකදී.. එහෙමත් නැත්නම් වෙන ප්‍රශ්ණයකදී...
* ඇහුම්කන් දෙනවා... උදා - එයාට ප්‍රශ්ණයක ආවාම ලඟ ඉඳගෙන උදව් කරනවා.... දුකක් නම් බෙදාගන්නවා... ශක්තියක් වෙනවා....
* ලිංගික වශයෙන් එකිනෙකා ගේ අවශ්‍යතාවයන් ඉෂ්ධ කරනවා.....
එහෙමත් නැත්නම් අපි කෙනෙක්ගෙන ඇහැව්වොත් මොක්ක්ද ආදරය කියන්නේ කියලා ඔය තර්කයේ අවසානය වෙන්නේ යම් යම් ක්‍රියාකාරකම් සමුහයක්.. එකිනෙකා වෙනුවෙන් කරන... උදාහරණයක් විදියට....
*එකිනෙකාගේ හිත් සතුටින් තියනවා...උදා - එයා කැමති විදියට ඉන්නවා.... එයා අකැමැති දේ කරන්නේ නැහැ.....
* එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්නවා උදා - ලෙඩකදි දුකකදී.. එහෙමත් නැත්නම් වෙන ප්‍රශ්ණයකදී...
* ඇහුම්කන් දෙනවා... උදා - එයාට ප්‍රශ්ණයක ආවාම ලඟ ඉඳගෙන උදව් කරනවා.... දුකක් නම් බෙදාගන්නවා... ශක්තියක් වෙනවා....
* ලිංගික වශයෙන් එකිනෙකා ගේ අවශ්‍යතාවයන් ඉෂ්ධ කරනවා.....
මේ වගේ බොහෝ දේ අපිට ලැයිතුගත කරන්න පුලුවන්....මේ හැම දෙයක්ම කරන්නේ ආදරය නිසා කියලා අපි කියනවා... ආදරයි නිසා අපි මේවා කරනවා කිව්වට ආදරය කරන්නේ හෝ ආදරය දැනෙන්නේ කොහොමද කියන කාරනාව ගැන කථා කරනකොටත් කියන්නේ මේ වගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ආදරය දැනෙනවා කියන එක...
ඒ කියන්නේ ආදරය යනු එකිනෙකාගේ අවශ්‍යතා මත සිදුවන්නා වු ක්‍රියාකාරකම් සුමුහයක් ද ත් කියලා හිතෙනවා....සමහර අවස්ථාවලදී මම අත්දැකලා තියනවා කාන්තාවන් විවිධ ආකාරයෙන් මේක විග්‍රහ කරන්න උත්සහා කරන .. කාරනා විදියට ගත්තොත් ඔවුන් පිරිමියෙක් කෙරෙහි ආකර්ෂණය වෙන හේතුන් කීපයක් තියනවා... නමුත් ඒ අදහස් සියල්ලේ හරය පොදු අදහසක් විදියට හැඟෙන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන පිරිමියෙක් විසින් කරනු බලන්නා වු විවිධ වු ක්‍රියාවලින් සමුහයක් මගින් කාන්තාව ඔහුට ආකර්ෂනය වෙනවාය කියන එක..... මම කියන්නේ නැහැ පිරිමියා එහෙම නැහැ කියලා....
මේ
හැම දේම ක්‍රියාකාරකම්... තනි තනිව ගත්තත් පොදුවේ ගත්තත් කෙනෙක් තමන්
වෙනුවෙන් ඉන්නවා කියන හැඟීම ඇතකරන ක්‍රියාකාරකම්... එතකොට කෝ ආදරේ.....
ගැහැණිය
හා පිරිමියා ආකර්ෂණය (ආදරය) වඩාත් වැඩිම කාලය තමයි පෙම්වතුන් විදියට ගෙවන
අවදිය... මේ කාලයේ දී විවිධාකාරයෙන් තම තමන් කෙරෙහි පවතින්නා වු ආකර්ෂණය
වැඩි කරන ක්‍රමවේයන් අනුගමනය කරන්න පෙළඹෙනවා..... තම තමන්ගේ ගති පැවතුම්
වෙනස් කරමින්... වෙනස්ම චරිත මවාපාමින්... තම තමත් ඉදිරියේ පාරිශුද්ධත්වය
පෙන්නමින් දෙන්නාට දෙන්නා රවට්ට ගන්නවා... ඒ වගේම පිරිමියා බලන්නේ ලද හැම
අවස්ථාවකම කාන්තාව තෘප්තිමත් කරන්න.... ඒ සඳහා විවිධ උපක්‍රම අනුගමනය
කරනවා.. විශේෂයෙන්ම බටහිර තරුණිය සාපේක්ෂව ලාංකික තරුණිය පුර්ව ලිංගික
අත්දැකීම් වලින් අඩු මට්ටමක ඉන්නේ... මුල් කාලේ සුළු ස්පර්ශයක් පවා ඇය යම්
වින්ඳනයක් ලබනවා...
හොඳට හිතලා බලන්න මේ කාලේ
ඉඩක් ලැබෙන හැම අවස්ථාවකම බලන්නේ මොන විදියට හරි "පුට්ටු" වෙලා ඉන්න...
පාරේ යන්නේ අත්බැඳගෙන... වම් අත කරට දාගෙන එක්කෝ ඉන වටේ පටලෝගෙන.. අනිත්
අත් දෙකේ ඇඟිලි පටලෝගෙන..... පන්සලේ පල්ලියේ ආදී කිසිම තැනක් නැතිව ඉඩක්
ලැබෙන හැම අවස්ථාවකට සිපගැනීම්.. වැළඳ ගැනීම් අඩුවක් නැහැ....කාලේ තමයි
කොල්ලා දන්න වැඩ කෑලි ඔක්කොම දාලා කෙල්ලව අල්ලගන්නේ..මේ කාලේ කොල්ලෙක් හැම
තිස්සේම ඉන්නේ කෙල්ල තමන්ව දාලා යයි කියලා....
මම ලියපු නිදියහනේ නැහැ සහනේ කියන පොස්ට් එක කියවපු කෙනෙක් මගේ මෙහෙම ප්‍රශ්ණ කීපයක් අහලා තිබුනා.....
* ආදරේ නැතිව ලිංගික වශයෙන් එක්වෙන්න පුලුවන්ද...?
ආදරේට
විතරක් ප්‍රානවත් වෙන්නේ මේ ලොකේ මිනිස්සු සල්ලි දීලා බඩු ගහන එක්ක නැහැ.
මේ ලොකේ ගණිකාවෝ ඉන්න එකකුත් නැහැ. ගෑණු වෙන මිනිස්සු පස්සේ යන එකකුත්
නැහැ. මිනිස්සු හොර ගෑණු පස්සේ යන එකතුත් නැහැ.... ස්ත්‍රී දූෂණ වෙන එකකුත්
නැහැ.... තාත්තලා නැති ලමයි හම්බෙන එකකුත් නැහැ... අම්මලා ඉපිදිච්ච ගමන්
දරුවන්ම මරලා දාන එකකුත් නැහැ... ඔය කියන්න පුලුවන් හොඳ තේරෙන විදියට
කිව්වේ...මේක තමයි ලෝක ස්වාභවය...තේරුම් ගන්න.
ඇගේ දෙවනි ප්‍රශ්නේ උනේ....
ඇගේ දෙවනි ප්‍රශ්නේ උනේ....
* එහෙනම් මොන දේකට ද කසාද බදින්නේ....අපි අපිව රවටන් බොරු කරන්නෙ ඇයි.. ඇයි විවාහ නොවී දෙන්නට එකට ජීවත් වෙන්න බැරි...?
0 comments: