Saturday, January 17, 2015

ඉන්දියාවේ කෙල්ලන්ගේ ලස්සන වීමේ රහස මෙන්න (අතිශයින්ම කාන්තාවන්ට පමණයි)

by Api Nodanna Live  |  in Life at  4:15 AM

ලස්සන වෙන්න පැහැපත් වෙන්න දාස් ගණන් වියදම් කරලා එක එක වර්ගයේ ක්‍රීම් ගැන අපේ යුවතියන්ට ආයුර්වේදයේ එන සත්කාර ක්‍රම ගැන ටිකක් කියලා දෙන්න Life අපි හිතුවා.
අපි හුගක්‌ දෙනා ඉතා පහසු දේ වන ක්‍රීම් වර්ගවලට යොමු වෙලා තිඛෙනවා. ඇත්තටම අපට ඉතාම පහසු දෙයක්‌ තමා ක්‍රීම් වර්ග. ඒත් වියදමත් එක්ක බැලුවම ලැබෙන ප්‍රතිපල ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන්ද කියන එක පොඩ්ඩක් හිතන්න ඕන දෙයක්.
ඒ වගේමයි සමහර කෘත්‍රිම දේවල් නිසා ඇති වන අසාත්මිකතා. මේ හැමදේටම හොඳම විසඳුම තමයි ආයුර්වේදයේ එන ස්වාභාවික පිළියම්.
රුව ලස්‌සන වීම මෑතක සිට වන දෙයක්‌ නොවෙයි. ඈත අතීතයේ සිටම කාන්තාවන් දේශීය ශාක සාර උපයෝගී කරගෙන රුව රැක ගත්තා.
ඒ වගේම මෙය පැවත එන්නෙ අපට ආසන්නතම රට වන ඉන්දියාවෙන්. ඉන්දියානු කාන්තාවන් බොහෝ විට කෘත්‍රිම ආලේපනවලට වඩා ස්‌වභාවික දේවලට මුල් තැනක්‌ දී තිඛෙනවා.
ඉන්දියාවේ උතුරේ හා දකුණේ වෙසෙන කාන්තාවන් අනුගමනය, කරන ඉතාම වැදගත් සත්කාරයක්‌ තමා කිසිම වියදමක්‌ නොමැතිව හිස පිරිසිදු කිරීම සඳහා කරනු ලබන සත්කාරය.
මෙම සත්කාරය නිසා අප ලස්‌සන වෙනවා. ඒත් මෙම සත්කාරය කළ යුත්තේ අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිතීමෙන් පසුවයි. සෙම් රෝග පීනස්‌ රෝග, නොමැති අයෙකු පමණයි මෙම සත්කාරය කළ යුත්තේ.
අනෙක තමා මෙම සත්කාරය උදේ වරුවක කරනවා නම් වඩාත් හොඳයි.
කොහොමද මේ සත්කාරය කරගන්නේ ?
මුලින්ම කොහොඹ කොළ ස්‌වල්පයක්‌ අඹරා ගන්න. අම්බ්‍රාගන්නට කලින් කොළ හොඳින් සෝදා ගන්න අමතක කරන්න එපා.
මෙයට කස්‌තුරි කහ ස්‌වල්පයක්‌ හා ගොඩපර නානු සමග එකතු කර හොදින් හිස්‌ කබලෙහි ආලේප කරන්න.
විනාඩි 20 ක්‌ පමණ වේලාවක්‌ තබන්න.
මේ අතර ඇගිලි තුඩුවලින් හිස්‌ කබල සම්බාහනය කරන්න. ඉන් අනතුරුව හිස සෝදන්න.
කොහොඹ කොළ පමණක්‌ නොව අතු, ඉති, මල්, ගෙඩි හා පොතු පවා සම පැහැපත් වීමට උපකාරී වෙනවා.
කොහොඹ අප රටේ මෙන්ම ඉන්දියාවේද ඉතාම සුලභව හැදෙන ගසක්‌ නිසා මෙම සත්කාරය සාදා ගැනීමට පහසුවෙනවා.
කහ එකතු කරගනු ලබනුයේ විෂබීජ නසන දෙයක්‌ හැටියටයි.
කස්‌තුරි කහ නොමැති නම් අමු කහ අඹරා ගත හැකියි. මෙහි ඇති වැදගත්කම ඔබ දන්නවා ඇති.
ඉන්දියානු කාන්තාවන් බොහෝ විට හිසට පමණක්‌ නොවෙයි කොහොඹ සහ කහ මිශ්‍රණය මුළු සිරුරටම ආලේප කරනවා.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.